කරදියානට කසළ බැහැරකිරීමේ තහනම තාවකාලිකව ඉවතට කරදියාන කුණු කන්දට මිශ්‍ර සහ අවශේෂ කසළ බැහැර කිරීමට නොහැකි වන ලෙස බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් අද (01 ) සිට පනවා තිබූ තහනම දින කිහිපයකට අතිහිටුවමින් සීමා සහිතව කසළ බාර ගැනීමට පියවර ගත්බව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය. 01 September 2020
මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් කරන බව එස්බී කියයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කවුරු මෙහෙයවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම නැතිකර මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් බවට කඩිනමින් පත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය. 01 September 2020
කටුනායකට තවත් පී.සී.ආර් යන්ත්‍රයක් පී.සී.ආර් පරීක්ෂණ 1000 ක් කළ හැකි අංග සම්පූර්ණ රසායනාගාරයක් ඉදිරි දින කිහිපයේ දී කටුනායක ගුවන් තොටුපළෙහි ඉදිකිරීමට ජාත්‍යන්තර ශ්‍රමිකයන්ගේ සංගමය පියවර ගෙන ඇතැයි එම සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී සරට් ධාෂ් මහතා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවේ පවසා තිබේ. 01 September 2020
ලක්ෂ 20 ක ගංජා සමඟ යුවළක් අත්අඩංගුවට කළුතර දිස්ත්‍රික්කය පුරා මහා පරිමාණයෙන් කේරල ගංජා බෙදාහැරීමේ නිරත වූ කාන්තාවක් සහ පුද්ගලයෙක් බුලත්සිංහල කොබවක ප්‍රදේශයේදී සහ පයාගල කලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 20කට ආසන්න කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 01 September 2020
මෙවන් අත්වැරැද්දක් යළි සිදු නොවිය යුතුය දිවයින පුරා පසුගිය 17 වැනිදා සිදු වූ විදුලිය බිඳ වැටීම විදුලි අධිකාරිවරයකුගේ අත්වැරැද්දකින් ඇතිවූවක් බව ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබේ. අදාළ නිලධාරියා අතින් එම වැරැද්ද සිදුවී ඇත්තේ කෙරවලපිටිය උපබලාගාරයක සිදුකෙරුණු නඩත්තු කටයුත්තක දී බව සඳහන්ය. 01 September 2020
හෙරොයින්-කේරළ ගංජා සමඟ තිදෙනෙකු දැලේ වවුනියාවේ මණිපුරම් සහ කුරුමාඩු මංසන්ධිවලදී පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් හා කේරළ ගංජා ප්‍රවාහනය කළ සහ ළග තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 01 September 2020
මන්ත්‍රී කෑමවේලේ පැටිකිරිය ලබන සතියේ මැතිසබේට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුගේ කෑම වේල හා ඊට වැයවන මුදල සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර වාර්තාවක් මැතිසබයට ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය. 01 September 2020
මරණ දඬුවම නියමවූ අයකුට මන්ත්‍රී කෙනකු වෙන්න බෑ මරණ දඬුවමට යටත්ව සිටින පුද්ගලයකුට පාර්ලිමේන්තු අසුනක් හෙබවීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ අයිතියක් නැති හෙයින් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක කටයුතු කළ නොහැකි යැයි නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. 01 September 2020
නාකොටික් නිලධාරින්ගේ ‘කුඩු’ පොඩිලැසී පාටකර හැමතැනම බෙදලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ “පොඩි ලැසී” නමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් ලබා දෙන මත්ද්‍රව්‍ය කලාප අනුව වර්ග කර විවිධ වර්ණයන් යොදා ගනිමින් අලෙවි කර ඇති බවට තොරතුරු හෙළී වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (31) ප්‍රකාශ කළේය. 01 September 2020
20 වැනි සංශෝධනය මේ සතියේ කැබිනෙට්ටුවට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (31) පැවැසීය. 01 September 2020
නාකොටික් කුඩු ජාවාරමට එස්.ටී.එෆ් තව 12 ක් හවුල් නාකොටික් මත්ද්‍රව්‍ය ජාවාරමට පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 12 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ ඊයේ (31) කරුණු අනාවරණය කළේය. 01 September 2020
කේරළ ගංජා සමඟ අයෙක් පොලිස් බාරයට ගල්කිස්ස පොලිස් වසම තුළ කේරල ගංජා ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා සන්තකයේ තබාගෙන සිටි රුපියල් ලක්ෂ 5 කට අධික වටිනා ගංජා කිලෝ දෙකක් සමඟ අද (01) ශ්‍රී ධර්මාරාම පාර ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි . 01 September 2020
බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගය අවහිර වෙයි සැඩ සුළං නිසා බදුල්ල - බෝගහමඩිත්ත ප්‍රදේශයේ දැවැන්ත කොස් ගසක විශාල අත්තක් කඩාවැටී බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ එක් මං තීරුවක් අවහිර වී ඇති බව පොලිසිය පවසයි. 01 September 2020
රැඳවියන් 444කට ජනපති සමාව බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් 444දෙනෙකු ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 01 September 2020
කාන්තාවගේ කැති පහරින් ඥාතියා මරුට-සැමියා රෝහලේ කරන්දෙණිය යක්කටුව තවාන ප්‍රදේශයේ කාන්තාවක එල්ල කළ කැති පහරින් ඇගේ නිවසේ ජීවත්වූ ඥාතී පුද්ගලයකු මියගොස් ඇගේ සැමියා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි. 01 September 2020
රට ඉන්න පාතාලයෝ 13 ක් අත්අඩංගුවට ගන්න රතු වරෙන්තු දැනට විදේශ රටවල සැඟව සිටින නමගිය පාතාල කල්ලි සාමාජිකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සදහා එරෙහිව රතු වරෙන්තු ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි. 31 August 2020
කොරෝනා ආසාදිතයින් 37 දෙනෙක් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (31) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3049 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි 31 August 2020
දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට අද (31) පෙරවරුවේ සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ලංකාදීපය පැවසීය. 31 August 2020
මහනුවර භූ කම්පනයට හේතු සොයන්න තවත් කණ්ඩායමක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට 29 වැනිදා රාත්‍රීයේ විශාල පිපිරුම් හඬක් සමඟ ඇතිවූ භූ කම්පන තත්ත්වයට හේතුව කුමක්දැයි සොයාබැලීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තවත් කණ්ඩායමක් හෙට (1) දිනයේදී එම ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බව එම කාර්යාංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. 31 August 2020
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම් ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 31 August 2020
කොළඹ නගර සබේ එජාප මන්ත්‍රීවරු ගොනුකළ රීට් පෙත්සම සලකා බැලීම අනිද්දා තම එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කර ඇති රීට් පෙත්සම අනිද්දා (02) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. 31 August 2020
වයඹට -ඌවට ආණ්ඩුකාරවරු දෙදෙනෙක් දිවුරුම් දෙති වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිටි ඒ.ජේ.එල්.මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුවරයා ලෙස ද ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිටි රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (31) පස්වරුවේ දිවුරුම් දුන්හ. 31 August 2020
ඇමෙරිකානු ආරක්ෂක ලේකම්-ජනපති අතර දුරකතන සංවාදයක් ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සමබන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ආචාර්ය මාර්ක් ටී එස්පර් මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකතන සංවාදයක නිරත වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. 31 August 2020
ප්රනාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත වෙයි ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතා අද (31) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය. 31 August 2020
ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ගැන වාර්තා වෙයි මාසයකට පෙර ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු පිළිබඳ වාර්තා වී ඇති බවත් ඒ අනුව එම පිපිරුමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනී ශානි කළ්‍යාණරත්න මහත්මිය අද (31) පැවසුවාය. 31 August 2020
‘ජල පනතක් ගෙන එනවා ‘ ජල පනතක් ගෙන එන්නට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 31 August 2020
සම්පායෝ ඇතුළු සිව් දෙනාට ඇප දුෂණ හා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මීගමු බන්ධනාගාර හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදීමට මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) නියම කළාය. 31 August 2020
කොමිසමට එන්නැයි වැඩබලන පොලිස්පතිට නියෝග දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සැප්තැම්බර් 3 වැනිදා පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට අද (31) නියෝග කළේය. 31 August 2020
සංවර්ධන නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ඉල්ලයි ඉකුත් 2016 වසරේදී රාජ්‍ය සේවයට එක් වූ සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීම සඳහා 2019 දෙසැම්බර් මස පැවති කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල මේ වන තෙක් නිකුත් කර නොමැති බවට එම නිලධාරීහු චෝදනා කරති. 31 August 2020
අජිත් රෝහණ ජනපති කොමිසමට පොලිස් නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (31) පෙනී සිටියේය. 31 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026