‘20 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනි නෑ‘ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මත කරගැනීමට හැකි බවත් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අද (02) දැනුම් දී ඇත. 02 September 2020
වඩු මඩුවෙන් සොයාගත් හෙරොයින් කොස්තාපල්වරයකුට අයත් යැයි සැකයක් සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු මඩුවක සඟවා තිබිය දී පොලිසිය අද (2) සොයාගත් රුපියල් කෝටි 23 ට අධික වටිනා හොරොයින් කිලෝ 23 කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුට අයත් යැයි සැක කරන බව පොලිසිය පවසයි. 02 September 2020
හිටපු ආරක්ෂක ලේකම්ට - පොලිස්පතිට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය නොවැ 10 බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වැඩිදුර විභාගය නොවැම්බර් 10 වැනිදා තෙක් කල් තැබීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය. 02 September 2020
ගුවන් හමුදා බුද්ධි තොරතුරකින් වැලි ජාවාරමක් වටලයි වනාතවිල්ලුව පරණ එළුවන්කුලම ප්‍රදේශයේ කැණීම් බලපත්‍ර නොමැතිව නීති විරෝධීව පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් වටලා සැකකරුවන් සිව් දෙනෙකු සහ වාහන කිහිපයක් අද (02) අත්අඩංගුවට ගත්බව පුත්තලම පොලිසිය පැවසීය. 02 September 2020
එජාප නායකත්වයට ගම්පහින් රුවන් ඉල්ලයි එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කර, 2025දී රාජ්‍ය බලය ලබාගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව බියගම ප්‍රාදේශීය මභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා පැවසීය. 02 September 2020
ෆේස්බුක් සාදයේ 28 දෙනාට ඇප මුහුණු පොත හරහා සංවිධානය කර තිබු සාදයක් වටලා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයින් 26 දෙනා සහ තරුණියන් දෙදෙනා ඇතුළු 28 දෙනා ඇප මත මුදා හරින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (2) නියෝග කළේය. 02 September 2020
මිනුවන්ගොඩ අඹගහවත්ත තටාකයක් වෙයි පවතින වැසි සහිත තත්වය හේතුවෙන් මිනුවන්ගොඩ - කොළඹ මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශය ජලයෙන් යට වී තිබේ. 02 September 2020
ජපුරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ’ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී අද (2) පස්වරු 3.30ට පැවැත්වේ. 02 September 2020
පිළිකා රෝගීන්ට දෙනු ලබන එන්නතක් තාවකාලිකව නවතා දමයි පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන එන්නතක් හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීයකුට ලබා දීමෙන් පසුව එම රෝගියා මිය යාමත් සමඟ එම එන්නත රෝගීන්ට ලබා දීම තාවකාලිකව නවතා දැමූ බව හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරි මහතා පැවසීය. 02 September 2020
ඌව ආණ්ඩුකාරයා අවිධිමත් පත්වීම අවලංගු කරයි ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ලෙසට ඌව ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ පුද්ගලික කාර්යමණ්ඩලයේ පුද්ගලයෙකුට අවිධිමත් පත්වීමක් ලබාදී ඇතැයි පවසමින් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයන් දැක්වූ විරෝධතාවක් නිසා ඌව ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රය අද (02) උණුසුම්විය. 02 September 2020
අකුණු සැර වැදී ගවයෝ 27 ක් නසිති වැසි සහිත අකුණු සැර වැදීමෙන් මඩකලපුව - වාකරේ මාවඩිඔඩයිහි ප්‍රදේශයෙහි ගව ගාලක සිටි ගවයන් 27 ක් මියගොස් තිබේ. 02 September 2020
කඩොලන විනාශ කරමින් ඉස්සන් ටැංකි හැදීම ගැන විශේෂ පරීක්ෂණයක් කල්පිටිය පල්ලිවාසල්තුරේ කලපු තීරය ආසන්නයේ ඉස්සන් ටැංකි සැකසීමේදි කඩොලාන පරිසර පද්ධතියට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන නිලධාරී ජී.ඩී.ජී. සරත් කුමාර මහතා කියයි. 02 September 2020
කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් අගදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මාසය අග දී ආරම්භ කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (02) පැවසීය. 02 September 2020
ආඬිගම වැව් රක්ෂිතයේ බලෙන් පොල් සිටුවති ආඬිගම නගරයට ආසන්නව පිහිටි ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂක කලාපයට අයත් භූමියට නීතිවිරෝධීව ඇතුළු වූ කණ්ඩායමක් එහි බලහත්කාරයෙන් පොල් පැළ සිටුවමින් එම භූමිය සතු කරගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති. 02 September 2020
කෝටි 23 ක හෙරොයින් වඩු මඩුවකින් සොයාගනී සපුගස්කන්ද හෙයියන්තුඩුව වඩු මඩුවක සඟවා තිබූ රුපියල් කෝටි විසි තුනකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමඟ වයස අවුරුදු 37 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මීගහවත්ත පොලිසිය කියයි . 02 September 2020
පෞද්ගලික උත්සවවලට ජනපති නෑ ජාතික වගකීම් සපුරාලීම සඳහා දෛනික නිල කාර්යයන්වලදී ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෞද්ගලික උත්සව සඳහා ඇරියුම් නොකරන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි. 02 September 2020
නිවාස සංවර්ධන අධිකාරියේ ජනතා සේවය නිවාස සංවර්ධන අධිකාරියේ හිඟුරක්ගොඩ කාර්යාලයේ එක් නිලධාරියකු පමණක් සිටිය දී අනෙකුත් නිලධාරීන් සියලු දෙනා විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට කාර්යාලයෙන් පිටව යාම නිසා එම සේවා ලබා ගැනීමට පැමිණි ජනතාවට ආපසු හැරී හිස් අතින් යාමට සිදු වූ පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 02 September 2020
පාතාලයන්ගේ කෝටි 400 ක ඉඩම් - සැප කාර් තහනම් විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමින් යුත් ඉඩම් ඇතුළු දේපළ 12ක්ද, සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 26ක්ද සොයාගෙන ඇති අතර ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය. 02 September 2020
මහනුවර යළිත් සෙලවෙයි මහනුවර, දිගන ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් අද (2) උදෑසන ද සිදුවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. 02 September 2020
වැස්සෙන් ගාල්ලේ 7031ක් පීඩාවට වැහිසහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට අයත් පවුල් 1642ක පුද්ගලයින් 7031ක් විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. 02 September 2020
ජල බිල් නොගෙවීමෙන් මණ්ඩලයට කෝටි 300 ක පාඩුවක් ජල පාරිභෝගිකයින් ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 300 ක පමණ හිඟ මුදලක් අයවීමට ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 02 September 2020
මඩකලපුව - කල්මුනේ මාර්ගයේ අනතුරකින් තරුණයන් දෙදෙනකු මරුට මඩකලපුව - කල්මුනේ ප්‍රධාන මාර්ගයේ තාලන්කුඩාහි සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනකු මිය ගිය බව කාත්තන්කුඩි පොලිසිය පවසයි. 02 September 2020
දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම 02 September 2020
කළුගඟේ ජල මට්ටම ඉහළට රත්නපුර දිස්ත්‍රික්කයේ සමනල කඳුවැටිය ආශ්රිත ප්‍රදේශවලට ඇදහැලෙන තද වැසි සමඟ කළුගඟේ ජලමට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 02 September 2020
මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට මට්ටක්කුලිය මැද පාර ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථ දෙකක් කඩා වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. 02 September 2020
මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී කථිකාචාර්යවරු 5 ක් රෝහලේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් 5 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් අද (2) බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී ප්‍රපාතයකට පෙරළී තිබේ. 02 September 2020
වසර 31ක් පැරණි තැපැල් දුම්රිය මැදිරියක් ධාවනයට මැදිරි 200ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි පුද්ගලික සමාගම එක්ව තැපැල් දෙපාර්මේතන්තුවේ අවශ්‍යතාවට ගැළපෙන ලෙස වැඩ නිමවූ වසර 31ක් ඉපැරණි තැපැල් දුම්රිය මැදිරියක්, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියට එක් කර තිබේ. 02 September 2020
වැස්සෙන් ගාල්ල යටවෙයි ගත වූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 295ක අගයක් නාගොඩ බෙම්බඩින් වාර්තා වූ බව ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල්ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය. 02 September 2020
ඇල්පිටිය - නියාගම ප්‍රදේශවලට නාය යෑමේ අවදානමක් ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ලුතිනල් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය. 02 September 2020
තද සුළඟින් හම්බන්තොට නිවාස 19 කට හානි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හමාගිය දැඩි සුළඟකින් නිවාස රැසකට හා ව්‍යාපාර ස්ථාන රැසකට හානි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026