නෙළුව - ලංකාගම - පිටදෙණිය මාර්ගය ඉදිකිරීමට ජනපති අනුමැතිය නෙළුව සිට ලංකාගම ඔස්සේ පිටදෙණිය දක්වා මාර්ගය ඉදිරි මාස 3 ඇතුළත ප්‍රතිසංස්කරණය කර අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය. 29 August 2020
මත්කුඩු සමග දෙදෙනෙකු අත්අඩංගුවට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමේදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 20 ක් රැගෙන වෑන් රථයකින් කළුතර බලායාමට පැමිණි පුද්ගලයෙක් සහ එහි රියදුරු සමග අත්අඩංගුවට ගත්බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. 29 August 2020
ඇන්ටන් රංජිත් හිමිපාණෝ තෙවැනි සහායක රදගුරු පදවියට අබිසෙස් ලබති කොළඹ තෙවැනි සහායක රදගුරු පදවිය සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත්කරන ලද පී. ඇන්ටන් රංජිත් පියතුමන් අභිෂේක කිරීමේ දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්විණි. 29 August 2020
පාංශු විශේෂ දැක්මට නීටාත් එක්වෙයි විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා වෘතාන්තය ‘පාංශු’ චිත්‍රපටය පිළිබඳ විශේෂ දැක්මක් හා සංවාදයක් අද (29) පස්වරු 4.00ට ගම්පහ රීගල් සිනමා ශාලාවේදීත් හෙට (30) පස්වරු 6.00ට කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවේදීත් පැවැත්වේ. 29 August 2020
ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා ආරච්චිකට්ටුව පොලිසිය අද (29) උදෑසන අත් අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. 29 August 2020
සිංහල සිනමාවේ පුරෝගාමී ඉන්දියානුවා සමුගනී සිංහල සිනමාවේ පුරෝගාමියකු වූ ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ ඇන්තනි බාස්කර් රාජ් (ඒ.බී.රාජ්) මහතා පසුගියදා තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී අභාවප්‍රාප්ත විය. මියයන විට දී ඒ මහතා 95 වැනි වියේ පසුවිය. 29 August 2020
ඉලංගෙයි තමිල් අරුසුකච්චි තීරණාත්මක රැස්වීමක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයයෝගය දෙනවාද නැද්ද යන්න සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුසු කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වව්නියාවේදී රැස්විය. 29 August 2020
සිංහරාජයේ පාර බලන්න ජනාධිපති ලංකාගමට යයි සිංහරාජ වනාන්තරය මැදින් පාරක් කැපීම පිළිබඳව පවතින අර්බුද සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29 වැනිදා) උදෑසන සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි ලංකාගම බලා ගොස් තිබේ. 29 August 2020
වැලි හෑරීමට එරෙහිව කරන්දෙනියේ උද්ඝෝෂණයක් වැලි හැරීමේ සිද්ධියකට විරෝධය පා කරන්දෙණිය අනුරුද්ධගම ගම්වාසිහු අද (29 ) උදෑසන එම වැලි හැරීමේ වළ ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ. 29 August 2020
හදිසි ගින්නකින් නිවසක් - ව්‍යාපාරික ස්ථානයක් විනාශ වෙයි කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා දංකොටුව කඵවච්චිමුල්ල මන්සන්දියට ආසන්නයේ පිහිටි රූපවාහිනී යන්ත්‍ර ඇතුඵ විදුලි උපකරණ ඇඵත්වැඩියා කරන ස්ථානයක් සහ ඊට යාබද නිවස අද උදෑසන 845 ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බව දංකොටුව පොලීසිය කියයි. 29 August 2020
සමයංගේ ප්‍රධාන වෙඩික්කරු ‘ඉන්ද්‍රා‘ පොලිස් වෙඩි පහරින් මරුට සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ‘ඉන්ද්‍රා‘ නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පලා යාමට තැත් කිරීමේ දී පොලිස් වෙඩි පහරින් මියගිය බව නවගමුව පොලිසිය කියයි. 29 August 2020
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමියන්ට මුදල් අමාත්‍යාංශයෙන් පණිවිඩයක් සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට අදාළ බලපත්‍ර භාවිත කර ඔවුන්ගේ කැමැත්ත පරිදි මෙරට ලියාපදිංචි නොකළ මෝටර් රථ සහ කැබ් රථ මිලදී ගත හැකි යැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 28 August 2020
රජයේ ප්‍රධාන බැංකුවල සිදුවූ අක්‍රමිකතා ගැන තොරතුරු ගැනීමට මහජන සහාය පතයි ඉකුත් ආණ්ඩුව සමයේ (2015-2019) රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත් කළ සිවු පුද්ගල කමිටුව තීරණය කර ඇත. 28 August 2020
හිරු මුදුන්වීම ඇරඹේ සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ විය. 28 August 2020
මත්තේගොඩ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට කැස්බෑව අධිකරණයෙන් රාජසන්තක කරන ලද හොඳ තත්වයේ වැලි තොගයකට පස් ගල් සහිත වැලි තොගයක් අධිකරණයට බාර දී වංචා කිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 28 August 2020
කැලණිය සරසවියට පළමු වරට උපකුලපතිනියක් කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පත්කරනු ලැබ ඇත. 28 August 2020
ගිනි අවි 3 ක් - ජීව උණ්ඩ 02ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැති බෙහෙත් කොටන තුවක්කු 02 ක් , පතොරම් තුවක්කුවක් , ජීව උණ්ඩ 02ක් , හිස් පතරොම් කොපු 02ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (28) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 28 August 2020
‘කලුපේ රොෂාන්‘ගේ නැගණිය - නැන්දණිය මත්කුඩු සමඟ අත්අඩංගුවට සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන පාතාල නායක ‘කලුපේ රොෂාන්‘ නැමැත්තාගේ නැගණිය හා නැන්දණිය මත්කුඩු ග්රැම් 6 ක් සහ රුපියල් 46,0000 ක මුදල් සමඟ අද (28) හික්කඩුව තොටගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මීටියාගොඩ පොලිසිය කියයි. 28 August 2020
ශ්‍රී ලංකාවටම ආවේණික රාජ්‍ය සංවර්ධන මොඩලයක් ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික සංවර්ධන මොඩලයක් නිර්මාණය කරගැනීමේ මාර්ගයට පිවිස ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව එම ක්‍රියාවලියේ සංවර්ධන ඒජන්ත වෙමින් එම කාර්යභාරය ඉටු කිරීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි ද එහි අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (28) පැවැසීය. 28 August 2020
මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කරනු ලැබ ඇත. 28 August 2020
රැම්සා තෙත් බිම ඩෝසර් කළ ඩෝසර්කරු අත්අඩංගුවට ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්‍රියාකරු අද (28) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි. 28 August 2020
විදුලි බිඳවැටිමේ වගකීම විදුලි අධිකාරීවරයාට පමණක් පටවන්න බෑ කෙරවලපිටිය බලාගාරයේ ග්‍රිඩ් උපපොළක නඩත්තු කටයුත්තක් අතරතුරදී සිදුවූ අත්වැරදීමකින් ඉකුත් 17 වැනිදා රට පුරා විදුලි බලය බිඳවැටීම සම්බන්ධ සිද්ධියේ සම්පූර්ණ වගකීම එම අත්වැරදීම සිදුවූ විදුලි අධිකාරීවරයා මත පැටවිය නොහැකි බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුව පවසයි. 28 August 2020
කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (28) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2988 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. 28 August 2020
අතුරුදන් වූවනට යුක්තිය ඉල්ලා අධිකරණ ඇමැතිට පෙත්සමක් බාර දෙයි උතුරේ මෙන්ම දකුණේ ද රාජ්‍ය අනුදැනුම මත පසුගිය කාලයේ සිදු කළැයි කියන විවිධ මිනිස් අතුරුදන් කිරීම් සම්බන්ධ වහාම සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් මගින් එම වින්දිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමේ විශේෂ ඒකාබද්ධ පෙත්සමක් බාරදීම කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණ අමාත්‍යාංශයේ දී අද (28) පැවැත්විණි. 28 August 2020
බීමතින් සිසුන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියැදුරෙකු අත්අඩංගුවට බලන්ගොඩ නගරයේ තුඔගොඩ ප්‍රදේශයේ දි බීමතින් පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 August 2020
තවත් 12ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද (28) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 28 August 2020
තරුණ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන හිටපු කතානායක කනගාටුව පළකරයි පක්ෂ ඉතිහාසය තුළ ගනු ලැබූ වැදගත් තීරණ පිළිබඳව අවබෝධයක් නොමැති හිටපු තරුණ මන්ත්‍රීවරයකු විසින් එක්සත් ජාතික පක්ෂයේ රුපියල් 1000 සාමාජිකත්වය යාවජීව සාමාජිකත්වයක් නොවන බවට කර ඇති ප්‍රකාශය පිලිබඳ කනගාටුව පළ කරන බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 28 August 2020
‘ශ්‍රී ලංකන්’ තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන් ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය දැනුම්දෙයි. 28 August 2020
නිවසකට කඩා වැදී කතගේ අත වෙන් වෙන්න කපා සැකකරු පලා යයි කරුවලගස්වැව නෙළුම්ගම නිවසකට කඩා වැදුණු පුද්ගලයකු අද (28) එහි සිටි කාන්තාවකට එල්ල කළ පිහි පහරකින් දකුණු අත සම්පුර්ණයෙන් වෙන් වී ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි. 28 August 2020
එජාපය සමග කතා නායකත්වය වෙනස් වෙනවානම් පමණයි එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය සමඟ සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගය කිසිදු සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (28) පැවසීය. 28 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026