අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයෙන් විරෝධතාවක් අපරාධ නීතියේ කොටසක් වන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක් ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරුන් විසින් අද (30) කොළඹදී පැවති විශේෂ රැස්වීමකදී සම්මත කරගෙන තිබේ. 30 December 2020
අද දිනයේදී ආසාදිතයන් 636 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (30) පස්වරු 8.30 වනවිට එක්වූ ආසාදිතයන් 282 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 636 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 30 December 2020
ආසාදිතයන් සියයට 80 කට වඩා සුවයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 698 දෙනෙකු සුවය ලබා අද (30) දිනයේදී පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 December 2020
රත්නපුර රෝහලේ වාට්ටුවක් වසා දමයි රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවක රෝගීන් 9 දෙනකුට එම වාට්ටුවේ සේවය කල කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකුටත් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගත් පසුව එම පිරිස අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඔවුන් සිටි වාට්ටුව වසා දැමූ බව රෝහල් ආරංච් මාර්ග පවසයි. 30 December 2020
කොස්ගම හුදකලා බවින් නිදහස් කරයි හුදකලා ප්‍රදේශයක් බවට නම් කර තිබූ කොස්ගම පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කර තිබේ. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි. 30 December 2020
පාර්ලිමේන්තුව යළිත් මාධ්‍යයයට විවෘත කරයි පාර්ලිමේන්තු රැස්වීම් මාධ්‍යයට ආවරණය කිරිම සදහා එක් මාධ්‍ය ආයතනයකින් මාධ්යවේදීන්දෙදෙනෙකුට අවසර ලබා දිමට තිරණය කළ බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) සදහන් කළේය. 30 December 2020
කොරෝනා වැළදී මිය ගිය අයකුගේ සිරුරක් දින 25 ක් තිස්සේ හෝමාගම රෝහලේ කොරෝනා වයිරසය වැළඳී මිය ගිය භාරකරුවෙකු නොමැති පුද්ගලයකුගේ මළ සිරුරක් ,දින 25 ක් තිස්සේ , හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි. 30 December 2020
අනුරාධපුරයේදී ගුරු උද්ඝෝෂණයක් උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල සනීපාරක්ෂාව තහවුරු කිරිම ඇතුළු ඉල්ලිම් තුනක් මුල්කර ගනිමින් උත්තර පත්‍ර ඇගයිමේ නිරත ගුරුවරුන් පිරිසක් අද (30)දින අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක නිරතවුණි. 30 December 2020
යුක්රේනයෙන් ආ සංචාරකයන් තිදෙනකුට කොරෝනා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් පිරිසෙන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියයි. 30 December 2020
බස්නාහිරින් පිටව යාමට සැරසුණු 11 දෙනකුට කොරෝනා බස්නාහිර පළාතෙන් පිටව යන මගීන් සඳහාඅද (30) සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත වූවන් එකොළොස් දෙනකු හඳුනා ගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 30 December 2020
අපරාධකරුවන් නිරීක්ෂණය සඳහා නවීන තාක්ෂණය යොදාගන්න යයි අපරාධකරුවන් නිරීක්ෂණය කිරීම සඳහා විදේශ රටවල මෙන් නවීන තාක්ෂණ විධි ක්‍රම භාවිතය පිළිබඳ සොයා බලන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලීසියේ ඉහළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. 30 December 2020
යාපනයට නව නගරාධිපතිවරයෙක් යාපනය මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (30) වැඩි ඡන්දයෙන් තේරී පත්විය. 30 December 2020
විහාරස්ථාන එකමුතුවෙන් රතන සූත්‍රය 108 වරක් අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාලය හරහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා බෞද්ධයින් එකමුතු කරමින් රතන සූත්‍රය 108 වරක් දේශනා කිරීමේ මහා පුන්‍යෝත්සවයක් ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඉකුත් 27 වැනිදා ඇමෙරිකාවේදී පැවැත්විණි. 30 December 2020
රත්නපුර රෝහලේ වෛද්‍ය-හෙද-සුළු සේවක-රෝගීන් 14කට කොරෝනා රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට, හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට, සුළු සේවක කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සහ කෝවිඞ් ආසාදිත බවට සැකකරන රෝගින් රඳවා ඇති වාට්ටුවේ රෝගීන් නව දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරු වී ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අද(30) පැවසුවේය. 30 December 2020
නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ නිකරුණේ රඳවාගෙනැයි උපවාසයක පසුගිය දෙැසැම්බර් මස 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් නිකරැනේ නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ රදවාගෙන සිටීමට ගන්නා උත්සාහයට විරෝධය පළකරමින් එම පිරිසේ 12 දෙනෙක් ඊයේ (29) රාත්‍රියේ සිට නිහාරව උපාවාසයක යෙදී සිටිති. 30 December 2020
නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 20,900ක් ගිනි තබයි නීතිවිරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද, හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය බාරයට ගනු ලැබූ කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අලුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළදි ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය. 30 December 2020
දකුණේ ආසාදිතයන් ගණන 1000ට කිට්ටු කරයි දකුණු පළාතෙන් පසුගිය පැය 24 තුළ අලුතින් කොරෝනා රෝගීන් 56 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරුමධ්යස්ථානය කියයි. ඒ අනුව මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ ගොස් තිබේ. 30 December 2020
ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව සමුගනී මෙරට සිටින වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන මාතාව අද රාත්‍රියේ කළුතර නාගොඩ රෝහලේ දී මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය. 29 December 2020
තවත් කොරෝනා ආසාදිත මරණයක් කොරෝනා ආසාදිත තවත් රෝගීයකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (29) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 December 2020
හිම වැසි මැද එංගලන්ත පිලේ පුහුණුවීම් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එංගලන්ත කණ්ඩායම හිම වැසි මැදත් සිය පුහුණුවීම් කරගෙන යයි. මේ වනවිට එංගලන්තයේ හිම පතනය ආරම්භ වී ඇති නමුත් ක්‍රීඩාංගණයක මැද තණතීරු වටකරමින් උණුසුම් කූඩාරම් තනාගෙන එංගලන්ත කණ්ඩායම පුහුණුවීම් වල යෙදෙමින් සිටී. 29 December 2020
කොරෝනා වසංගතය පාලනය වන අතට ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වූ කොරෝනා දෙවැනි රැල්ල පසුගිය 14 වැනිදා එහි උපරිම අගයට ළඟා වීමෙන් පසුව මේ වන විට තරමක් දුරට පාලනය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියෙන් (http://www.epid.gov.lk/web/index.php?lang=en) පෙන්නුම් කරයි. එම වෙබ් අඩවයේ මේ වන විටත් පෙන්නුම් කරනු ලබන දත්ත අනුව වසංගතය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමේ බරපතළම අවධිය වී ඇත්තේ දෙසැම්බර් මස දෙවැනි සතියයි. 29 December 2020
මාවනැල්ල නගරයට හමුදාව - පොලිසිය කැඳවයි මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි විදුරුවකට හානිවී ඇතැයි කියන සිදුවීමක් හේතුවෙන් මාවනැල්ල නගරයට මේ වන විට පොලිස් විශේෂකාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත. 29 December 2020
ඒකල කර්මාන්ත ශාලාවක 39 දෙනකුට කොවිඩ් ඒකල කර්මාන්ත ශාලාවක කරනු ලැබූ පී සී ආර් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා කීවේය. 29 December 2020
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය වැළදුණ ආසාදිතයින් 6 ක් ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යයෙන් මුල්වරට හඳුනාගත් කොවිඩ් - 19 වයිරසයෙහි නව ප්‍රභේදය වැළඳුනු රෝගීන් හය දෙනකු ඉන්දියාවෙන් හමුවී තිබේ. 29 December 2020
අනුර මනතුංග නව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ධුරයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත. 29 December 2020
දකුණේ කොරෝනා ආසාදිතයන් 883යි දකුණු පළාතෙන් ඊයේ (28) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 883ක් දක්වා ඉහළ ගොස් තිබේ. 29 December 2020
තවත් කොරෝනා මරණ 3 ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් තිදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 28 December 2020
හිමිනමක් දුම්රියක හැපී අපවත් වෙති මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව කහව ප්‍රදේශයේදී අද (28) රාත්රියේදී භික්ෂූන්වහන්සේ නමක් දුම්රියක හැපී අපවත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. 28 December 2020
අද කොරෝනා ආසාදිතයන් 530 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (28) පස්වරු 9.45 වනවිට එක්වූ ආසාදිතයන් 164 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 530 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 28 December 2020
කෑගල්ලේ උපකාරක පන්ති ආරම්භ කිරිමට පියවර සෞඛ්‍ය සේවාවන් ලබා දෙන උපදෙස් හා නිර්දේශයන් මත 50% සිමාව මත කෑගල්ල දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය. 28 December 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026