(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා අද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ සිද්ධියට අදාළව වගකීම් පැහැර හැරිම සම්බන්ධයෙන් මෙම සැකකරු මේ වන විට කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවැසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ලෙඩක් දාගන්න වගේ හදන්නෙ, ඔව කරන්නෙ ගැලරිය සතුටු කරන්න, දෛනිකව කැස්බො, ඩොල්ෆින් ල මැරෙන නිසා මොකුත් නොකර බැරි නිසා.
ගිනිගන්න නෞකාව අපේ මුහුදු සීමාවට එන්න අවසර දුන්නේ කවුද? එහෙම නම් වරායේ අැමැති හරි වෙන බලධාරියෙක් හරි අත්අඩංගුවට ගන්න. කපිතාන් විතරක් මදි. තව අවුරුදු 5 කට වත් අපේ සාගර සම්පතට කරපු මහා විනාශයට මේ අය සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ. දැන් මේ නිකම් අත හෝදගෙන පැත්තකට වෙන්නයි හදන්නේ. මහා විශාල කැස්බෑවන් හැමදාම මැරි මැරි ගොඩ ගහනවා.මේක මහා සාපයක් රටට. කවුද වගකියන්නේ?
මෙයත් ගම්මන්පිල වගේ කියයිද දන්නේ නැහැ..
දැන් හරි කැප්ටන් අත්අඩංගුවට ගත්තනේ... හෙට ඉඳලා අපේ මුහුද සුද්ද වෙලා තිබුණු තත්වයට පත්වෙනවා..! අනිත් කරුණ තමයි, වන්දියක් ගන්න අරමුණින්, ආණ්ඩුවේ කවුරුන් හෝ බලවතෙක් දැන දැන නැව ගිනි ගන්න ඉඩ දුන්නා විය හැක.. එසේනම් එය පොර්ට් සිටිය චීනාට දුන්නාට වඩා සාතිශය අපරාධයකි... සිදු වූ පරිසර හානිය වන්දියකින් මිල කළ නොහැක..! - අනිත් අතට, එයින් පැහැදිලි වන්නේ ආණ්ඩුව ඕනෑම අශීලාචාර ව්‍යාපාරයක් කරමින් මුදල් ඉපැයීමට උත්සාහ දරන බවයි...!
අර කළුතර හාදයාවත් ඇතුළට ගන්න...
පොදු පෙරමුණේ ලේකම් නියෝගයක් නිකුත් කරනකන් අපි බලන් ඉන්න. විෂය භාර ඇමැතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැහැ.