අපරාධ නඩු ගොනු 23,645 ක උපදේශන කටයුතු අවසන් අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු වලින් අනතුරුව නීතීපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් පසුගිය මාස 18ක කාලය තුළදී ගොනු 23,645 ක උපදේශන කටයුතු අවසන් කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිරාශා ජයරත්න මෙනවිය අද (26) දැනුම් දුන්නාය. 26 August 2020
’වෙලේ සුදා’ගෙන් විස්කි බෝතල් ගත් ජේලර්ට එරෙහිව විනය පරීක්ෂණයක් බූස්ස බන්ධනාගාරයේ මරණ දඬුවම ලැබ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’වෙලේ සුදා’ නමැත්තාගෙන් විස්කි බෝතල් 100ක් ලබාගත් බව කියන එම බන්ධනාගාරයේ ජේලර්වරයකුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 26 August 2020
වීරකැටියේදී නමගිය අපරාධකරුවකු අත්අඩංගුවට ටී - 56 ගිනි අවියක්, මැගසිනයක්, ජීව පතුරොම් 30ක් සහ හෙරොයින් මත්කුඩු සමඟ දිවයිනේ විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි කියන අයකු අද (26) වීරකැටියේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති. 26 August 2020
කඳුකර දිවියෙක් කම්කරු කාන්තාවන් වෙත කඩා පනී බගවන්තලාව පොලිස් වසමට අයත් ‘කිවු’ තේ වත්තේදී, වැඩ කරමින් සිටි කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට අද (26) දිවියෙකු කඩාවැදීම හේතුවෙන් එම කාන්තාවන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. 26 August 2020
‘දුම්රිය-බස් රථ ගාස්තු වැඩිකිරීමේ සූදානමක් නැහැ’ දුම්රිය හෝ බස්රථ ගාස්තු වැඩිකිරීමේ කිසිදු සූදානමක් නැතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකාදීපයට පැවසීය. 26 August 2020
ලිංගික අල්ලස් ගැනීමට තැත් කළ උප පොලිස් පරීක්ෂක දැලේ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත්කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද(26) හොරණ වගවත්ත හෝටලයකදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 26 August 2020
පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවයි කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුරු අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. 26 August 2020
ප්‍රතිජීවක ඖෂධ නොගැනීම නිසා රත්නපුරේ මී උණ ව්‍යාප්තවෙලා කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ, මී උණ සඳහා වන ප්‍රතිජීවක ඖෂධ නොගෙන පුරන් කුඹුරු අස්වැද්දීමට ජනතාව වැඩි පිරිසක් යොමු වීම හේතුවෙන්, රත්නපුර දිස්ත්‍රික්කයට මී උණ රෝගය විශාල බලපෑමක් කරමින් පවතින බව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසීය. 26 August 2020
සේරුවිල නිකිණි මහා පුණ්‍යෝත්සවය අද සිට අනූහය වසරකට පෙර ඓතිහාසික සේරුවිල මංගල මහා චෙත්‍යය රාජයාණන් වහන්සේ උදෙසා ඇරඹි ශ්‍රීමත් ලලාඨ ධාතු පූජා නිකිණි මහා පුජෝත්සවය අද (26) සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 26 August 2020
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආරක්ෂක කවුන්සිලය දිනපතාම රැස්වුණා ඉකුත් 2019 පෙබරවාරි මාසයෙන් පසු පාස්කු ඉරුදින ප්‍රහාරය වන තෙක් නොකැඳ වූ ආරක්ෂක කවුන්සිලය එම ප්‍රහාරයෙන් පසු දිනපතා රැස්වන තත්ත්වයක් මතු වූයේ යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙරේදා (24) පැවසීය. 26 August 2020
ලක්ෂ 6 ක කේරල ගංජා සමඟ පාතාල සාමාජිකයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 6 කට ආසන්න කේරල ගංජා , සුඛෝපභෝගී මෝටර් රථයක් හා වෑන් රථයක් සමඟ පාතාල සාමාජිකයකු වැල්ලම්පිටිය නිවසක දී අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 26 August 2020
මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටසේ වැඩ ඇරඹෙයි අවුරුදු පහක් තිස්සේ වැඩ ආරම්භ නොකර අතර මග නැවතී තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ වැඩ කඩිනමින් ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 26 August 2020
කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අඹතලේ ප්‍රදේශයේ නිවසක සගවා තිබූ කෝටි 42 කට අධික හොරෙයින් මත්කුඩු, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 26 August 2020
කාන්තා රැඳවියන්ගේ දරුවන් 46 ක් නිදහස් කිරීමට සලකා බලයි විවිධ අපරාධ සම්බන්ධයෙන් සිරගතව සිටින කාන්තා රැඳවියන්ගේ බාල වයස්කාර දරුවන් 46දෙනෙකු නිදහස් කිරීමට සලකා බැලීම සඳහා සකස් කළ සවිස්තර වාර්තාවක් අද හෙටම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන බව රාජ්‍ය ඇමැතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට අද(26) පැවසුවාය. 26 August 2020
ඇෆ්ගන් කොමාන්ඩෝ භටයන්ට තලේබාන් ප්‍රහාරයක් තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් 41 දෙනෙක් තුවාල ලැබූහ. 26 August 2020
යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරීහු විරෝධතාවක යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක සේවයේ නිරතවන නිලධාරීහු අද (26) සිය සේවා කටයුතුවලින් ඉවත්ව විශ්වවිද්‍යාලය තුළ විරෝධතාවක නිරත වූහ. 26 August 2020
ජාතික පාසල් 132 ක විදුහල්පති පුරප්පාඩු ජාතික පාසල් 132ක විදුහල්පති පුරප්පාඩු තවමත් සම්පූර්ණ කර නැතැයි වාර්තා වේ. ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉකුත් ආණ්ඩු සමයේ අයැදුම්පත් කැඳවා තිබූ අතර මේ වසරේ මුලදී ඒ සඳහා සම්මුඛ පරීක්ෂණද පවත්වා පාසල් 170 කට නව විදුහල්පතිවරුන් පත්කෙරිණි. 26 August 2020
ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමේ කාලය දීර්ඝ කෙරේ දිවයින පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමේ වැඩපිළිවෙළ සඳහා තොරතුරු එවීමට ලබාදී තිබු කාලය සැප්තැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. 26 August 2020
සහරාන්ගෙන් රටට සිදුවන විපත්තිය 2015 දී සිටම කීවා සහ්රාන් හෂීම් මේ සමාජයෙන් ඉවත් නොකළහොත් මෙවැනි විනාශයක් සිදුවේයැයි මා 2015 වර්ෂයේ සිටම රජයේ ප්‍රධානීන් දැනුවත් කර සිටියා යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) ප්‍රකාශ කළේය. 26 August 2020
මවගේ පැමිණිල්ල මත වළදැමූ බිළිඳාගේ සිරුර ගොඩගැනීමට නියෝග අලුත උපන් තම බිළිඳා මරණයට පත් වුණේ වෛද්‍ය කණ්ඩායම විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බවට කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා නැවත ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (26) නියෝග කළේය. 26 August 2020
වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව දෙසැම්බරයට කල්යයි කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මවුවරුන් පිරිසකට සැත්කම් සිදු කිරීම සහ අසීමිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ හිටපු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතාට එරෙහිව පවරා ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (26 ) විභාගයට ගනු ලැබීය. 26 August 2020
හෙරොයින් ජාවාරම්කළ බන්ධනාගාර නියාමක ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අයෙකු සමඟ සබඳතා පවත්වමින් හෙරොයින් ජාවාරම සිදු කළ බව කියන මහර බන්ධනාගාර නියාමකවරයෙක්, ගුවන් හමුදා මූලස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩල සේවකයෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ අද (26) අත්අඩංගුවට ගෙන ඇත. 26 August 2020
තලවාකැලේ - ඩයගම මාර්ගය වසා දැමේ තලවකැලේ- ඩයගම මාර්ගයේ මනරාසිය නගරය අසල පාලමේ සිදු කරනු ලබන අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතු සඳහා අද (26) සිට ලබන 31 දින දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 26 August 2020
කිලිනොච්චියේ ගොවිතැන්වලට ජලය සපයන්න යුද හමුදාවේ සහය මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටින කිලිනොච්චියේ ගොවීන්ගේ ගොවිතැන්වලට ජලය රැගෙන යන ඇළ මාර්ග පිළිසකර කිරීමට යුද හමුදාවේද සහය ලබා දීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත. 26 August 2020
කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි පාතාල සාමාජිකයකු වන කෙසෙල්වත්ත දිනුක නැමැත්තාගේ, ගෝලයකුගේ සමීපතමයෙක් කේරළ ගංජා, අයිස්, හෙරොයින් සමඟ උස්වැටකෙයියාවේදී අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. 26 August 2020
අනතුරු වැළැක්වීම පොලිසියට තනියම බෑ එක දිනක් තුළ සිදුවූ මාරක රිය අනතුරු හතරකින් නවදෙනකු මියගොස් තවත් දසදෙනකු බරපතළ තුවාල ලැබීම අප රටේ සියලුදෙනාම කම්පනයට පත්කළ පුවතක් බවට පත්ව තිබේ. පසුගිය 22 වැනිදා සිදුවූ එකී අනතුරුවලින් මියගිය පිරිස අතර විදුලි අධිකාරීවරු දෙදෙනෙක් ද වයස අවුරුදු 12ක පාසල් දරුවෙක් ද වෙති. 26 August 2020
ජනාධිපති කොමිසමේ සාමාජිකයෝ හිටපු ජනපති සොයා ගෙදරට යති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජනාධිපති කොමිසමේ නිලධාරීහු පිරිසක් ඒ මහතා පදිංචි කොළඹ පිහිටි නිවසට පැමිණියහ. 26 August 2020
ලක්ෂ 10 මත්කුඩු සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10කට ආසන්න මත්කුඩු සමඟ අඹු සැමි යුවළක් පිලියන්දල සුවාරපොල නිවසක දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය. 26 August 2020
අප්‍රිකාව පෝලියෝවෙන් නිදහස් අප්‍රිකානු මහද්වීපය පෝලියෝ වයිරසයෙන් නිදහස් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (25) නිවේදනය කළේය. 25 August 2020
මත් මුද්දර 150 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට උපකාරක පංති සිසුන්ට අලෙවි කිරීම සඳහා ගෙන යමින් තිබූ මත් මුද්දර 150 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයින් දෙදෙනෙකු අද (25) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. 25 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026