(ඩයනා උදයංගනී)
ඉන්ධන වැඩිකිරීම සම්බන්ධයෙන් තමා නිකුත් කළ නිවේදනයේ ඇති මතය සමඟ තමා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් තමා දැරූ මතයේ වෙනසක් නැතැයි ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරයි
සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයට අද (16) පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ප්‍රධාන ලේකම්වරයා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පක්‍ෂ මූලස්ථානයේ රහස් සාකච්ඡාවක් පැවැත්වෙනවාද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.
පක්‍ෂය තුළ රහස් සාකච්ඡා නැතැයි කී කාරියවසම් මහතා සියලු දේ කරන්නේ එළිපිට බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ ජනතාව විසින් බිහිකරන ලද ජනතාවගේ පක්ෂය බව කී මන්ත්‍රීවරයා ජනතාව වෙනුවෙන් ගත යුතු තීරණ සියල්ල පක්‍ෂයක් ලෙස ගන්නා බවත්, ඒවා නිර්භයව ප්‍රකාශ කරන බවත් ප්‍රකාශ කළේය.
එම කටයුතු ඉදිරියට ද එලෙසින්ම සිදුකරන බව කී ප්‍රධාන ලේකම්වරයා තම නිවේදනය සම්බන්ධයෙන් පක්‍ෂය තුළ ප්‍රශ්නයක මතුවී නැතැයි ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් ආපු කෙනෙක්ද මේ...? එළවලා දාන්න ඕනෑ..
ගම්මන්පිල කියන්නේ එකක්... මෙයා කියන්නේ තවත් එකක්. මේ අපබ්‍රංශ කතා ජනතාවගේ බඩ කට පුරවන්නේ නැහැ. ඒ වගේම අනෙක් ප්‍රශ්න විසඳන්නේ ද නැහැ. මේ බොරු රණ්ඩු මවන්නේ තෙල් මිල වැඩිවීම නිසා සියලු දේවල මිල ඉහළ යෑමෙන් ඇතිවන මහජන කෝපය වෙනතක යොමුකරවීමට නොවේද? මේවා පාලන උපක්‍රම...
ඉතින් අපිට මොකද? මොකෙක්ද මේ මත ප්‍රකාශ කරන්න? පිස්සු නැත්නම් හොඳයි.
මෙච්චර කල් පාර්ලිමේන්තු ඉඳලා මොනවද කරල තියෙන්නේ .
මේක ඔබතුමාගේ පෞද්ගලික මතයද