(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුම් දී යොමුකළ ලිපිය මැතිවරණ කොමසාරිස්වරයා පිළිගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
පක්ෂයෙන් පලවාහරින මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇතැයිද මහලේකම්වරයා කීය.
අදාලා මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගෙන තිබූ තීරණය සනාථ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද තීන්දුවක් ලබාදී තිබූ බව කී රංගේ බණ්ඩාර මහතා
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම වලකන ලෙස අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත බැලුවන්ගේ ගණන ගැන සිතන විට එම පුවත ගැන මහජනතාව තුළ ඇති උනන්දුව මැනවින් පැහැදිලි වෙයි...
ලබන සැරේ සියයට 1 පමණ බලාපෙරොත්තුවෙන්න