ජෝ බයිඩන්ට බලය පවරන බව ට්‍රම්ප් කියයි ජෝ බයිඩන් ට නියමිත පරිදි බලය පවරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (7) ප්‍රකාශ කළේය. 07 January 2021
කලින් ආසන වෙන්කළ දුම්රිය මගීන්ට යළි මුදල් ගෙවයි කොවීඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීම මත දුම්රියයන් සදහා කලින් ආසන වෙන් කරගත් මගීන් සදහා එම වෙන් කර ගත් ආසන සදහා නැවත මුදල් ගෙවීමේ කටයුතු ආරම්භ කර ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසෙකර මහතා ලංකාදීපයට පැවසීය. 07 January 2021
වන සංරක්ෂණයේ අක්කර 700 පෞද්ගලික සමාගමකට ගිය ආකාරය ගැන අගරදගුරුතුමෝ විමසති වන සංරක්ෂණ කලාපයක් වන මුතුරාජවෙල තෙත් බිමෙහි කොටසක පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක් බව සඳහන් පුවරු සවිකර ඇති බවත්, රක්ෂිත කලාපයක් පෞද්ගලික අංශයේ ඉඩමක් වූයේ කෙසේද යන්න ගැටලුවක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 07 January 2021
බන්ධනාගාරයට නියාමකගේ බඳපටියේ මත්ද්‍රව්‍ය නිළ ඇදුමේ බඳ පටියේ සඟවාගෙන හෙරොයින් , අයිස්, සහ කේරළ ගංජා තොගයක් බන්ධනාගාර තුළට රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර නියාමකයකු බෝගම්බර බන්ධනාගාර නිලධාරීන් විසින් අද (7) අත්අඩංගුවට ගනු ලැබීය. 07 January 2021
ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත තුනකට හදිසි තත්ත්වයක් ප්‍රකාශකරයි කොරෝනා වයිරස ආසාදන පැතිරීම වැළැක්වීම සඳහා ජපානයේ අගනුවර වන ටෝකියෝ සහ අසල්වැසි ප්‍රාන්ත තුනක මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. 07 January 2021
ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වන්න සාකච්ඡා ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවේ පෙන්වා දුන් බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය. 07 January 2021
යුක්රේනයෙන් තවත් 183 ක් එති යුක්රේන සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද(07) පස්වරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ අධ්‍යක්ෂක ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. 07 January 2021
බයිඩන් - හැරිස් දෙදෙනාගේම පත්වීම් අනුමතයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිතවාදීන්ගේ බාධා මැද, එරට කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඊයේ (ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද - 7 වැනිදා) යළි රැස්වුණු අතර, ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතාත් උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් මහත්මියත් දෙදෙනාගේ පත්වීම් අනුමත කෙරිණ. 07 January 2021
ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් තිදෙනෙකුට කොරෝනා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නියමුවන් තිදෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවත්, ඔවුන් පසුගිය දිනවල කිසිදු ගුවන් ගමනකට සහභාගි නොවූ ගුවන් නියමුවන් බවත් ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. 07 January 2021
කොවිඩ් ආසාදිත සිරුරු භූමදානය බැහැ-ආදාහනය පමණයි කොවිඩ්-19 වැළඳී මියයන සියලු දෙනාගේම මළසිරුරු ආදාහනය පමණක් කළ යුතු බවට ඒ සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. 07 January 2021
දළඳා මාළිගාවේ දියඅගලේ ආරක්ෂිත බැම්ම කඩාවැටේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් කඩා වැටී තිබේ. 07 January 2021
වතු රෝහල් රජයට පවරාගන්න යයි සියලු වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(7) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. 07 January 2021
මත් උවදුරු අන්තරාය නිරන්තර සෙවිල්ලට ගනිමු රුපියල් කෝටි 130 කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෂීස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිවු දෙනකු මීගමුව මාරවිල අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 07 January 2021
මහාචාර්ය බන්දුසේන ගුණසේකර කලුරිය කරයි සම්මානනීය ගත්කතුවරයකු, කවියකු, ජනශ්රැති පර්යේෂකයකු මෙන්ම විශිෂ්ට ගණයේ භාෂා පඬිවරයකු වූ මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා ඊයේ (6) අභාවප්‍රාප්ත විය. 07 January 2021
පාස්කු ඉරිදා ප්‍රහාරයේ 32 කට නඩු පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිස් දෙදෙනකුට එරෙහිව නඩු පැවැරීම සඳහා උධෘත ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් විරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවැසීය. 07 January 2021
ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ සිව්දෙනෙක් පොලිස් වෙඩි පහරින් මරුට ඇමෙරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් අගනුවර සෙනට් සභාව පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන කලහකාරී පිරිසක් කඩාවැදී එහි සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු මිය ගොස් ඇත. 07 January 2021
මන්නාරමේ එරුක්කලම්පිඩ්ඩි ගම්මානයට සංචරණ සීමා මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ එකම පවුලේ 5දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් ගම්මානයට සංචරණ සීමා පනවා ඇති බවට මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා පවසා සිටියේය. 07 January 2021
ට්‍රම්ප්ගේ ෆේස්බුක්-ට්විටර් ගිණුම් අත්හිටුවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් සමාගම් පියවර ගෙන ඇත. 07 January 2021
දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ අද(07) අලුයම අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 07 January 2021
ගාල්ල බන්ධනාගාරයේ 37 කට කොරෝනා ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (06) දින තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. 06 January 2021
ප්‍රදේශ 4 ක හුදෙකලා බව ඉවත් කරයි කොටහේන, ආදුරුප්පුවීදිය, රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ සහ කුරුඳුවත්ත පොලිස් වසමේ 60-වත්ත මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. 06 January 2021
මහනුවර දකුණ ඩිපෝව වසා දමයි මහනුවර දකුණ ඩිපෝවේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුට පමණ මේ වන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බැවින් අද (06) මහනුවර දකුණ ඩිපෝව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය. 06 January 2021
නීතිවිරෝධී අන්දමින් අලෙවි කිරීමට තිබූ ග්ලයිෆොසේට් අල්ලයි නීති විරෝධී අන්දමින් අඟුණකොළපැලැස්සේ වෙළෙදසැලක අලෙවි කිරීමට තබා තිබූ ග්ලයිෆොසේට් කෘමිනාශක පැකට් 20ක් සමඟ සැකකරුවකු අද (6) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරිහු පවසති. 06 January 2021
කැගල්ල නගරය ජලයෙන් යටවෙයි කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවලට අද 6 සවස 4.30ට පමණ පතිත වු ධාරානිපාත වර්ෂා සහිත කාලගුණික තත්වය හේතුවෙන් කෑගල්ල නගරය වැසි ජලයෙන් යටවු බව නගර වැසියන් පවසතී. 06 January 2021
තවත් කොරෝනා ආසාදිතයන් 521 ක් හඳුනාගැනේ මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (6) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 269 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 521 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 06 January 2021
අද දිනයේදී කොරෝනා මරණ 2 ක් කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද (6) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 06 January 2021
යුද හමුදා සංඥා බලකායේ ඉතිහාස ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ “ඉතිහාස ග්‍රන්ථය” අද (06) ජනාධිපති කාර්යාලයේ දී මාණ්ඩලික ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඒ.පී.එන්. දෙමටන්පිටිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය. 06 January 2021
කොවිඩ් ආසාදිතයකු හමුවීමෙන් බණ්ඩාරගම කර්මාන්ත ශාලාවක් වහයි කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක් බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවයේ යෙදෙමින් සිටීමෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලික වසා දමා එහි ආරක්ෂක නිලධාරියා ඇතුළු සේවක සේවිකාවන් 64 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යු. මධුෂාන් මහතා පැවසීය. 06 January 2021
ඊටීඅයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඇප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කලේය. 06 January 2021
පොලොන්නරුව කදුරුවෙල නගරයේ කොටසක් වහයි කෙරෝනා රෝගීන් වැඩි පිරිසක් හමුවීම නිසා පොලොන්නරුව,කදුරුවෙල නගරයේ කොටසක් අද (06) පස්වරුවේ සිට වසා දැමීමට තීරණයකල බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 06 January 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026