නෙළුවේ තවත් 13කට කොරෝනා නෙළුව ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වු අයගේ පවුල්වල සාමාජිකයින් 13 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 17 January 2021
තුන්දූවේ අගුලු අරී ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර හා බටහිර ග්‍රාම නිලධාරී වසම් අද(17) මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. 17 January 2021
අදත් කෝවිඩ් මරණයක් අද (16) දිනයේ කෝවිඩ් මරණයක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඒ අනුව මියගිය මුළු කෝවිඩ් මරණ ගණන 256කි. 16 January 2021
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහළට ඉන්දුනීසියාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහල ගොස් තිබේ. 16 January 2021
ඉන්දියානු සාගරයට දිගුදුර බැලස්ටික් මිසයිල ඉරාන විප්ලවවාදී හමුදාව විසින් සිදුකළ හමුදා අභ්‍යාසයකදී ඉන්දියානු සාගරයට දිගුදුර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 16 January 2021
කොරෝනා කර්මාන්තශාලා 5කින් 435ක් නිරෝධායනයට ඉංගිරිය, බොරළුගොඩ කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලා 5 කින් ආසාදිතයින් 20 දෙනෙකු හමුවීමෙන් අනතුරුව කර්මාන්තශාලා 3ක් තාවකාලිකව වසාදමා ඒවායේ සේවකයින් 435 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කළ බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා පවසයි. 16 January 2021
මුදල් - රන් භාණ්ඩ මංකොල්ලය ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 05ක් ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී රුපියල් කෝටි 4 ක පමණ රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව පොලීසිය පවසයි. 16 January 2021
කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54ක් කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු දින 06ක කාලයක් තුළ වාර්තා වී ඇති බවත් මෙම තත්වයත් සමග කොග්ගල වෙළඳ කලාපයේ පිහිටි අනිකුත් ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් වෙතද කොරෝනා වසංගතය පැතිරීයාමේ අවදානමක් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 16 January 2021
ග්‍රාමසේවා වසම් 05ක හුදෙකලා තත්වයන් ඉවත්කරයි ඇහැලියගොඩ ග්‍රාමසේවා වසම් 05ක් හුදෙකලා තත්වයෙන් අද (16) සිට ඉවත් කර තිබේ. 16 January 2021
කරාපිටිය රෝහලේදී සිරකරුවෙක් පලා යයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියක ගෙල වැලලා ගෙන සිටියදී බේරා ගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ 25 වැනි වාට්ටුවට ඇතුළත් කර සිටි සිරකරුවෙකු අද (16) අලුයම පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 16 January 2021
ඇඹිලිපිටිය - බලන්ගොඩ නගර සභා සභාපති තනතුරු තාවකාලිකව අත්හිටුවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති වවුලන්බොක්ක ගමගේ ලලිත් ධර්මකීර්ති මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන මහතාගේ සභාපති තනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලිකව අත්හිටුවීමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා නියෝග කර ඇත. 16 January 2021
බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දමයි සේවකයින් 04 දෙනෙකු කොවිඩ් -19 ආසාධිත යයි හඳුනාගැනීමත් සමගම අද (16) සිට අම්බලන්ගොඩ බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 16 January 2021
වර්ෂාවෙන් මඩකලපුවේ පවුල් රැසකට පීඩා මඩකලපුව දිස්ත්‍රිකයේ පසුගිය දින දෙකක් පුරා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පවුල් 10561ක, 34415 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාකරන් මහතා පැවසීය. 16 January 2021
මුදල් හා රන් භාණ්ඩ කොල්ලයක් ගම්පහ නගරයේ මූල්‍ය ආයතනයකට ඊයේ (15) සවස ගිනිඅවි රැගෙන කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනෙක් රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 16 January 2021
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු නිකුත් කෙරේ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු අද (15) පස්වරුවේ නිකුත් කෙරිණි. 15 January 2021
අද කොරෝනා ආසාදිතයන් 683 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 683 දෙනෙකු අද (15) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.49 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 15 January 2021
කොවිඩ් මරණ 255 ට නගී කොවිඩ් වයිරසය ආසාදනය වී අද (15) දිනයේ පුද්ගලයින් සිව් දෙනකු මරණයට පත්ව තිබේ. 15 January 2021
කොරෝනා මඬින්න එන්නත පෙබරවාරි මැද ලබාදෙනවා කොරෝනා වයිරසය මර්දනයට මෙරට ජනතාවට ’’ ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ’’ නමැති එන්නත ලබන මාසයේ (පෙබරවාරි) මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය. 15 January 2021
තවත් ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදකලා බවින් මිදෙයි කොවිඩ් - 19 වයිරසය හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට (16) උදෑසන 5.00 සිට ඉවත් කරනු ලබන බව කොවිඩ් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. 15 January 2021
ගුවන් තොටුපලේ ආරක්ෂාවට සුනඛ බලකායක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපොළ ආරකෂක තත්වය තවදුරටත් තහවුරු කිරීම සදහා 20 දෙනෙකුගෙන් යුත් පුහුණුව ලත් සුනඛ කණ්ඩායමක් යෙදවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. 15 January 2021
උතුරු කොරියාව ’ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ’ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල කිහිපයක් ප්‍රදර්ශනය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 15 January 2021
ඇමැති ජොන්ස්ටන්ට නඩු පවරා ඇති ආකාරය නීතිවිරෝධියි ස.තො.ස. සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව සිය දේශපාලන කටයුතු වල යොදා ගැනීමේ දීරජයට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති ආකාරය නීතිවිරෝධී බව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (15) තීරණය කළේය. 15 January 2021
කොග්ගල ඇඟලුම් කම්හලක 829 ක් නිරෝධායනයට කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ඇගලුම් කම්හල් දෙකක කොරෝනා වයිරසය ආසාදනය වු සේවක සේවිකාවන් 39 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස 829 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 15 January 2021
නකලස් කලාපයේ මී ගවයින් මරා හිස් මහමග දමාගිහින් ලෝක උරුම නකලස් වන භූමියේ නිදැල්ලේ සිටි මී ගවයින් දෙදෙනෙකු ඝාතනය කර, උන්ගේ හිසෙහි කොටස් පිටවල පතන හා රිවස්ටන් මුදුන ආශ්‍රිතව මාර්ග අසල දමා තිබිය දී සංචාරකයන් පිරිසකට හමුවී ඇත. 15 January 2021
ඊ.ටී.අයි. සැකකරුවන්ට ඇප මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඊ.ටී.අයි ආයතනයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ඇප මත මුදා හරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (15) නියෝග කළේය. 15 January 2021
අ’පුර අවන්ති දේවි ළමා නිවාසයේ පාලිකාව රිමාන්ඩ් අනුරාධපුර අවන්තිදේවි කාන්තා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එහි ප්‍රධාන පාලිකාව මේ මස 18 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (15) නියෝග කළේය. 15 January 2021
මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6ක් රූපලාන්යාගාරයකදී සිහිසුන්වී රෝහලේ මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයකදී ආසාත්මිකතාවක් හේතුවෙන් මනාලියන් දෙදෙනෙකු ඇතුළු 6දෙනෙකු රෝහල් ගතකර ඇතැයි මිරිගම පොලිසිය කියයි. 15 January 2021
මීරිගම බැංකුවක් වසාදමයි මීරිගම නගරයේ පිහිටි බැංකුවක සේවිකාවක කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීම හේතුවෙන් බැංකුව අද(15) වසා දැමූ බව මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා සඳහන් කළේය. 15 January 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 28 ක් පළාත් සභා මැතිවරණය ඉල්ලති පළාත් සභා මැතිවරණ ඉක්මණින් පවත්වන්න යැයි පාර්ලිමේන්තුවට පත්වී සිටින පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු 28 දෙනා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිති. 15 January 2021
ගාලු හෝටලයේ ආසාදිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයයි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලැගුම් ගෙන සිටින, ගාල්ලේ පිහිටි තරුපන්තියේ හෝටලයක මුළුතැන්ගෙයි සිටින ආසාදිත අරක්කැමියන් දෙදෙනාගේ ආශ්‍රිතයින් සොයමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා සඳහන් කළේය. 15 January 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026