(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15 කින් වත් ඉහළ දමන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කරයි.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෙටි දුර ධාවනය වන බස් රථයක් සඳහා දිනකට රුපියල් 700 ක මුදලකුත් දිගු දුර ධාවනය කරන බස් රථයක් සඳහා දිනකට රුපියල් 1200 කුත් වැයවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
මෙයට අමතරව සේවා ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ද පසුගිය දිනවල සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අනෙකුත් බස් සංගම් සමගද සාකච්ඡා සිදු කර ඇති බවත් පැවසූ ඒ මහතා සිය ස්ථාවරය ප්‍රවාහන බලධාරීන් වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වවන් කෑවා.. දැන් සැපද? කෝටි 7600ක් එන්නත් වලට විතරක් කොහොමද කොරෝනා ගේම් එක ගහපු අයගේ ටිකිරි මොලේ...
බස් ගාස්තුව 15%කින් වැඩි කරන්න.. අපිට පඩිය 30%කින් වැඩිකරන්න. ඕක අපේ සර්ට මොන කජ්ජක්ද?
ඉස්සර කාලේ ඉන්ධන මිල රුපියල් තුනකින් වැඩි කලාය කියලා බර කරත්තවල, පරණ බයිසිකල්වල පාර්ලිමේන්තු යන්න ගිහින් ලොකු කලබලයක් ඇතිකරපු මහත්තුරු දැන් කොහෙද දන්නේ නෑ ඉන්නේ නේද? ඒ වැඩේ ආයෙත් සැරයක් කරන්න දැන් හොඳ වෙලාව... මේ සැරේ කරත්තවලට ඇත්තම හරක් වෙනුවට එදා පෙළපාලි ගිය කට්ටියගෙන් දෙතුන් දෙනෙක් බඳින්නයි තියෙන්නේ...
කොන්දොස්තර හා රියදුරු මාටියා ගහන මුදලුත් මගියා ගෙවන්න ඕනෑද?