නවසීලන්ත වෙඩික්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී ඉස්ලාම් බැතිමතුන් 51 දෙනකු ඝාතනය කළ පුද්ගලයාටල එරට අධිකරණයක් අද (27) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. 27 August 2020
ගොවියා රැකීමේ ක්‍රියාවලිය හැම අතින්ම පුළුල් කරවමු ආනයනික අර්තාපල් සඳහා අය කෙරෙන රුපියල් පනහක බද්ද රුපියල් පහකින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ඒ අනුව ආනයනික අර්තාපල් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 55 ක් වන බවත් දේශීය අර්තාපල් ගොවීන් රැක ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 27 August 2020
විවාහ වියහැකි වයස අවු: 18 තෙක් වැඩි කරන්න මෙරටේ විවාහ විය හැකි වයස අවුරුදු 18 දක්වා වැඩි කරන්නැයි යෝජනා කෙරෙන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට පාර්ලිමේන්තුවේදී ඊයේ (26) බාරදෙනු ලැබීය. 27 August 2020
මා එජාපයේ නැහැයි කීම විහිළුවක් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරයට සමුදුන් වහාම එනම් 2020 අගෝස්තු 21 දින එක්සත් ජාතික පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය සඳහා අයැදුම් කර 2020 වසර සඳහා සාමාජිකත්වය ලබා තිබෙන බව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 27 August 2020
ඉන්දියාවෙන් කේරළ ගංජා ගෙන්වන මහ ජාවාරමා කොටුවෙයි ඉන්දියාවේ සිට මෙරටට මහා පරිමාණයෙන් කේරළ ගංජා ගෙන ඒමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරගත් සුරාබදු මත්ද්‍රව්‍ය ඒකකය මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු රුපියල් කෝටි දෙකකට ආසන්න වෙළෙඳ වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 60ක් ද සමග වත්තල ප්‍රදේශයේදී ඊයේ (26) අත්අඩංගුවට ගත්තේය. 27 August 2020
බලධාරීන්ට දුන් බුද්ධි වාර්තා 347කට වෙච්ච දෙයක් නෑ රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා වශයෙන් තමා සහ්රාන් හෂීම් සම්බන්ධයෙන් 2015 සිට බුද්ධි වාර්තා 347ක් ඉහළ නිලධාරීන්ට යොමු කළත් ඊට අදාළව ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පෙරේදා (25) ප්‍රකාශ කළේය. 27 August 2020
මාතලේ මහ නගරාධිපතිගේ සේවය තාවකාලිකව අත්හිටුවයි මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ මහතා විසින් තාවකාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති අතර නගරාධිපති පිළිබද විමර්ශනයට විශ්‍රාමලත් අධිකරණ නිලධාරිනි සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කර තිබේ. 27 August 2020
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරි මාස හතරක වියදම් වෙනුවෙන් මුදල් වෙන්කරගැනීමේ අතුරු සම්මත ගිණුම අග්‍රමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 27 August 2020
පළමු වසර පාසල් නිල ඇඳුම් තිලිණපත් වලංගු කාලය දීර්ඝ කරයි රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වසර සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිලිණ පත්වල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 27 August 2020
අඩි 100ක් උස සල් ගසකට නැගුණු කතක් උපවාසයක බලන්ගොඩ දියඉන්න ප්‍රදේශයේ කාන්තාවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100 ක් පමණ උස සල් ගසකට නැගී අද (27) උපවාසයක් ආරම්භ කළාය. 27 August 2020
‘යල් පැනගිය පුරාවිද්‍යා පණත වහා සංශෝධනය කළයුතුයි’ යල් පැනගිය පුරාවිද්‍යා පනත වහාම කඩිනමින් සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇතැයි සියම් මහා නිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගලභිධාන මහ නා හිමියෝ අවධාරණය කරති. 27 August 2020
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එක මංතීරුවක් වැසෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සහ කඩවත අතර ප්‍රදේශයේදී යුද හමුදා ජීප් රථයක් සහ තවත් ජිප් රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 26 August 2020
විදුලිය බිඳවැටී ඇත්තේ විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් දිවයිනපුරා ඉකුත් 17 වැනිදා විදුලිය බිඳවැටීම කෙරවලපිටිය උප බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරීවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් ඇති වූවක් බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් පෙන්වා දී ඇත. 26 August 2020
‘‘උපායමාර්ගිකව - ආරක්ෂාවේදී ඉන්දියාවට මුල්තැන දී කටයුතු කරනවා‘‘ ශ්‍රී ලංකාව ‘‘මධ්‍යස්ථ’’ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එසේ නමුත් උපායමාර්ගික සහ ආරක්ෂක කරුණුවලදී ‘‘ඉන්දියාවට මුල්තැන’’ දී කටයුතු කරන බවත් විදේශ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. 26 August 2020
ලිංගික අල්ලස් ඉල්ලූ උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ් කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත් චාමනී විජයබණ්ඩාර මහත්මිය අද (26) නියෝග කළාය. 26 August 2020
කැලණිවැලි දුම්රිය මාර්ගයට නව දුම්රියක් කැලණිවැලි දුම්රිය මාර්ගය සඳහා නව කාර්යාල දුම්රියක් යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකාදිපයට පැවසීය. 26 August 2020
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි කොරෝනා ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (26) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2984 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. 26 August 2020
මත්කුඩු ජාලයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට දුම්බර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින කාන්තා රැඳවියන් මෙහෙයවන හොරොයින් මත්කුඩු ජාලයකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 26 August 2020
ඉතාලියේදී සිදුවූ අනතුරකින් ලාංකිකයෙකු ජීවිතක්ෂයට ඉතාලියේ නාපෝලි නගරයේ මරානෝ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී. 26 August 2020
සැකකරුගේ සිරුර අභ්‍යන්තරයේ හෙරොයින් පල්ලන්සේන බන්ධනාගාරයට කඩුවෙල අධිකරණයේ සිට රැගෙන ආ සැකකරුවෙකුගේ ශරීරයේ සඟවා තිබූ හොරොයින් ග්‍රෑම් 9 ක් සොයා ගැනීමට හැකිවූ බව එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට අද (26) පැවසීය. 26 August 2020
මත්ද්‍රව්‍ය ජාවාරමට සිව්දෙනෙක් අත්අඩංගුවට ගනිති කොම්පඤ්ඤවීදීය පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද වැටලීම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය , මුදල් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 26 August 2020
සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමැතිකමක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාට පැවරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 26 August 2020
බාල වයස්කාර දැරියකට හදි කර පලාගිය තරුණයා අත්අඩංගුවට බස් රථයක දී 15 හැවිරිදි දැරියක මිතුරු කරගෙන, ඇය රවටා කැඳවාගෙන ගොස් අපහරණය කර ඇයව ගැබිනියක කළ තරුණයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 26 August 2020
අන්තර්ජාතික ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 3ක් අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඩ් 2020 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් ලෝකඩ පදක්කම් තුනක් සහ සම්මාන සහතිකයක් හිමිකරගෙන ඇත. 26 August 2020
මාලදිවයිනේ හිටපු ජනපතිටත් කොරෝනා මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි ඇතැයි නිව්ස් එයිටීන් පුවත්සේවය අද (26) වාර්තා කළේය. 26 August 2020
තවත් තිදෙනෙක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 3දෙනෙකු සුවය ලබා අද(26) පිටව ගිය බව වාර්තාවක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 26 August 2020
දේශීය පළමු පෙළ වැඩිම ලකුණු වාර්තාව චන්දිමාල්ට ශ්‍රී ලංකාවේ දේශීය පළමු පෙළ තරගාවලියේදී පිතිකරුවකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට ටෙස්ට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් අද (26 වැනිදා) සමත් විය. සැරසන්ස් පිලට එරෙහිව කටුනායකදී පැවැති පළමු පෙළ තරගයකදී චන්දිමාල් මෙම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය. 26 August 2020
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ 26,500 ක් ආපසු එති කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලෝකයේ රටවල් 105 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 26,500 වැඩි පිරිසක් මේ වනවිට මෙරටට ගෙන්වාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය. 26 August 2020
පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට යාපනය පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරි සති දෙක ඇතුළතදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. 26 August 2020
පාම් ඔයිල් කර්මාන්තකරුවෝ ජනපතිට ලියති කටුපොල් පැල 356,000 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් තවාන්වල ඇති අතර ඒවා වසර තුනකටත් අධික කාලයක් තවාන්වල මෝරමින් ඇති බැවින් එම ප්‍රමාණය වැවීමට අවසර දෙන මෙන් පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 26 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026