
(රංජන් කස්තුරි)
සෞඛ්‍ය අංශයේ නිර්දේශ ලැබුණු විගස පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
කෙසේ වෙතත් පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව බව ද පාසල් යළි විවෘත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට හා අධ්‍යාපන කාර්ය මණ්ඩලයට අවි මර්දන එන්නත් ලබාදිය යුතු බවද ලේකම්වරයා කීය.
කොවිඩ් 19 වයිරසය පාලනය වී ඇති ප්‍රදේශවල පාසල් යළි විවෘත කරන්නැයි විවිධ අංශවලින් ඉල්ලීම් ගලා එන බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.
පාසල් යළි විවෘත කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව ද මහාචාර්යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වඩා හොඳයි... මේකෙ කියන්න බෑ.. නැතිනම් කියනවා.
මේ තවත් එක් උන්මත්තකයෙක්...
අපේ රටේ අතිදුෂ්කර කෝවිඩ් නැති පළාත්වල පාසල් වල ළමයින් පවා දිගු දුරක් ගමන් කරමින් ඔන්ලයින් මගින් ඉගෙන ගන්න ගස් නගින අන්දම වාර්තා වුණා.. එවැනි පාසල් ගැන සොයා බලා එම පාසැල් ටිකවත් විවෘත කරන්න තරම් මොළයක් ඇති අධ්‍යපනය පිළිබඳව බලධාරීන් නැත්තේ ඔවුන් නිවසට වී නිකරුනේ පඩි ගන්න කැමති නිසා විය හැකියි. මෙම වසංගත නිසා වැඩිම හානිය අපේ දරුවන්ට බව පෙන්වා දෙන්න හැමෝම එකතු වන්න.
අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් පිළිබඳව සොයා බැලීම අන්තිමයි. එයාලා කළ එකම වැඩේ ඔන්ලයින් ඉන්න ගුරුවරු සහ ළමයි යුනිෆෝම් ඉන්නවාද කියලා බලන තුට්ටු දෙකේ වැඩ. ගුරුවරු සහ ළමයි දහසක් දුෂ්කරතා මැද කරන මේ වැඩේ ගැන බැලුවාද?. අඩු ගණනේ ගුරුවරු සහ ළමයින්ට උපකරණ සහ ඩේටා ටික ලබා දෙන්න ක්‍රමයක්වත් බැලුවද?. ඔය කරන විදියටම ගුරුවරු, විදුහල්පතිවරු සහ දෙමාපියන්ම එකතු වෙලා ඉස්කෝලෙ පටන් ගන්නවද නැත්ද කියලා තීරණය කරන්නම්... ඔය නිලධාරීන් මන්ද බුද්ධිකයින් වගේ හැසිරෙන්න එපා.
දැන් බලාගෙන යනකොට ලේකම්වරු කියන්නෙත් දේශපාලන සත්ත්ව කොට්ඨාශයක්.. මේ කොරෝනා වසංගත තත්ත්වය අවමවනතුරු මොන පාසල් ආරම්භ කිරීමක්ද?