සංගා - මාලිංග දශකයේ කණ්ඩායම් වලට ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරග සඳහා දශකයේ කණ්ඩායම් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (27 වැනිදා) නිවේදනය කරන ලදි. ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර සහ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වත්මන් නායක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද දශකයේ කණ්ඩායම් වලට තෝරාගනු ලැබ සිටිති. 27 December 2020
ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනයට කින්නියාවේදී විරෝධයක් කොවිඩ් -19 ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනය නොකර භූමිදානය කිරීමට ඉඩකඩ ලබාදෙන ලෙස බලකරන උද්ඝෝෂණයක් අද (27) කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණි. 27 December 2020
සිනමා ශාලා විවෘත කරන්න අවසර එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට දිවයිනේ සියලු සිනමා ශාලා සෞඛ්‍ය උපදෙස්වලට අනුව විවෘත කිරීමට අවසර ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ. 27 December 2020
ආසාදිතයන් 650 ක් සුවය ලැබූවත් 7000 කට වැඩි පිරිසක් රෝහලේ කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 650ක් සුවය ලබා අද(27) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 27 December 2020
කොළඹ ගම් 5 ක් - පොලිස් වසම් 2 ක් හෙට සිට නිදහස් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වලින් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමටත්,තවත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කිරීමට මෙන්ම අලුතින් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටත් රජය පියවර ගෙන තිබේ. 27 December 2020
අකීකරු වන අලියා පොලිස් වෙඩි පහරන් මරුට මුස්ලිම් නෙලුගොල්ලාකඩ ගම්මානයට අද (27)දින කඩා වැදුණ වන අලියෙකු පලවා හැරිමට නොහැකි විම නිසා පොලිස් නිලධාරින් තැබු වෙඩි පහරකින් එම වන අලියා මිය ගොස් තිබේ. 27 December 2020
ඇහැලියගොඩ - ගොඩකවෙල ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කරයි ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරිමට පියවර ගත් බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 27 December 2020
එක්සත් රාජධානියේ මිලියන ගණනකට දැඩි සීමා ඉතා වේගයෙන් පැතිරෙනවා යැයි සැක කෙරෙන ‘කොවිඩ්-19’ වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියේ මිලියන ගණනක ජනතාවට සිට දැඩි සීමාවලට මුහුණ දීමට සිදුව ඇත. 27 December 2020
ගාල්ලේ මළ ගෙදරක ගිය තිදෙකුට කොරෝනා ගාල්ල, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උක්වත්ත ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ තිදෙනෙක් මේ වනවිට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 27 December 2020
වව්නියාව රෝහලේ වෛද්‍යවරු 5 ක් ඇතුළු කාර්යමණ්ඩලය නිරෝධායනයට වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) සිට නිරෝධායනයට යොමුකළ බව වවුනියාව සෞඛ්‍ය අංශ කියයි. 27 December 2020
ගාල්ලේ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් හෙට (28 ) සිට සිය රාජකාරී වලින් බැහැරව ගැනීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මණ්ඩල ද සොයිසා මහතා පැවසීය. 27 December 2020
ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොරෝනා රෝගීන් 9 ක් ගාල්ලේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් 09 දෙනකු වාර්තාවී ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය අංශය පවසයි. 27 December 2020
උතුරුමැද ප්‍රධාන අමාත්‍යංශයේ ගිණුම් අංශය තාවකාලිකව වහයි උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සේවය කළ නිලධාරිනියකට කොරෝනා ආසාදිතව ඇති බවට තහවුරු විම නිසා අද (27)වැනි දින සිට ගිණුම් අංශය තවකාලිකව වසා දැමිට පියවර ගෙන ඇත. 27 December 2020
වව්නිවයාවේ ජනඋදාන ගම්මානයකට සංචරණ සීමා වව්නියාව පෙපරියඋළුක්කුලම් ජනඋදා ගම්මානයට සංචරණ සීමා පනවා තිබේ. 27 December 2020
කෝටි 12ක කහ තොගයක් කළමැටිය වරායෙන් පටවද්දී අල්ලයි නීතිවිරෝධීව මෙරටට ගෙන එනු ලැබූ රුපියල් කෝටි 12 ක පමණ වටිනා කමකින් යුක්ත කහ තොගයක් හුංගම කළමැටිය ධීවර වරායේදී අද(27) අලුයම කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සිය බාරයට ගෙන තිබේ. 27 December 2020
ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හෙට(28) සිට සිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි. 27 December 2020
දකුණේ කොරෝනා ආසාදිතයන් 835ට නගී දකුණු පළාතෙන් අලුතෙන් හමුවු කොරෝනා ආසාදිතයින් 43 සමග මේවන විට දකුණු පළාතේ මුලු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසීය. 27 December 2020
අදත් කොරෝනා මරණයක් අද (26)එක් කොරෝනා මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. 26 December 2020
ඉපැරණි බුදු පිළිමයක ශීර්ෂය අතුරුදන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ බුදු මැඳුරේ තැන්පත්කර තිබූ ඉපැරණි බුදු පිළිමයක සිරස්පත සොරකම්කර ඇතිබවට අද(26) පැමිණිලි ලැබී ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 26 December 2020
අද ආසාදිතයින් 593යි අද (26) වන විට පෑලියගොඩ කොරෝනා පොකුරෙන් ආශ්‍රිතයින් 448කටද, බන්ධනාගාර කොරෝනා පොකුරෙන් ආශ්‍රිතයින් 52 කටද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. . 26 December 2020
අයිස් සමග අයෙක් අත්අඩංගුවට පල්ලම මදවක්කුලම ප්‍රදේශයේ නිවසක සගවා තිබු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එක් පුද්ගලයෙකු අද (26) පස්වරුවෙ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 December 2020
වැලිකන්ද කොරෝනා රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙක් ලෙඩවෙති පොලොන්නරුව, වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට අද(26) තහවුරු වී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කලේය. 26 December 2020
මළසිරුරු ශීතාගාරවල තැබීම කොරෝනා වයිරසය ගබඩා කරතැබීම හා සමානයි කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුර ඇසුරින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති. 26 December 2020
තවත් කොවිඩ්-19 මරණයක් කොරෝනා ආසාදිත තවත් රෝගීයකු අද (25) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 26 December 2020
අද කොරෝනා ආසාදිතයන් 551 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (25) පස්වරු 8.45 වනවිට එක්වූ ආසාදිතයන් 90 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 551 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 25 December 2020
වනාතවිල්ලුවේ මිය ගිය පක්ෂීන්ගේ කොටස් රජයේ රස පරීක්ෂකට විල්පත්තුව ජාතික වන උද්‍යාන ප්‍රේරක කාලප මායිමේ පිහිටි රාල්මඩුව කුඹුරු යායක් තුල කුඩා පක්ෂීන් සිය ගණනක් හදිසියේ මරණයට පත් වීමේ සිද්ධියට අදාළව රජයේ රස පරීක්ෂකවරයාට හා වනජීවි පශු වෛද්‍ය ඒකකයට පක්ෂීන්ගේ කොටස් යැවීමට කටයුතු කරන බව පුත්තලම වනජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි. 25 December 2020
රජිනිකාන්ත් රෝහල්ගත කෙරේ හදිසියේ ඇති වූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවක් ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත් මහතා රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 25 December 2020
වටවල ඇඟලුම් කම්හලක සේවකයන් 28කට කොරෝනා හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක අද(25) උදෑසන සිට කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදි සේවක සේවිකාවන් 28 දෙනෙකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත. 25 December 2020
ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය එපායි කියා කළුතර මුස්ලිම් ජනයා විරෝධතාවක කොවිඩ් වයිරසය නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ ආදාහනය කිරීම නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් බිඳ වැටෙන බවත් සංස්කෘතියට හානි වන බවත් එමගින් මෙතුවක් කල් පැවති සිංහල මුස්ලිම් සංහිඳියාව බිඳ වැටීමට හැකි බවත් ලෝකයේ රටවල් 182ක භූමිදානය සඳහා අවසර දී ඇති බවත් අද (25) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වෙමින් කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජානතාව කීහ. 25 December 2020
නිධානයකින් ගත්තායැයි කී භාණ්ඩ ව්‍යාජ ඒවා වීමෙන් හෘදයාබාධයක් වැළඳී මරුට නිධානයකින් ලබාගත්තැයි කියන භාණ්ඩ කිහිපයක් රුපියල් ලක්ෂ 5කට මිලදීගත් පුද්ගලයකු ඒම භාණ්ඩ ව්‍යාජ යැයි දැනගත් පසු ඇති වූ කම්පනයෙන් මියගියේ යැයි කියමින් ඔහුගේ මව පැමිණිලි කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. 25 December 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026