(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට සමගි ජනබලවේගයේ උසස් තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් අතර මේ දිනවල සාකච්ඡාවක් පැවැත්වෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමඟ සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගන්නා බවත් මහලේකම්වරයා ලංකාදීපයට සඳහන් කරයි
පක්ෂ නායකයන් සමග අවසන් තීරණයකට එළඹීමෙන් පසු මෙම නව තනතුරු ප්‍රකාශයට පත්කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, සජිත් පව්...!!!
ඔව් ඔව්. එයාව ශේප් කරගන්න එක රටේ කොහොම වුණත් සජබයේ ඇඟට ගුණයි.
පාඨලී හෝ සරත් ෆොන්සේකා විපක්ෂ නායක කල යුතුයි. නැතිනම් සමඟි බලවේගය ට වියත්මගට උන දේම තමයි වෙන්නේ.
එතකොට රාජිත පරාජිත ද? පාඨලීට වඩා ජ්‍යෙෂ්ඨයන් තව කෙතරම් ඉන්නව ද? මේකෙ සාධාරනත්වයක් නැහැ.
පක්ෂයක් තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පැවතීම අවශ්‍යයි. පාඨලීට පමණක් නොව දක්ෂතාව ඇති අයට ඉහළට ඒමට අවස්ථා ඇති කරන්නේ නම් ඉතා හොඳයි. ලංකාවේ නැත්තේ එයයි...
මෙයා එසේ මෙසේ තනතුරු නොවෙයි බලාපොරොත්තු වෙන්නේ.. නායක, අගමැති, ජනාධිපතිකම් තමයි මෙයාට ඕනේ... මෙයාට කිසිම ඡන්ද පදනමක් නැහැ. ප‍්‍රධාන පක්ෂ දෙකට පිං සිද්ධ වෙන්න තමයි තවමත් රැඳිලා ඉන්නේ...
මේ වෙලාවේ ඒක හොදයි