
(යොහාන් භාසුර)
සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මුළු ලෝකයේම නිෂ්පාදන සහ සැපයුම් ක්‍රියාවලි ජාලය සම්පූර්ණයෙන්ම අඩාලව ඇති බවත් කන්ටේනර් ගාස්තු සියයට 300 කින් වැඩි වීමෙන් මුළු ලෝකයේම ආහාර නිෂ්පාදනයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ වර්තමාන තත්වය සමස්ත ලෝකයටම පොදු බවත් රජය හැටියට මැදිහත්ව ලුණු, සබන්, තේ සහ හාල්මැස්සන් කරවල ආදි භාණ්ඩවල මිල අඩු කිරීමට කටයුතු කර ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වහන්න කියපු, කොරෝනා වවාගෙන කාපු අයගෙන් ඉල්ලගන්න කියන්න..
ජනතාව හිඟා නොකා හිඟාකනවා... ආණ්ඩුවට කිසිම වගක් නෑ...
හාල් කීයද ? කිරිපිටි කීයද? දැන් සැපද.?
තෙල් මිල ඉහළ යාමෙන් පසුව එහි පසුකම්පන පිළිබඳ සංඥා දැන් නිකුත් වෙමින් තිබේ. ගෑස් මිල රුපියල් 700කින් ඉහළ දැමීම, බස්ගාස්තු නැංවීම, පාන් බනිස් මිල ගණන් නැංවීම පිළිබඳ ඉල්ලීම් දැනටම ඉදිරිපත්ව තිබේ.
අනුන්පිට දමලා ගණන් වැඩි කරන්නයි හදන්නේ... කිසිම කරුණාවක් නැති මිනිසෙක්...
10 පන්තියේ ළමයි ටිකකට දුන්නා නම් මීට වැඩිය හොඳට රට පාලනය කරනවා.