(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොවිඩ් වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවසීය
වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.
මෙය ශ්‍රී ලංකාවට පමණක් විශේෂවූ තත්වයක් නොවන බවත් ලෝකයේ බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට විසඳුම් සොයමින් සිටින බවත් මහාචාර්යවරයා කීවේය.
වසංගත සමයේදී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ප්‍රධාන උපක්‍රමය ලෙස පාවිච්චි කරන්නේ මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය බව පැවසූ අධ්‍යාපන ඇමතිවරයා "ගුරුගෙදර"ඊ තක්සලාව වැනි වැඩසටහන් මේ සඳහා දැනටමත් යොදා ගන්නා බවද ප්‍රකාශ කළේය.
ගුරුගෙදර පාඩම් රූපවාහිනිය හරහා ලබාදෙන බවද ඊ තක්සලාව ඉන්ටනෙට් ක්‍රමවේදයක් බවද ඔහු පැවසුවේය.
මේ මාධ්‍ය ප්‍රයෝජනයට ගත නොහැකි දරුවන් පිරිසක්ද සිටින බවත් ඒ ගැටළුවටද ප්‍රායෝගික විසඳුම් ලබාදීමට වෙහෙසෙමින් සිටින බවත් පීරිස් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්ලයින් කරලා ඉවර වෙනකල් පාසල් විවෘත කරන්නේ නැති බව අපි දන්නවා.
ගෙදර ඉඳන් ඔන්ලයින් යන ළමයින්ට ඩේටා පහසුකම් නොමිලේ හෝ අඩු ගාණකට ලබාදෙන්න... යම්කිසි ප්‍රමාණයක්, දැන් දෙමව්පියන්ට කාඩ් හෝ පැකේජ් ගේන්න සල්ලි නැහැ. මේකවත් කරන්න අඩු ගානේ.
ඇයි මහාචාර්යවරයාට තේරෙන්නේ නැත්තේ ඉන්ටර්නෙට් මගින් උන්ගන්වන එක අඩු අාදායම්ලාභීන්ට කරගන්න බැරි බව? ලංකාවේ ටීවී චැනල් කීයක් තියෙනවද? ඒ හැම එකකින්ම දිනකට පැය 4ක් බැගින් අරගෙන ක්‍රමවත්ව පාඩම් සකස් කර විකාශනය කළා නම් දරුවන්ට යම් හෝ සහනයක් තියෙනවා නේද?
කාලෙකට පස්සෙ ටිකක් බුද්ධිමත් කථාවක් අහන්න ලැබුණා. මහාචාර්යතුමාගේ මොලේ පෑදිලා වගෙයි.
ළමයි කියන්නේ රටක අනාගතය. ඔවුන් සුරැකිය යුතුයි. ලෝකයේ හැම රටක්ම පාසල් වසාගෙන මාර්ගගත ක්‍රමය භාවිතා කරනවා. පාසල් විවෘත කරන්නට කළබල විය යුතු නෑ. මාර්ගගත පහසුකම් නැති ළමයින් ගැන බැලිය යුතුයි. මේ සෑම ප්‍රශ්නයක් ම දේශපාලන ඇස්වලින් බැලීමට තරම් අප අමනයින් නොවිය යුතුයි..
පන්තියක සිසුන් 20 ට අඩු පාසල් ආරම්භ කරන්න. ඒ වාගේ පාසල් දරුවන්ට තමා අන්තර්ජාල පහසුකම් නැත්තේ... තදබදය අඩු නිසා සෞඛ්‍යාරක්ෂිතයි. නගරබද පාසල් දරුවන් සිටින අධික තදබදයක් සහිත පාසල් ඔන්ලයන් ක්‍රමයට යමු... එම දරුවන්ට බොහෝවිට ඔන්ලයින් තියෙනවා. එම පාසල්වල ඔන්ලයින් නැති දරුවන් පමණක් පාසලට ගෙන් වූ විට සෞඛ්‍යාරක්ෂිතව අධ්‍යාපනය ලබාදිය හැකියි.
මෙහෙම කරන්න බැරිද? ඔන්ලයින් ඉගෙන ගන්න පුලුවන් ළමයි සංගණනයක් කරලා එහෙම ඉගෙන ගන්න බැරි අය පාසලට ගෙන්නලා ඒ පාඩම ඒ වෙලාවේම ඔන්ලයින් විකාශය කරන්න බැරිද? එතකොට ළමයි පන්තියක 20ක් ඉන්නවා නම් 10 දෙනෙක් වගේ ගෙන්නලා පාඩම් ටික කරන්න පුලුවන්...