
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් භාවිතයට නුසුදුසු තත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
ඒ යටතේ යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද රථවාහන කිහිපයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණ පසුගියදා (15) පරීක්‍ෂා කළේය.
කසළ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථයක්, ජිප් රථ හතරක් සහ ඩබල් කැබ් රථයක් මේ යටතේ නවීකරණය කර තිබිණි.
ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථය හැර අනෙකුත් සියලුම රථ යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව ප්‍රයෝජනයට ගෙන අයෝග්‍ය තත්වයට පත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ ඒවා වේ.
විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය මෙරට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් මහතාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්වල ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් මෙම සියලුම වාහන නවීන මාදිලියන්ට අනුව නවීකරණය කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. .මීට අමතරව යතුරුපැදි, වෑන්, ලොරි, ට්‍රක් සහ බස් ඇතුළු වාහන රැසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය ඇතුළු දිවයින පුරා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලවල් මගින් යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත්වැඩියා කර ඇත.
මෙලෙස යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම දෙනාට මෙහිදි යුද හමුදාධිවරයා ස්තූතිය පළ කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඉන්දු සමරකෝන් මහතා ද සහභාගී විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වාහන අර අවුරුදු 05කට පාර්ලිමේන්තුවට ආපු හාදයින්ට දෙන්න...
ඔන්න ඔහොම අර පාර්ලිමේන්තු හිඟන්නන්ටත් වාහන ටික හදලා දීපන් බං...
ඉතාම යහපත් දෙයක්... මහා පරිමාණයෙන් සිදුකිරීමට යුද හමුදාව මුල් වන්නේ නම් විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකිවෙිවි..!!!.
ඔය පරණ වාහන අලුත් වැඩියාවට යන වියදම ගණනය කරලා බලන්න. මගේ අදහසේ හැටියට පරණ වාහන අයින් කරලා ජපානයේ අවුරුදු 10ක් 15ක් විතර පරණ වාහන ඉතාමත් අඩු මුදලට ලංකාවට ගෙන්න ගන්න ලෙසයි. එකම දෙය ඒ සඳහා රජය අවසර දිය යුතුයි. (උදාහරණයක් විදිහට දැන් බොහෝවිට ඉලෙක්ට්‍රොනික පරිපථ අලුත්වැඩියා කරන්නේ නැහැ ඒ වෙනුවට ඉලෙක්ට්‍රොනික කාඩ් එකම ගෙන්නනවා.. එය පහසුයි, ලාබ දායකයි)
ඉතාමත් හොඳ වැඩක් සහ අනෙක් රඡයේ ආයතනවලටත් ආදර්ශයක්. ඔය වැඩවලට තව සේවකයින් ඕනෑනම් දියවන්නාවේ කියලා තැනක ඉන්නවා 225 ක් නිකං වැඩක් නොකර කකා බිබී අපේ සල්ලිවලින්...
අර ගොඩහේවාගේ වාහන දෙකක් තියෙනවලූ රෙපෙයාර් කරන්න...
විශිෂ්ඨ වැඩක්... ඔබේ කාර්ය මණ්ඩලයට ස්තුතියි...!!!