ගංජා-හෙරොයින්-අයිස් සමඟ තිදෙනෙක් මීගමුවේදී අත්අඩංගුවට විවිධ මත්ද්‍රව්‍ය, මුදල්, ලොරි රථයක් සහ සුඛෝපභෝගී වෑන් රියක් සමඟ පුද්ගලයින් තිදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 03 September 2020
‘ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට සරිලන පරිදි ජපානය සහායදෙනවා’ ‘කොවිඩ්-19’ වයිරස වසංගතය මධ්‍යයේ මහ මැතිවරණය පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ ශක්තිමත් බව පෙනී යන්නේ යැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා කොළඹදී පැවැසීය. 03 September 2020
‘අත්අඩංගුවට ගන්නා කහ අධිකරණ කටයුතුවලින් පසු විනාශ කරනවා’ නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගන්නා කහ තොග රාජසන්තක කර විනාශ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 03 September 2020
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ගොනු කළ පෙත්සම වැඩිදුර විභාගය කල් තියයි තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය. 03 September 2020
මාතලේ මහ රෝහල මධ්‍යම රජයට පවරා ගන්න යයි මාතලේ මුලික රෝහල මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන අතර එය ඉදිරියේ දී මධ්‍යම රජයට පවරා ගැනීම සඳහා සියලු කටයුතු සුදානම්ව පවතින බව මාතලේ මුලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා පැවසීය. 03 September 2020
රිමාන්ඩ් සිරකරුවන් ගැන සොයන්න කමිටුවක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිව පවතින තදබදය අඩු කිරීම සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ උපදෙස් මත කමිටුවක් පත් කර තිබේ. 03 September 2020
මාංචු කුට්ටම්-ගංජා සමඟ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට පිලියන්දල මාකන්දන විජිතපුර නිවසක සඟවා තිබු අත් මාංචු කුට්ටම් දෙකක් හා ගංජා සමඟ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් අද (3) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස ක්ෂණික මෙහෙයුම් වැටලීම් ඒකකය කියයි . 03 September 2020
නෝර්වේ තානාපතිනිය කතානායක හමුවෙයි නෝර්වේ රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රීනා යුරන්ලි එස්කඩෙල් මහත්මිය අද (3) ප්‍රකාශ කළාය. 03 September 2020
හෙරොයින් ජාවාරමේ යෙදුණු බන්ධනාගාර නියාමක ඇතුළු සිවුදෙනා රිමාන්ඩ් හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් දින 7 ක් වේයන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කරන ලද බන්ධනාගාර නියාමක ඇතුළු සැකකරුවන් සිවුදෙනා ලබන 17 දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (03) නියම කළේය. 03 September 2020
ලක්ෂ 5 ක මත්පෙති-හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට අඟුරුවාතොට බටගොඩ සහ උඩුවර ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්පෙති , හොරෙයින් මත්කුඩු සහ ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙක් අද ( 3 ) අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලීසිය කියයි 03 September 2020
‘නව ව්‍යවස්ථාව ගෙනෙන දවස රටට කියන්න’ රජය මැතිවරණයේ දී පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවක් ගෙන ආයුතු බවත්, එය ගෙන එන කාලරාමුව ඉක්මණින්ම ජනතාව ඉදිරියේ පැවසීය යුතු බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 03 September 2020
මත්ද්‍රව්‍ය නඩු ගොනු අවසන් කරන්න නීතිපති උපදෙස් මෙම සතිය අවසන් වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නඩු අංශයේ මත්ද්‍රව්‍ය සිද්ධීන් වලට අදාළ කිසිඳු නඩු ගොනුවක් ඉතිරි නොවීමට කටයුතු කරන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා එම අංශයේ නිලධාරීන්ට අද (03) උපදෙස් ලබා දී ඇත. 03 September 2020
ආයෝජන ප්‍රවර්ධනයට අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් දේශීය විදේශීය ආයෝජන පහසුකම් පුළුල් කරමින් රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කර තිබේ. 03 September 2020
රනිල් හෙට ජනපති කොමිසමට එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (4) දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. 03 September 2020
විද්‍යුත් ක්‍රමයට අලෙවි කරන්න ගිය හෙරොයින් සමඟ 11 ක් අල්ලති විද්‍යුත් ක්‍රමයට අලෙවි කිරිමට සුදානම් කර තිබූ හෙරොයින් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු අද (3) දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 September 2020
වැඩ බලන පොලිස්පතිට ජනපති කොමිසමට එන්නැයි යළි නොතිසී වගඋත්තරකාර පාර්ශවයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 7වැනිදා පෙනී සිටීමට එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා දෙවැනි වතාවටත් අද (3) නොතීසි නිකුත් කළේය. 03 September 2020
’විධායකයේ බලතල කප්පාදුවට අත එසවූ පිරිස් 20 ශක්තිමත් කරන්න අත ඔසවනවා’ විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්රජාතන්ත්රවාදයත් දුර්වල කර ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යන 20 වන සංශෝධනයට සහය පළ කරමින් සිටින බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 03 September 2020
පාස්කු කොමිසමේ සටහන් අධිකරණයට දෙන්නැයි ගොනු කළ මෝසම් ඉවතට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිෂන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලමින් ගොනු කළ මෝසම් දෙක අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 03 September 2020
පිල්ලෙයාන් ජනපති කොමිසමට පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (03) එහි පොලිස් ඒකකය හමුවට පැමිණියේය. 03 September 2020
රාජ්‍ය ආයතනවල භාවිතයෙන් ඉවත් කළ වාහන අලුත්වැඩියා කර යළි භාවිතයට පියවර රාජ්‍ය ආයතනවලට අයත් දැනට භාවිතයට නොගන්නා වාහන 5,588 ක් අතරින් 4,116ක් අලුත්වැඩියා කර යළි භාවිතයට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 03 September 2020
‘බහුබූත ව්‍යවස්ථාව’ ගැන ඇන්.ඇම්. ලෙඩ ඇඳේ සිටම කිව්වා ’’මීට වසර 42කට පෙර ඇන්. ඇම්. පෙරේරා සහෝදරයා ලෙඩ ඇඳේ සිට ජේ. ආර්ගේ බහුබූත ව්‍යවස්ථාව ගැන කියූ, ලියූ සෑමදෙයක්ම අද වනවිට සැබෑ වී තිබෙනවා’’ යැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩී. වී. ගුණසේකර මහතා අද(03) පැවසීය. 03 September 2020
තවත් 6ක් සුවය ලබා පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 6දෙනෙකු සුවය ලබා අද(03) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය උදෑසන 10.00ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 03 September 2020
නැ’හිර මුහුදේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ 23 ක් බේරාගනිති නැගෙහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් ඔබ්බෙන් මුහුදෙන් ගමන් කරමින් තිබූ ලිහිසි තෙල් රැගත් නෞකාවක අද (3) ගින්නක් හටගෙන ඇතැයි සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය කියයි. 03 September 2020
මහජන දිනයේ ඇමැතිවරුන් හා නිලධාරීන් අමාත්‍යාංශයේ රැඳී සිටීම අනිවාර්යයි අමාත්‍යාංශවල මහජන දිනය ලෙස වෙන්කර ඇති බදාදා දිනයේ දී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් වෙනත් කටයුතු යොදානොගෙන ජනතාවගේ ගැටලු විසඳීම සඳහාම වෙන්කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇත. 03 September 2020
අබුඩාබියේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙක් මිය යයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි අවන්හලක ඉකුත් අගෝස්තු 31 වැනිදා ඇති වූ පිපිරීමකින් ලාංකිකයෙකු මියගොස් තවත් ලාංකිකයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව තහවුරු වී ඇතැයි අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 03 September 2020
ශානි යළි රිමාන්ඩ් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්ෂක රෝහණ මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා ලබන 17 දක්වා තවදුරත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (03)නියම කළේය. 03 September 2020
අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනක් අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 660ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් තවත් තිදෙනකු අද (3) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ කතරගම කඳවුරේ නිලධාරිහු කියති. 03 September 2020
කටුගස්තොට රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවක කටුගස්තොට ප්‍රාදේශීය රෝහලට අයත් ඉඩම හරහා, ගම්මානයකට මාර්ගයක් කැපීමට සූදානමක් පවතින බව ප්‍රකාශ කරමින් සහ එයට විරෝධය දක්වමින් රෝහලේ කාර්ය මණ්ඩලය, සංවර්ධන කමිටු සාමාජිකයෝ සහ ප්‍රදේශවාසීහු අද (03) විරෝධතාවයක නිරත වූහ. 03 September 2020
දිළිඳු පවුල් නඟාසිටුවන ප්රයත්නය අගයමු දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ඉකුත් දා ආරම්භ විය. රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාව රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව අප පුවත්පත වාර්තා කළ ප්රවෘත්තියක සඳහන් විය. 03 September 2020
ඉරණවිල වෙරලේ නාදුනන ධීවර යාත්‍රා දෙකක් හලාවත ඉරණවිල වෙරලේ තිබූ නාදුනන ධීවර යාත්‍රා දෙකක් අද (3) අලුයම සොයා ගත් බව හලාවත පොලිසිය කියයි. 03 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026