
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
යුද හමුදා මේජර්වරයකු පැදවූ මෝටර් රථයක් බණ්ඩාරගම බොල්ගොඩ පොලිස් මාර්ග බාධකයට අද(19) දහවල් කඩා වැදීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි
එම අනතුරෙන් පොලිස් මාර්ග බාධකය දැඩි හානි සිදුවී ඇති අතර මේජර්වරයා පැතුම් මෝටර් රථයට හා යතුරු පැදියකට ද අලාභ සිදු වී ඇති බව පොලීසිය කියයි
හමුදා මේජර්වරයා බුත්තල පැවැති පුහුණු පාඨමාලාවකට සහභාගි වී අනතුරුව පානදුර වඳුරා මුල්ල ප්‍රදේශයේ නිවස කරා පැමිණෙමින් සිටියදී මෝටර් රථය මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් පරික්ෂා කරමින් සිටි යතුරුපැදි කැටිය අනතුරුව පොලිස් මාර්ග බාදක වෙත කඩා වැදී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි
හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට මහපාරේ යනවනම මේ පිලිබදව සොයා බලා නිතිය හරියට ක්‍රියා කළ යුතුයි
රනවිරුවෙක් නෙ නීතිය අදාල නැහැ යන්න දෙන්න
හමුදාව සාමාජකයින් මේ විදියට පාරේ ගියාම ඔවුන් පිළිබදව මහජනතාව දක්ව න ගෞරවය අඩුවෙනවා
වාහන නම් පාරේ යන විදිහට බොහෝමත්ම වෙලාවල්වලට හරිම අපරික්ෂාකාරියි.
වෙහෙස නිසා නිනිද ගියා වෙන්න බැරිද? එහෙනම් හදිසි අනතුරක්..
හදිසි අනතුරක් කියන්නේ... එක් කාටත් වෙන්න පුළුවන්.. පරීක්ෂණයක් කරන්න..