(ඉන්දිකා රාමනායක)
කොවිඩ් වසංගත තතත්ත්වය හමුවේ කොළඹ වරාය වෙත ප්‍රදානය කළ නවීන පී.සී.ආර් යන්ත්‍රයක් හා එහි උපකකරණ මාස තුනක පමණ කාලයක් පුරා කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වරාය රසායනාගාරයේ තබා ඇතැයි වරාය ආරංචි මාර්ග පවසයි.
යන්ත්‍රය ලැබී මාස තුනකට ආසන්න වුවද වරායේ සෞඛ්‍ය අංශ එම යන්ත්‍රයේ පැකින් පවා ඉවත් නොකර පැත්තකට දමා ඇති බවත් මෙම යන්ත්‍රය සමඟ ලබා දී තිබූ රසායනික ද්‍රව්‍ය ලබන ජුලි මස කල් ඉකුත් වීමට නියමිත බවද කොළඹ වරායේ උසස් නිලධාරියෙක් පැවසීය.
වරාය පැතිර තිබූ කොරෝනා වයාරසය පාලනය කර එහි මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් ඉකුත් මාර්තු මස වරාය අධිකාරියේ එවකට සිටි සභාපති ජෙනරාල් ( විශ්‍රාමික) දයා රත්නායක මහතා වෙත ප්‍රදානය කර තිබිණි.
මෙහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ කිහිප දෙනකු වෙත පුහුණුවක්ද ලබා දී ඇති බවත් එසේ පුහුණු වීම් ලබා දුන්නද මෙම යන්ත්‍රය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන මෙලෙස තබා තිබීම ජාතික අපරාධයක් බව වරාය ආරංචි මාර්ග පවසයි.
මෙම යන්ත්‍රය ප්‍රයෝජනයට ගන්න ලෙසට සභාපතිවරයා වරායේ ප්‍රධාන වැඩබලන වෛද්‍යවරියට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද.ඇය එම ඉල්ලීම මෙතෙක් ඉටු කර නොමැති බවද වරාය ආරංචි මාර්ග ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
පී.සී.ආර්. යන්ත්‍රය වරාය හිටපු සභාපතිට පරිත්‍යාග කළ අවස්ථාව එහි සඟරාවක පළ වී තිබු අයුරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පිටරටින් දෙන දේවල් පාවිච්චි කරන්න එපා. ඒවා දෙන්නේ ඔවුන්ගේ යටි අරමුණු සාර්ථක කරගන්න. දැන් පේනවනේ කොරෝනාවලට වෙලා තියෙන දේ... අපේ සල්ලි ඔක්කොම පිටරටට යනවා. ඔවුන්ගෙ බෙහෙත් මැෂින් ගේන්න...