(යොහාන් භාසුර)
ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට (ජිම්) උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දැඩි ප්රශ්නකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.
මෙම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ ආයතන දෙකේම ටෙන්ඩර් ලිපිගොනුවල අඩුපාඩු ඇති බවත් වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් භාණ්ඩ මිලදී ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ.
එ සඳහා පත් කළ තාක්ෂණික කමිටුවේ නිලධාරීන් ද ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් මිලදී ගැනීමට අනුමැතිය පළ කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.
මෙම ආයතන දෙකෙන් එක සමාගමක් රුපියල් කෝටි 7.4 ක මිලක් ද, අනෙක් සමාගම රුපියල් කෝටි 6.6 ක මිලක්ද ඉදිරිපත් කළ ඇති බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව වැඩිම තැනින් ගන්න.
හොර තක්කඩි දේශපාලුවන් දියවන්නාව පට්ටියේ ලැග ඉන්න තාක්කල් ඔවුන් වටා ඉන්නෙත් ඔවුන්ගේ හෙන්චයියන්ය. එවන්නන්ගේ අවංකකම බලාපොරොත්තු විය හැකිද?
ඕක සාමන්‍ය දෙයක්..., ක්‍රීඩාව කෙලින්ම අයිති රාජපක්ෂ ගෘෘප් නැමැති සමාගමට. කලබල වෙන්න එපා.
මේ කොරෝනා අස්සේ ඔය ජිම් සෙල්ලම පටන් ගන්නකොටම මම හූනා කියන්නා වගේ කිව්වා.. ඕක හොඳ ගැහිල්ලක් වේවි කියලා..
"මෙම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ ආයතන දෙකේම ටෙන්ඩර් ලිපිගොනුවල අඩුපාඩු ඇති බවත් වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් භාණ්ඩ මිලදී ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ." රජයේ නීති හා රෙගුලාසි වලට අනුව.. ඒ ක්‍රමය හරි.
හොර පෙරකදෝරු ... ඔය කැබිනට් පත්‍රිකාව දැම්මේම ඕක රාජපක්ෂ හෙන්චයියෙකුට දෙන්න තමයි.
ටෙන්ඩරය අඩුපාඩු තිබ්බද? නැතිනම් අඩුපාඩු ඇතිකළාද? මේක එක ටෙන්ඩරයක්... මේ වගේ කොච්චර වෙනවද දෙයියෝ තමයි දන්නේ...!!!
ජිම් කට්ටලවලට හොඳ මිළක් ලැබුණු නිසා අපි ගොඩගියා මල්ලි...