( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොළඹ වරාය ආසන්නයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ මසුන් මැරීමේ කටයුතු අත් හිටුවීමට තීරණයෙන් පීඩාවට පත් සෑම ධීවරයකුටම රුපියල් ලක්ෂ 5 ක් බැගින් වන්දි ගෙවන්නැයි රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (23) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයින් දෙදෙනකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු සහ වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු යන මහත්වරු මෙම පෙත්සම ගොනු කළහ.
නීතීඥ මංජුල බාලසූරිය මහතා මගින් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති ඇතුළු 12 දෙනෙක් නම් කරනු ලැබ සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ ධීවරයින්ගේ පාඩු යන්තමින් හෝ මකාගන්න.
ඕකටත් ලිස්ට් හදන්න මොරටු සමන් වැනි ප්‍රාදේශීය දේශපාලකයෝ ඉදිරිපත් වේවිද?