පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්ෂ 10 ක ඇඳුම් කට්ටල ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ අනුග්‍රහයෙන් හා සම්බන්ධිකරණයෙන් විශේෂිත ආරක්ෂිත පි සි ආර් පරික්ෂණ සඳහා භාවිතා කරන ලක්ෂ 10 ක පමණ වටිනා ඇදුම් කට්ටල 5,000 ක් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් මහේෂ් ගුණසේකර මහතා මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාට අද (04) මහනුවර මහරෝහලේදි පරිත්‍යාග කළේය. 04 September 2020
රනිල්ගෙන් පැය 4 ක ප්‍රකාශයක් වගඋත්තරකාරයකු ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැය හතරකට ආසන්න කාලයක් සාක්ෂි දුන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පස්වරුවේ ජනාධිපති කොමිසමින් පිටව ගියේය. 04 September 2020
මන්ත්‍රී මනූෂ නානායක්කාරට වරෙන්තු නඩුවක සාක්කිදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) වරෙන්තු නිකුත් කළේය. 04 September 2020
සුවය ලැබූ 18ක් පිටව යති කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 18දෙනෙකු සුවය ලබා අද(04) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 04 September 2020
අවුරුද්දක් තිස්සේ වල් ඌරන් - ඉබ්බන් මරා මස් විකුණලා විවිධ පෙදෙස්වල රක්ෂිත කැලෑවලින් අල්ලාගත්, ආරක්ෂිත සතුන් ලෙස සැලකෙන වල් ඌරන් හා ඉබ්බන් මරා මස් විකිණීමේ යෙදුණු බව කියන දෙදෙනෙකු කදිරාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්යක්ෂ කාර්යාලය කියයි. 04 September 2020
රවී ඇතුළු 7කගේ පෙත්සමට විරෝධතා ගොනුකරන්න නීතිපතිට කල් දෙයි හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් සම්බන්ධයෙන් වන විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට ලබන 14 වැනිදා තෙක් කල් ලබාදීමට අභියාචනාධිකරණය අද(25) තීන්දු කළේය. 04 September 2020
චොකා මල්ලීගේ ඉල්ලීම සලකා බැලීම 7 දා මරණ දඩුවම් නියමව සිටින තේරීපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙනවාද නැත්ද යන්න පිළිබද අතුරු නියෝගය ලබන සදුදා (07) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය. 04 September 2020
ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් රැම්සා තෙත් බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිළුන්දාව කුරුළු අභය භුමියට නිති විරෝධිව ඇතුළු වී එහි භුමිය ඩෝසර් කළ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි දෙදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි දෙදෙනා තවදුරටත් මේ මස 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද ( 4 ) දහවල් නියෝග කළේය. 04 September 2020
තෙල් නැවේ ගින්න නිමන්න ඉන්දියාවත් එක්වෙයි නැගෙනහිර මුහුදේ ගිනි ගන්නා ඉන්ධන නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් හා නාවික හමුදා නෞකා හතරක් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් සමඟ වරාය අධිකාරියේ ටග් යාත්‍රාවක් කටයුතු කරමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 04 September 2020
ත්‍රිරෝද රිය පෙරැළී 6 ක් රෝහලේ මීගහකිවුල, පිටමාරුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් අද (04) දහවල් පෙරැළී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවකු , කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 04 September 2020
ගොඩ කළ කුඹුරු යළි වපුරන්න නියෝග මීරිගම ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ලෝලුවාගොඩ පිහිටි ලොල්ලන් පොත්ත වෙල්යායේ ගොඩ කර ඇති බව කියන කුඹුරු කොටස් වහා පිළිසකර කර වී ගොවිතැන සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ගම්පහ දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් සුජිත් ප්‍රේමරත්න මහතා ඉඩම් හිමියන් වෙත අද (4) නියෝග කළේය. 04 September 2020
ළමා නිවාසයකින් පලායමින් සිටි දරුවන් තිදෙනෙකු පොලිසියට මාතලේ ප්‍රදේශයේ ප්‍රධාන ළමා නිවාසයක පරිවාස බාරයේ සිටි බාල වයස්කාර සිසුන් තිදෙනෙකු එහි තාප්පයෙන් පැන පලායමින් සිටියදී වාහනයක ගමන් ගත් අයෙකුට හමුවී කටුගස්තොට පොලිසිය වෙත අද (04) බාර දී තිබේ. 04 September 2020
බන්ධනාගාරයට ආ සැකකරුවකුගේ යට ඇඳුමෙන් සිම්පත් තුනක් වැලිකඩ බන්ධනාගාරයට ආ සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ සිම් පත් 3 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 04 September 2020
බීමතින් අශෝභනව හැසිරුණු කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට බීමත්ව අශෝභනව හැසිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය කියයි. 04 September 2020
වී.අයි.පී. අමුත්තාගේ ගමන් මල්ල සෝදිසි කළ පොලිසියේ 3 කට මාරුවීම් ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ඇතුළු තිදෙනකු එම පොලිසියෙන් මාරු කර යවා ඇතැයි වාර්තා වෙයි. 04 September 2020
විස්කි වතුර කර බෝතල් 924 ක් පිටරට යවලා විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදු වංචා කරමින් ප්‍රතිඅපනයනය කරන මහාපරිමාණ මත්පැන් ජාවාරමක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරීක්ෂකවරයකු ඇතුළු රේගු පරීක්ෂකවරුන් තිදෙනකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (03) නියෝග කළාය. 04 September 2020
ප්‍රේමලාල් මන්ත්‍රීගේ ගැටලුව අවුලකින් තොරව විසඳාගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් දිව්රුම් දීම විවාදයකට තුඩු දී තිබේ. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 104,237ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වන විට මහාධිකරණයෙන් මරණීය දණ්ඩනයට නියම කරනු ලැබ සිටීම එයට හේතුවයි. එකී නඩු තීන්දුවට එරෙහිව ජයසේකර මහතා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ. එම ඇපෑල තවම උසාවිය හමුවේ විභාගයට ගෙන නැත. 04 September 2020
හොර නෝට්ටුවක් දී ඉන්ධන ගන්න ගියපුද්ගලයෙක් අත්අඩංගුවට ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබා දී යතුරු පැදියට ඉන්ධන ලබා ගැනිමට තැත් කළ පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසයි. 04 September 2020
ලක්ෂ 4 ක හෙරොයින් සමඟ අක්කා නඟෝ පොලිස් බාරයට එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමඟ පානදුර නිව්ඩාව ප්‍රදේශයේ නිවසකදී අද (4) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි 04 September 2020
ගුවන් භටයන් 5කට විදුලිසැර වැදී ත්‍රි‘මලේ රෝහලට චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිගේ වාර්ෂික පරික්ෂණය පැවති අද (4) උදෑසන වාර්ෂික පරික්ෂණයට පෙර විදුලි නඩත්තු කටයුත්තක යෙදී සිටි ගුවන් භටයන් පස්දෙනෙකුට විදුලිසැර වැදී ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර සිටින බව රෝහල් පොලිසිය කියයි. 04 September 2020
විහින්ම වළ කපාගත් ප්රභාකරන් වසර ගණනාවක් තිස්සේ එකපිට එක ආ ආණ්ඩු යටතේ, ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර සාම සාකච්ඡා නොකඩවා පවත්වාගෙන යන්නට නෝර්වේජියානුවෝ සමත් වූහ. 04 September 2020
විදෙස්ගතව සිට පැමිණි තවත් 10 කට කොරෝනා කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (03) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3111 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 03 September 2020
කොරෝනා අවදානම තවමත් තුරන් වී නෑ කොවිඩ් අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නොමැති බවත්, රට නැවත අනාරක්ෂිත වීම වැළැක්වීම සඳහා සෑම ශ්‍රී ලාංකීකයෙක්ම වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 03 September 2020
නෞකාවේ ගින්න නිවන්න ඉන්දියාවෙන් සහාය නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් ගමන් කරමින් තෙල් ප්‍රවහනය කරන නෞකාවක හටගත් ගින්න නිවීමට සහාය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ නෞකා තුනක් පිටත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 03 September 2020
ගිනි ගත් නැවේ සිටි පුද්ගලයෙක් බේරාගැනේ නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගත් , පැනමා රාජ්‍යට අයත් තෙල් නැවේ සිටි තුවාල ලැබූ පුද්ගලයෙකු නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට රැගෙන එනු ලැබීය. 03 September 2020
ඊශ්‍රායලයේ - ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 280 ක් මෙරටට ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 220 ක් හා ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අද (03) පෙරවරුවේ ශ්‍රී ලංකාව බලා පිටත්විය. 03 September 2020
නංගීට පිහියෙන් ඇන්න අයියා අත්අඩංගුවට සිය නැගිණියට පිහියකින් ඇන තුවාල කළේ යැයි සැකපිට පුද්ගලයෙකු අද (3) සවස අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 03 September 2020
පාර්ලිමේන්තු භෝජනාගාරයේ නිලධාරියෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා පලතුරු සැපයුම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. 03 September 2020
දැව ප්‍රවාහන නීති ලිහිල් කළ යුතුයි දැව හා මැටි ආදී අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ග්‍රාමීය කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවලට මුහුණ පා ඇතැයි වේවැල්, පිත්තල මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා පැවැසීය. 03 September 2020
’හයිබ්‍රිඩ් සුද්දා’ හා සමීප සබඳතා පැවැත්වූ කත රිමාන්ඩ් හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින, ’හයිබ්‍රිඩ් සුද්දා’ නමැති තැනැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකාරියක් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍ර රාජා මහතා අද(03) නියම කළේය. 03 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026