
(අංජුල මහික වීරරත්න)
ඩොලර් 60ට තිබූ තෙල් බැරලය වසර ගණනාවක් තිස්සේ ඩොලර් 26 දක්වා අඩු වී තිබෙන මොහොතක එහි වාසිය නොදී කොරෝනා වසංගතයෙන් පීඩිතව ආර්ථික වශයෙන් කඩා වැටී සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කොට පහර දීම එක්සත් ජාතික පක්ෂ තරයේම හෙළා දකින බව පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
ජනතාව දරුණු ඛේදවාචකයකට ඇද වැටී සිටින අවස්ථාවක පාර්ලිමේන්තුවට වාහන 229 ක් ගෙන්වීමට රුපියල් බිලියන ගණනක් යෙදවීම හිතක් පපුවක් ඇති පාලකයන්ට කළ නොහැක්කක් බවද අබෙිවර්ධන මහතා කීය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ එජාප සභාපතිවරයා තවදුරටත් කීවෙි
2015 ජනවාරි 08 වන දින රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේදී ජනතාවට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල මිල පහත හෙලා 2019 දී පාලනය අවසන් වන තුරු ජනතාවට පීඩාවක් නොවන්නට රට පාලනය කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් මුක්කුව ගහන්න ඔක්කොම දැන් සුදනෝ වෙන්න එනවා
ඔහෙලා ආණ්ඩු කරන කාලේ ඔහෙලට හිතක්, පපුවක් තිබුණැයි..?
ඇයි නුඹලගේ කාලේ අපිට කිරියෙන් පැණියෙන් කාලාද හිටියේ...? අනේ පලයන් බොරු නොකියා... මට නම් මේ ඔක්කොම එකයි.
එජාපය පොළවට සමතලා කරපු ලොකුම හවුල් කාරයෙක් තමයි මෙයා. මේ ගොල්ලන්ට යන්න වෙන්නේ අපායට තමයි එකේ සාපයට. දැන් මේ බොරු කයිවාරු ගහනවා...
මේ රටේ දේශපාලකයින්ට කවදාද හිතක් පපුවක් තිබ්බේ.. සැමදා කලේ ජනතාවට සිහින දෙමින් තම සිහිනය වන සුපිරි වාහන, එතෙර සවාරි, අත යට වාසි සලසා ගත්තා විතරයි..
ඔබ තුමාල ආණ්ඩුව කරන කාලෙත් හිතක් පපුවක් තියාගෙ වාහන ගෙන්නවපු හැටි අපිට හොඳින් මතකයි
මහත්තයෝ..., ඔය ගොල්ලන්ගේ කාලේ ඩොලර් 19ටත් තෙල් බැරල් එක තිබ්බා.. එතකොට රු. 55ට පෙට්‍රල් දුන්නාද..? රට බයිලා කියන්න එනවා..
එ්යි මේ බලාපල්ලකෝ... හිතක් පපුවක් තිබුණු ආණ්ඩුවක මහා ලොකු වැඩ්ඩෙක් කියන කථාව..! අනේ අපොයි! මේ මිනිස්සුන්ට විලි ලැජ්ජාව කියලා දෙයක් දැනෙන්නේ නැති හැටි...!
මේක මේ චීන ජනකතාවක්. පරණ පොතක තිබ්බේ. වෙන මොනවා හරි සිදුවීම් එක්ක පටලවා ගන්න එපා. " එක්තරා ප්‍රජාතන්ත්‍රවාදී රටක් තිබුණලු. ඒ රටේ තිබුණු ආණ්ඩුවක් පිස්සු කෙළලා, මිනිස්සුන්ගේ පිටේ නොසෑහෙන්න බර පටවලා, වාහන ගන්න මුදල් නාස්ති කරලා, හැම දේකින්ම නොසෑහෙන්න කොමිස් ගහලා... පාරිසරිකව බිහිසුණු විනාශයක් කරලා, වසංගතයක් පැතිරුණු වෙලාවේ ප්‍රවීණෝපදේශක වෛද්‍යවරු පස්සට දාලා හිච්චි පුතෙකුට ඒ අයට වැඩකරන හැටි කියාදෙන්න බාරදීලා, වැඩ කටයුතු හමුදාවට බාර කරලා, ඒ වසංගතය අනාගෙන, අවිද්‍යාත්මක තීන්දු තීරණ වලින් වුවමනාවෙන්ම මිනිස් ජීවිත ඒ වසංගතයකට බිළි කරලා, හත්පොළේ ගාගෙන, රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයත් බිංදුවටම දාලා, අන්තිමට ඡන්දයක් ළංවුණු වෙලාවේ, පරිප්පුයි, සැමන් ටින් එකයි, තව කීරි සම්බයි, පෙට්‍රල් වගේ දේවල් ටිකකුයි රුපියල් දහයකිනුයි අඩු කළාලු. මෙන්න බොලේ කලින් ඒ ආණ්ඩුවට පලු යන්න බැන බැන හිටපු ඒ රටේ මිනිස්සු "මොන තරම් සහනයක්ද?.. බැලුවාම ඉතින් ඒ හැටිම නරක නෑ අනේ..." කියාගෙන ගිහින් ඒ ආණ්ඩුවම නැවත පත්කරන්න ඡන්දෙ දුන්නාලු."
හරිම පුදුමයි... මේ අය කතා කරන්නේ කොහෙන්ද?
ගෝඨාභයට පාස්පෝට් එක ගන්න උදව් කරන කොට ඒක හිතුනෙ නැද්ද?