
(රොමේෂ් මධුෂංඛ)
පිලිසුම් තුවාල සහිත කුඩා තල්මසකුගේ මළ සිරුරක් මන්නාරම මුසලී කරඩික්කුලි මුහුදු වෙරළට ඊයේ (19) සවස ගොඩගසා තිබූ බවට ප්‍රදේශයේ ධීවරයෝ පවසති.
ධීවර කටයුතුවලට පැමිණෙන අවස්ථාවේදී අදාල තල්මසා දැක ඒ බව මන්නාරම් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට දැනුම් දී ඇත.
අදාල තල්මසාගේ සිරුරේ බොහෝ ස්ථානවල පිලිසුම් තුවාල තිබෙන බවටත් පසුගියදා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී එයට හසු වූ තල්මසෙකු බවට සැකකරුන්නෙ යැයි ප්‍රදේශවාසීන් හා ධීවරයින් පවසා සිටිති.
මේ අතර පසුගිය දින කිහිපය තුලදී මන්නාරමට හා යාපනයට මිය ගිය කැස්බෑවන් හා විශාල තල්මසෙකුගේ සිරුරක්ද ගොඩගසා තිබූ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හා රසායනික ද්‍රව්‍යන් හේතුවෙන් මෙලෙස මසුන් මිය ගොස් මුහුදු වෙරළට ගොඩගසන බවට ධීවරයින් වැඩිදුරටත් පවසා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ..!!! දෙවියනේ මේ පරිසර විනාශයට වගකිවයුතු කෙනෙකු වන එකතරා සභාපති කෙනෙකුව මාරුකළා. ඒත්, වැඩේට වගකිවයුතු නිසි සුදුසුකම් නොමැති වරාය කටයුතු හා සම්බන්ධ කෙනා ගැන කිසිදු පියවරක් ගෙන නැහැ...
ඔය වාරකන් නිසා වෙන්න බැරිද?
මම හිතන්නෙ මේ රජය අපහසුතාවයට සත්තු විසින් කරන කුමන්ත්රණයක් කියලා... වාරකන් කාලෙට මැරෙන තමන්ගේ සගයින්ව රෑට රෑට හිමිහිට ලංකාවෙ වටේට මුහුදු තීරවලට තමන්ගේම ඥාති සත්තු විසින් ගෙනත් තියලා යනවද කියලා කව්ද දන්නේ...?
තල්මසුන් හා කැස්බෑවුන් විපක්ෂය එක්ක සෙට්වෙලා කරන මරාගෙන මැරෙන ප්රහාරයක් මේක...
දැන් මුහුදේ සතුන් ගිනි තියාගෙන දිවි නසාගන්න කාලයයි...