(නිමන්ති රණසිංහ)
කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2,220ක බර යන්ත‍්‍රයක් යකඩ බඩු කඩයකට විකුණා පොදු දේපල පනත ප‍්‍රකාරව වරදක් සිදුකළැයි කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්‍ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණීය මහතා අද (16) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනකු වන සුදත් සේනක සහ ජානක නාවුල්ල, කොළොන්නාව නගර සභාවේ ට‍්‍රැක්ටර් රථ රියැදුරෙකු වන පන්සල්හේන, දහම්පුර පදිංචි කහදමන්දමල්ලිකා මුදියන්සේලාගේ අසිත රුවන් බණ්ඩාර සහ අදාළ භාණ්ඩ මිලට ගත් නවගම්පුර, කොළඹ 14 පදිංචි මුරුලයියා දිනේෂ් යන අයවලූන්ය.
සැකකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති නිතීඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් නව නිති වාර්තා මෙන්ම නඩු තින්දු කිහිපයක් ගෙන හැර දක්වමින් ඇප පනත ප‍්‍රකාරව තම සේවාදායකයන්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එලෙස සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුමාධ්‍ය සංදර්ශන දාලා කරනවා නම් දවස් 02න් එළියට දානවා. නඩුත් හාමුදුරුවන්ගේ... බඩුත් හාමුදුරුවන්ගේ...