
(ඩී.ජී.සුගතපාල)
තෙල් මිල ඉහල දැමිමිට විරෝධය පල කරන දැන්විම් ප්රදර්ශණනය කරමින් බක්කි කරත්තයක නැගි මාගාල්ලේ පාලම අසල සිට ගාල්ල නගරයට පැමිණි සිව් දෙනෙකු බක්කි කරත්තයද සමග අද(19)දහවල් ගාල්ල අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
එම සිව්දෙනා අතර ගාල්ල දිස්ත්රික්කයේ ප්රාදේශිය සභාවක හිටපු සභාපතිවරයෙකුගේ පුතෙකුද සිටින බව පොලිසිය පවසයි.
රජයට විරෝධය පල කරන දැන්විම් එල්ලාගෙන බක්කි කරත්තයේ නැගි පිරිස සිට ගාල්ල නගරයට ආසන්න වෙමින් සිටියදි සංචරණ සිමා උල්ලංඝණය කිරිමේ චෝදනාව යටතේ ජංගම මුර සංචාරක පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ තලාපිටිය ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් බක්කිය කුලියට ගෙන පැමිණ ඇති බවය.
ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංචරණ නීතියට මුවාවෙලා ආණ්ඩුවට ඕනේ හමදේම කරනවා...
සංචරණ නීති කැඩුවාට වඩා මෙතන බලපෑවේ තෙල්මිල වැඩිවීමට එරෙහිව කළ විරෝධයයි.
දැන් සැපද?
කොන්ද පණ තියෙන, පවුලේ වහන්න හොර වැඩ නැති විපක්ෂ නායකයෙක් නැති එකේ කරුමේ.... දැන් අසරණ ජනතාවටම හැමදේම කරන්න වෙලා...
මිනිස්සු ඔය කියන සංචරණ සීමා ඉවසයි තව ටික දවසක්....
ඔය කතාව මුලින්ම කීව කෙනා අත්අඩංගුවට ගන්නේ නැද්ද ? එතැනින් නේ පටන්ගන්න ඕනෑ.
සංචරණ සීමා උල්ලංඝනය කලේ මේ අය විතරද? අජිත් රෝහණ මහත්තයගෙන් මේ අහන්නේ?
උස්සාගෙන ඉන්නා පුවරුවල තියෙන දේවල් නිසා නොවේ... එහෙනම් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. හිට්ලර් කෙනෙක්නේ ඉල්ලුවේ... ඔය දෙන්නේ ලුණු ඇඹුල් එක්කම...
අජිත් ඔබ හරියට හරි... මොවුන් අල්ලලා හිරේ දාන්න ඕන. සැපද.. කියලා කියන්නේ වැරැදි වචනයක්.. ඒ්කවත් දන්නේ නැද්ද මේ මෝඩ මිනිස්සු...?
අපේ ආණ්ඩුවට විරුද්ධව කිසිම කෙනෙකුට කිසිම දෙයක් කියන්න තහනම්... අපේ රට, අපේ ආණ්ඩුව, අපේ නීතිය... හරිද?
අජිත් මහත්තයාට උසස්වීමක් හම්බවෙලාලු නේ?