(සුජිත් හේවාජුලිගේ )
ලබන සතියේදී සංචරණ සීමා ඉවත් කරනවාදැයි තීන්දු කිරීමට සිදුවන්නේ මේසතියේදී ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මේ දිනවල ක්‍රියාත්මක වන සංචරණ සීමාවල ප්‍රතිඵල බලා ගැනීමට හැකිවන්නේ තව සතියක් හෝ දෙකක් ගතවූ පසුව යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
පී.සී.ආර් පරීක්ෂණ කරන ක්‍රමවේදය වෙනස් කර ඇති බවත් නිරෝධායනය වී සිටින අය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු මුදා හැරීමට ඉදිරියේ දී කටයුතු කෙරෙන බවත් ඔහු සඳහන් කළේය.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම නිසා පී.සී.ආර් පරීක්ෂණ සමාජයේ අවදානම් කණ්ඩායම්වලට යොමු කිරීමට හැකියාව ලැබෙන බව කී ගුණවර්ධන මහතා වයිරසය සමාජයේ පැතිර ඇද්දයි එම පරීක්ෂණවල ප්‍රතිඵල මඟින් අදහසක් ලබාගත හැකි වනු ඇතැයි ද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලේසි දෙයක්... එකතුව දෙන කෙනාට කියන්න ඕනේ කරන ගාණ. එය අඩුකරලා දෙයි දැන් කරනවා වගේම...
ලංකාවේ තමයි අසාර්ථකම කොරෝනා පාලනය කරපු රට .
අවුරුදු 70ක් තිස්සේ හැමෝම කළේ එක්කෝ වහපු එක... නැතිනම් පුද්ගලික අංශයට දීපු එක... වහන්න හරිම ලේසියි. මේ ගත්තු තීරණවලින් මුලු රටම අවුරුදු ගාණකට පස්සට ගියා... හැබැයි කොරෝනා ගේම ගහපු අය ගොඩගියා..
පසුගිය අප්‍රේල් මාසේ මුල් සති තුන රටම වැහුවා නම් මේ තරම් දුක් විඳින්න ඕනෑ නෑ. කියනදේ අහන්නැති පාලකයින් නිසා රටම අනාථයි.
මේ සංචරණ සීමා වැඩක් තියෙනවද? මිනිස්සු රංචු පිටින් සරුංගල් යවනවා, පාපැදි ධාවන පුහුණු වෙනවා, නාන්න යනවා, ක්‍රිකට් ගහන්න යනවා, පාටි දානවා, ටවුන් යනවා මොනවා හරි පචයක් කියලා, නෑදෑ ගෙවල් යාළුවන්ගේ ගෙවල් වල යනවා, ආච්චිලා සීයලා ටිකත් දැන් යන්තං දණිස්ස කැක්කුමක් ආවත් හතර අතේ දුවනවා බෙහෙත් ටිකක් ගිලගන්න තියන ආසාවට, කඩවල් පස්ස දොරින් ඇරලා එන එන එකාට බඩු දෙනවා... මාස්ක් එක දාන්නේ නහය යටින් නැත්තං නිකටෙන්. බාගෙට රට ඇරලා කරන බොරුව හා මිනිස්සු තමන්වම රවට්ටගන්න නිසා තමයි කොරෝන වල ලොකු අඩුවක් පේන්න නැත්තේ...