(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට නම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
මේ දක්වා ලැබී ඇති දත්ත අනුව කොරෝනා රෝගීන්ගේ යම් ආකාරයක අඩුවීමක් දක්නට ඇති බවත් ඉදිරි දින කිහිපයේදී සුළු වැඩිවීමක් මිස දිගටම පහළට යෑමට තිබෙන ඉඩකඩ අඩු බවත් ඔහු ප්‍රකාශ කරයි.
ඉහළ පහළ යෑම් සමග ක්‍රමානුකූලව අඩු වීමක් බලාපොරොත්තු වන බවද පැවසුවේය.
විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ මෙසේද කීය.
"අපිට මේ සංචාරණ සීමා තවත් කාලයක් හැකි පමණ පවත්වාගෙන යෑමෙන් තමයි පැහැදිලි අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. මේ අවස්ථාවේදී සංචරණ සීමා දැඩි කිරීම ඉතාම වැදගත්."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම සමාජගත වෙලා නැද්ද ආයුබෝවන්... ?
විද්‍යානුකූලව මෙය පාලනය කර ගත යුතුමයි. සංචරණ සීමා සැහැල්ලු වුණාම ජනතාව ඒක ගණන් ගන්නේ නෑ. එතකොට කාලය දිග් ගැහෙනවා. දැන් ලෝකෙම ජනතාව තෙහෙට්ටු වෙලා...
මේ සතියේ ලෙඩ්ඩු අඩුවුණොත් තීරණයක් ගන්නවලු... ඒ කියන්නේ තවත් දවස් 07ක්..
මොකක්ද කරපු සාර්ථකත්වය...? කොරෝනා ආයතනයට රුපියල් කෝටි 7600ක් දුන්නා. අනික් බඩුවලට ගෙවපු ගාණ ඊළඟ ආණ්ඩුව ආණ්ඩුව ආපුවාම තමයි දැනගන්න වෙන්නේ. මැන්ටල් වැඩ හින්දා තමයි කෙළවුණේ..!!!
මෙයා කියනවා සංචරණ සීමා වැඩිකළ යුතුයි කියලා. තව එක්කෙනෙක් කියනවා ව්‍යාපාර කරගෙන යන්න කියලා. මොනවා කියනවද කියලා අපට තේරෙන්නේ නැහැ.