ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට ගොනුකළ පෙත්සමේ විභාගය කල්යයි රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කළැයි චෝදනාවට කොළඹ මහාධිකරණය දුන් වසර තුනක සිර දඬුවමට එරෙහිව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය ගොනු කළ අභියාචනා පෙත්සම්වල වැඩිදුර විභාගය සැප්තැම්බර් 02 සහ 04 යන දෙදින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය. 27 August 2020
මෝටර් රථ සංගමය ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලබන 31 වැනිදා පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා රැස්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධ පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට ලබන ඔක්තෝබර් 05 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය. 27 August 2020
හෝර්ටන්තැන්නේ සතුන් හොරෙන් ගෙනයන්න හැදූ රුසියානුවන්ගේ නඩුව යළි විමර්ශනයට නියෝග රුසියානු ජාතිකයන් තිදෙනෙකු විසින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද සත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 550 කු හා ශාක කොටස් රැසක් හොර රහසේ පිටරටට රැගෙන යාමට තැත් කිරීමට අදාළ නඩුව පිළිබඳව යළි විමර්ශනයක් සිදුකිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (27) නියෝග කළේය. 27 August 2020
හෙරොයින් ජාවාරම් කළ බන්ධනාගාර නියාමක ඇතුළු 4 ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බන්ධනාගාර නියාමක සහ ගුවන් හමුදාවේ සිවිල් සේවකයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු ලබන 03 වැනිදා දක්වා වේයන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම සඳහා ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (27) වේයන්ගොඩ පොලිසියට අවසර ලබා දුන්නේය. 27 August 2020
පිටරටින් වාහන ගෙන්වා දෙනවැයි කෝටි ගණනක් වංචා කරලා වෙළඳපොළේ මිලට වඩා අඩුවෙන් විදේශ රටවලින් සුඛෝපභෝගී වාහන ගෙන්වා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරෙන්තු රැසක් ලැබූ පුද්ගලයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 27 August 2020
ආරච්චිකට්ටුවෙන් කොරෝනා අසාදිතයෙක් හමුවෙයි ආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාදිතයෙකු හමුවූබව හලාවත රෝහල් අධ්යක්ෂ කේ. පී. මල්ලවආරච්චි මහතා පවසයි . 27 August 2020
කිරි වීදුරුව වෙනුවට සහල් කැඳ වීදුරුවක් රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීමට සහ පාසල් ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ යෝජනාවට කෘෂිකර්ම අමාත්‍යංශය එකඟතාවය පළකළේය. 27 August 2020
ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ අක්කර 4 කට ආසන්න භුමියක් ඩෝසර් යන්ත්‍ර යොදාගනිමින් විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි. 27 August 2020
‘ආර්ථික පරිහානියෙන් ගොඩ ඒමට සමීක්ෂණයක්‘ කොරෝනා සමයේදී ඇති වූ ආර්ථික පරිහානියෙන් ගොඩ ඒම සඳහා වඩාත් ඵලදායී වූ දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බැවින් ඒ සඳහා නිවැරදි දත්ත හා තොරතුරු සපයා ගැනීමට ශ්‍රී ලංකාවේ සංඛ්‍යාත්මක දත්ත සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් අරඹා තිබේ. 27 August 2020
ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක් ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කටයුතු කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 27 August 2020
ඩිලන්ත මාලගමුවට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය ලැම්බෝර්ගිනි සූපර් ට්‍රෝෆියෝ යුරෝපා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ඩිලන්ත මාලගමුවට එම තරගාවලිය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය හිමි වී තිබේ. වසර 36ක් තිස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ධාවන තරඟවලට සහභාගීවූ තමන්ට අන්තර්ජාතික තරගාවලියක් සඳහා රාජ්‍ය අනුග්‍රහය හිමිවූ පළමු අවස්ථාව මෙය බව ඩිලන්ත මාලගමුව පැවසීය. 27 August 2020
මුඛ ආවරණ නැති බස් රථ සේවකයන්ට දඩ මුඛ ආවරණ නොපැළඳ රාජකාරියෙහි නිරත වන සියලුම පෞද්ගලික බස් සේවකයන් වැටලීම ලබන 1 වැනිදා සිට ආරම්භ කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න සංජීව මහතා ලංකාදීපයට අද(27) පැවැසීය. 27 August 2020
කුඩු ජාවාරම්කරුවන්ගේ කෝටි 264 ක ගිණුම් අත්හිටුවයි මත්කුඩු ජාවාරම්කරුවන්, මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල් රුපියල් කෝටි 264 ක මුදල් සංසරණය වී තිබු ගිණුම් 102 ක් මේ වනවිට අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 27 August 2020
හොරෙන් වතුර ගත් හෝටල් හිමිකරුට ලක්ෂ 28 ක් දඩ ත්‍රිකුණාමලය, නිලාවැලි පාරේ පිහිටි හෝටලයක් සඳහා වසර 20කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබාගැනීමේ සිද්ධියක් මත එහි හිමිකරුට රුපියල් 28,17,000ක දඩයක් නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 27 August 2020
පනත් 4ක් සංශෝධනය කෙරේ වඩාත් සරල විනිවිද භාවයෙන් යුත් හා කාර්යක්ෂම බදු ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් පනත් හතරක් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 27 August 2020
‘ සිසුසැරිය‘ ලබන 15 වැනිදා සිට යළි ක්‍රියාත්මකයි සිසුසැරිය බස්රථ සේවාව ලබන 15 වැනිදා සිට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ඉලක්ක කරගනිමින් යළි ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලංකාදිපයට පැවසීය. 27 August 2020
ඕස්ට්‍රේලියාවෙන් මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ තොගයක් ලංකාවට රසායනික ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ආදිය හඳුනාගැනීමේ උපකරණ තොගයක් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රහස් පොලිස් අධිකාරී රොබට් විල්සන් යන මහත්වරු අද(27) ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත පිරිනැමූහ. 27 August 2020
ඉහළ කොත්මලේ ජලාශයට මළ අපද්‍රව්‍ය එක් කළ පිරිසකට රතු නිවේදන තලවකැලේ නගරයේ වෙළඳසැල්වල සහ නිවාසවලින් බැහැරලන, අපජලය සහ වැසිකිලි මළ ද්‍රව්‍ය ඉහළ කොත්මලේ ජලාශයට සෘජුවම මුදා හැරි යැයි කියමින් වෙළදසැල් හිමියන් සහ පදිංචිකරුවන් පිරිසකට රතු නිවේදන නිකුත් කිරීමට අද (27) තලවකැලේ ලිදුල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ. 27 August 2020
පාසල් ක්‍රීඩා යළි ඇරඹීමේ මාර්ගෝපදේශන සකස් කරන්න නියෝග කොරෝනා වසංගත තත්වය නිසා පසුගිය මාස ගණනාවක් තුළ පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ට ක්‍රීඩාවලට සහභාගී වීමට නොහැකි වීම හේතුවෙන්, ඉදිරි සතිය තුළදී ක්‍රීඩාවල යෙදවීමට අවශ්‍ය සෞඛ්‍ය නිර්ණායක සකස් කර වහාම ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය බලධාරීන්ට නියම කළාය. 27 August 2020
සම්පායෝ ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි දැනට රිමාන්ඩ් බාරයේ සිටින තමා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන සැප්තැම්බර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (27) නොතීසි නිකුත් කළේය. 27 August 2020
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්-කථානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අද(27) පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුණේය. 27 August 2020
කොම්පඤ්ඤවීදියට ගුවන් පාලම් දෙකක් ශ්‍රී ලංකාවේ වැඩිම වාහන තදබදය පවතින ස්ථානය ලෙස හඳුනාගෙන ඇති කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසළ ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 27 August 2020
කෝටි තුනක මත්කුඩු සමඟ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් දැලේ අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් කොළඹ කෙසෙල්වත්තේ දී රුපියල් කෝටි තුනකට අධික වටිනා හොරෙයින් මත්කුඩු , මුදල් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 27 August 2020
නීතී විරෝධිව මසුන් ඇල්ලූ ධීවරයින් 35 ක්- යාත්‍රා 11 නාවික හමුදා බාරයට තලෙයිමන්නාරම, යාපනය හා ත්‍රිකුණාමලය මුහුදු තීරයන්හි නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ශ්‍රී ලංකාවේ ධීවරයින් 35 දෙනෙකු හා ධීවර යාත්‍රා 11 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බවට නාවික හමුදාව පවසයි. 27 August 2020
ජනාධිපති කොමිසමට එන්න’යි හිටපු මැති ඇමතිවරු 8 කට දන්වයි පාස්කු ඉරුදින ප්‍රාහාර පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස හිටපු අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්,රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු මැති ඇමැතිවරුන් 8 දෙනකුටකොමිසම දැනුම් දී තිබේ. 27 August 2020
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විතව පත් කර තිබේ. 27 August 2020
පානදුර නිවාස සංකීර්ණයක් වටලා ලක්ෂයක මත්කුඩු පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ අද(27) අලුයම කළ මෙහෙයුමකදී පුද්ගලයන් 10දෙනෙකු ද මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 August 2020
නවසීලන්ත වෙඩික්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවරදී ඉස්ලාම් බැතිමතුන් 51 දෙනකු ඝාතනය කළ පුද්ගලයාටල එරට අධිකරණයක් අද (27) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. 27 August 2020
ගොවියා රැකීමේ ක්‍රියාවලිය හැම අතින්ම පුළුල් කරවමු ආනයනික අර්තාපල් සඳහා අය කෙරෙන රුපියල් පනහක බද්ද රුපියල් පහකින් වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ඒ අනුව ආනයනික අර්තාපල් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 55 ක් වන බවත් දේශීය අර්තාපල් ගොවීන් රැක ගැනීමේ අරමුණෙන් මෙම පියවර ගෙන ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. 27 August 2020
විවාහ වියහැකි වයස අවු: 18 තෙක් වැඩි කරන්න මෙරටේ විවාහ විය හැකි වයස අවුරුදු 18 දක්වා වැඩි කරන්නැයි යෝජනා කෙරෙන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට පාර්ලිමේන්තුවේදී ඊයේ (26) බාරදෙනු ලැබීය. 27 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026