
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තුවාලය පෙන්වමින් හිඟා කන හිඟන්නාගේ ඒ තුවාලය සුවකිරීමට යෑමේදී ඔහු කලබලයට පත්වීම ස්වාභාවික බවත් ආර්ථික ප්රශ්නය නමැති තුවාලය මේ ආණ්ඩුව සුව කිරිමට යද්දි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලබලවී ඇත්තේද ඒ ආකාරයටම බවත් මුදල් , ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවැසීය .
ඔහු මෙසේ පැවසුවේ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වූ යෝජනාව පිළිබඳ විවාදයේදීය .
වත්මන් රජය බාර ගත්තේ අගාධයට ඇද දමා තිබූ ආර්ථිකයක් බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රජයට අද සියල්ල කිරීමට සිදුවී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් සමග යැයි ද ප්‍රකාශ කළේය.
මිනිසුන්ගේ ජීවිත රැක ගන්න ගමන්ම රටේ ආර්ථික ප්‍රශ්නයටද රජය මුහුණ දෙන බව ඔහු පැවැසුවේය.
මිනිසුන් ගේ ජීවිත හා ජීවනෝපාය යන දෙකම රැක ගැනීම මේ වෙලාවේ ඉතාම අමාරු බවත් රජය මේ අවස්ථාවේදී විපක්ෂයේ සහායද ඉල්ලා සිටින්නේ ඒ නිසා බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.
පොදුවේ විපක්ෂය ඒ සහය මෙතෙක් ලබා දී නැතැයිද ඔහු චෝදනා කළේය.
කෙසේ වෙතත් සමහර මන්ත්‍රීවරුන් රජයට සහය දක්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බවත් මුදල් රාජ්‍ය ඇමතිවරයා කීවේය.
විපක්ෂය හැටියට රනිල් වික්‍රමසිංහ මහතා අද හොඳ කතාවක් කළ බවත් ඒ කතාවෙන් අනෙක් අයටත් පාඩම් උගෙන ගත හැකි බවත් ඔහු කියා සිටියේය.
සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බවට වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන් බවද කබ්රාල් මහතා සිහිපත් කළේය.
කොවිඩ් පාලනයට අමතර මුදල් අවශ්‍යවී ඇති බවත් සියලු කටයුතු කරද්දී ජනතාවට ණය සහන ලබාදී ඇති බවත් ඔහු පැවසුවේය.
මේ සහන සඳහා රජය බැංකුවලට රුපියල් කෝටි තුන්ලක්ෂ හතළිස් එක් දහසක් ලබා දී ඇතැයි පැවසූ කබ්රාල් මහතා රට ආර්ථිකමය පැත්තෙන් වර්ධනය වී ඇත්තේ ඒ සහන නිසා බවද සඳහන් කළේය.
සෞභාග්‍යා ණය යටතේ ජනතාවට බිලියන මිලියන 160 ක් ලබා දී ඇතැයිද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා ව්‍යාපාර කටයුතු වලින් මුදල් ඉතිරි කල රටට ණය නැති සාමාන්‍ය ජනතාවගේ ඉතුරුම් වල පොලිය අඩුකර බොල් ණය කරුවන්ට අඩු පොලී ණය දීලා රටේ සල්ලි බංකළොත් බැඳුම්කර වල දමලා කොමිස් ගත්ත මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම දුකක්. මූණ දැක්කාම දවසේම කැඳත් නැතිවෙනවා...
අගාධයට වැටුණු ආර්ථිකයක් ඇයි බාරගත්තේ ගෙදරට වෙලා ඉන්නේ නැතිව..? නිකම් බයිලා කාරයෝ...
සත පහකට වැඩක් නෑ..!!!
ඔලුවක් තියෙන එක යම්කිසි දුරකට හෝ මේ තත්වය තේරුම් ගත්තත් ඔලුව නැති එක මේ වෙලාවේ කරන්නේ වටේ කියව කියවා යන එක... මොකද එයා දකින්නේ එක පැත්තක් විතරයි.
ඔව් ඒක ඇත්ත අපිට පේනවා තවම පොහොසත් අය විදින සැප
විපක්ෂේ නෙමෙයි, මහජනතාව නම් හිතන්නේ හැසිරෙන්නේ සහ කන්නේ බොන්නේ හිඟන්නෝ වගේ. අවාසනාවට මේ වගේ උඩඟු මිනිස්සුන්ට උකස් පෝලිමේ ඉන්න මහජනතාව පේන්නේ නෑ...
ලංකාව සුර පුරයක් කරනවා කියලනේ බාරගත්තේ
අපිට නම් පේන්නේ කොරෝනා කියන තුවාලය වවන් කන්නේ ආණ්ඩුව... ඉවරයක් කරන්න හිතන්නෙවත් නෑ මේ ආත්මයට...
අත ගැහුවොත් හොරකමක්... මතකයිනෙ ග්‍රීක බැඳුම්කර, හෙජින් ගනුදෙනුව, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා.. වලට වියදම් කළ ප්‍රකෝටි ගණන් මහජන මුදල් මොනතරම් නාස්ති කරාද? අපේ රට හිඟන රටක් වුනේ මේ තකතීරු නායකයන්ගේ මෝඩ වැඩ නිසා. පව් අපේ මාතෘභූමිය...
බයිලා ගැහැව්වට තමුන් පවුල් පාලන ආණ්ඩුවත් එක්ක කරපු දේවල්, ගහපු ඩීල් ගැන දන්නෝ දනිති. ඒකනේ රාජ්‍ය ඇමතිකම පුදලා තියෙන්නේ. මේ වෙනකොටත් නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි. බොරු බේගල් ගහලා අනුන්ට වරද පටවන්න හැදුවාට දූෂිත දේශපාලුවන්ගේ පැටිකිරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ දනිති.
රට හිඟන්නෝ කලේ ඔබයි, ඔබේ ඇට්ටර හොරු රැලයි. ග්‍රීක බැඳුම්කරවලින් කෝටි ගණන් නැතිකලේ කවුද..? එක එක හොර සූදු රටට ගෙනාවේ කවුද...? රට හිඟන තත්වයට ඇදලා දමලා තව කට ගහනවා. මේ වගේ අය මොනවට මේ ලෝකෙට උපන්නද?
එතකොට එහෙනම්, හොරුන් හිතන විදියට හිතනා එක හරි වෙන්නැති නේද?
2005 ඉඳන් අදවෙනකම් රටේ ජනතාවගේ ධනයෙන් 50%ක් විතර හොර නඩයක් ඇවිල්ලා හොරා කෑවා. 2005 එනකොට එයාලට මොනවද තිබුණේ... අද කොහොමද එයාලාට තියෙන ධනය? ඔය දෙක අතර වෙනස බැලුවා නම් හොයාගන්න පුළුවන් අපේ ජාතික ධනය කා ගාවද කියලා..
විපක්ෂය හිතන්නේ හිඟන්නා හිතන විදිහට නම් ආණ්ඩුව හිතන්නේ බේබද්දා හිතන විදිහටයි. කන්න නැති වෙනකොට ගෙදර බඩු විකුණනවා.. ඊට පස්සේ තියෙන ඉඩම් විකුණලා කනවා,
කබ්රාල්ලාගේ, ගොඩහේවාලගේ ප්‍රායෝගික දැනුම පේන්නේ දැන් තමයි.
ලංකාවේ දේශපාලකයින් කවද්ද කිව්වේ ඉස්සර ආණ්ඩුවේ හොඳ වැඩ...? හැමදාම වුණේ ඕකම තමයි.
ඔබ හරි, ආණ්ඩුව සුපිරි විදිහට සල්ලි වියදම් කරනවා කොරෝනා වලට...දැන් බටහිර කුමන්ත්‍රණ ඉවරයි... කාලයකට...