IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බස් ගාස්තුව සියයට 15කන් වැඩි කරන්නැයි ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15 කින් වත් ඉහළ දමන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කරයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෙටි දුර ධාවනය වන බස් රථයක් සඳහා දිනකට රුපියල් 700 ක මුදලකුත් දිගු දුර ධාවනය කරන බස් රථයක් සඳහා දිනකට රුපියල් 1200 කුත් වැයවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

මෙයට අමතරව සේවා ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ද පසුගිය දිනවල සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අනෙකුත් බස් සංගම් සමගද සාකච්ඡා සිදු කර ඇති බවත් පැවසූ ඒ මහතා සිය ස්ථාවරය ප්‍රවාහන බලධාරීන් වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.

 



අදහස් (6)

බස් ගාස්තුව සියයට 15කන් වැඩි කරන්නැයි ඉල්ලයි

Sri Lanka Sunday, 13 June 2021 12:59 PM

කොරෝනා වවන් කෑවා.. දැන් සැපද? කෝටි 7600ක් එන්නත් වලට විතරක් කොහොමද කොරෝනා ගේම් එක ගහපු අයගේ ටිකිරි මොලේ...

:       1       17

මුණසිංහ Sunday, 13 June 2021 04:21 PM

කෝටි 7600ක් වියදම් වීම ගැන දොස් කියන්න බැහැ. ඇත්තටම වවන් කෑවේ අතර මැදි වෙළෙන්දන්....

:       82       0

kamal Sunday, 13 June 2021 02:08 PM

බස් ගාස්තුව 15%කින් වැඩි කරන්න.. අපිට පඩිය 30%කින් වැඩිකරන්න. ඕක අපේ සර්ට මොන කජ්ජක්ද?

:       0       16

siri Sunday, 13 June 2021 02:15 PM

ඉස්සර කාලේ ඉන්ධන මිල රුපියල් තුනකින් වැඩි කලාය කියලා බර කරත්තවල, පරණ බයිසිකල්වල පාර්ලිමේන්තු යන්න ගිහින් ලොකු කලබලයක් ඇතිකරපු මහත්තුරු දැන් කොහෙද දන්නේ නෑ ඉන්නේ නේද? ඒ වැඩේ ආයෙත් සැරයක් කරන්න දැන් හොඳ වෙලාව... මේ සැරේ කරත්තවලට ඇත්තම හරක් වෙනුවට එදා පෙළපාලි ගිය කට්ටියගෙන් දෙතුන් දෙනෙක් බඳින්නයි තියෙන්නේ...

:       0       104

aseSunday, 13 June 2021 04:11 PM

අමතක වුණාද 69 ලක්ෂය?

:       2       46

Chandana Sunday, 13 June 2021 03:26 PM

කොන්දොස්තර හා රියදුරු මාටියා ගහන මුදලුත් මගියා ගෙවන්න ඕනෑද?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site