ප්‍රේමලාල් මැතිසබයට කැඳවිය හැකිද? මරණීය දණ්ඩනය නියමව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මැතිසබයට කැඳවීමට හැකියාව තිබේදැයි අධිකරණය අද හෙටම තීරණය කරනු ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ‘ලංකාදීප’යට ඊයේ (2) පැවැසීය. 03 September 2020
ඉස්සන් ඇති කරන්න අඹකඳවිලත් කඩොලාන විනාශ කරයි ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති. 03 September 2020
යතුරුපැදි - ලොරි අනතුරකින් පුද්ගලයකු මරුට කොට්ටාව නගර මධ්‍යයේ දී අද (3) උදෑසන ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පැදිකරු එම ස්ථානයේදීම මිය ගිය බව කොට්ටාව පොලීසිය පවසයි . 03 September 2020
මාතලේ- මුවගල සංවේදී කලාපයේ ගස් කැපී යැයි විරෝධතාවක් මාතලේ මුවගල කදන්දෙහි පරිසර සංවේදී කලාපය තුළ ගස් කපමින් නව ඉදිකිරීම් සිදුකිරීමට විරෝධය දක්වමින් විරෝධතාවක් තැන්න හන්දියේදී අද (03) වන දින පවත්වන ලදි. 03 September 2020
මෝදිගේ පෞද්ගලික ට්විටර් ගිණුම - වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පෞද්ගලික ට්විටර් ගිණුම, වෙබ් අඩවිය සහ ජංගම දුරකථන යෙදවුම් වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 03 September 2020
මෝටර් රථ අනතුරකින් දෙදෙනෙක් මරුට සිව්දෙනකු ගමන්ගත් මෝටර් රථයක් මහරගම නාවින්න ප්‍රදේශයේදී තාප්පයක ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි 03 September 2020
කේරළ ගංජා කිලෝ 2ක් ත්‍රිරෝද රථයකින් ගෙනයද්දී අල්ලයි කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයකු බෙලිඅත්තේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති. 03 September 2020
’බඩෝවිට වසා’ අත්අඩංගුවට පොලිසිය මගහරිමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’බඩෝවිට වසා’ නමැත්තා හෙරොයින් සමඟ අත්ඉඩිය බඩෝවිට ප්‍රදේශයේදී අද(3) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 03 September 2020
පොල්ගෙඩි පහක ලක්ෂ 50ක හෙරොයින් සඟවලා මොරගහහේන පොලිසියේ නිලධාරීන් ගාල්ල පින්නදුව අධිවේගී පිවිසුම ආසන්නයේ දී ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පොල් ගෙඩි පහක් තුළ සඟවා තිබූ රුපියල් 50 ලක්ෂයකට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ 5දෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරණ සහකාර පොලිස් අධිකාරී අශෝක වීරක්කොඩි මහතා පැවසීය. 03 September 2020
වයිරසයේ නවතම කේන්ද්‍රස්ථානය අසල්වැසි ඉන්දියාව ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමේ නවතම කේන්ද්‍රස්ථානය බවට අසල්වැසි ඉන්දියාව පත්ව ඇත. 02 September 2020
හෙරොයින් සමඟ දේවගැතිවරයෙක් අත්අඩංගුවට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් හෙරොයින් බෙදාහැරීමේ යෙදුන බව කියන දේවගැතිවරයෙකු හෙරොයින් ග්රැම් 300 ක් සමඟ අත්අඩංගුවට ගත්බව මීගමුව පොලිසිය පැවසීය. 02 September 2020
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් යන්ත්‍ර 200ක් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ගෙන යන සටනට සහාය පළ කිරීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය මෙරටට අලුත්ම සහ නවීන පන්නයේ කෘත්‍රීම ස්වසන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 200ක් පරිත්‍යාග කළේය. 02 September 2020
නව ව්‍යවස්ථාව සම්පාදනයට විද්වත් කමිටුවක් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇත. 02 September 2020
ඉන්දියාවේ හිටපු ජනපතිට ශෝකය පළ කරන්න අගමැති ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසට ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්රනාබ් මුකර්ජි මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වෙත ගියේය. 02 September 2020
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන පිරිනැමේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන ‘විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළ’ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී අද (2) පස්වරුවේ පැවැත්විණි. 02 September 2020
පාස්කු කොමිසමේ සාක්ෂි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා මෝසම් දෙකක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මෑතකදී අනාවරණය කළ සාක්කි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම කොමිසන් සභාවේ ලේකම්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසම් දෙකක් ගොනු කර ඇත. 02 September 2020
කලුතර බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියෙක් දොඩංගොඩදී අල්ලයි මීට මාසෙකට පමණ ඉහතදී කළුතර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියකු අද දොඩංගොඩ අක්කර 8 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි. 02 September 2020
මහ වැසි - සුළං හේතුවෙන් පවුල් 2,500 ක් පීඩාවට දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (1) සහ අද (2) දිනවල ඇද හැලුණු මහ වැසි හා හමා ගිය තද සුළං හේතුවෙන් පවුල් 2500 කට පමණ අයත් 10,000 ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 02 September 2020
ප්‍රදේශ රැසකට හෙටත් තද වැසි ශ්‍රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට හෙට (3) දිනයේත් මිලිමීටර 100 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 September 2020
එජාපයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා රුවන් විජයවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන රුවන් විජයවර්ධන මහතා හා එක්ව පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට එක්වන්නැයි සියලුම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියයි. 02 September 2020
වෙළඳ ඇමැති - කැනේඩියානු මහකොමසාරිස් අතර සාකච්ඡාවක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ කැනේඩියානු මහකොමසාරිස් ඬේවිඞ් මැකිනන් මහතා අතර හමුවක් වෙළඳ අමාත්‍යාංශයේ දී අද (2) පැවැත්විණි. 02 September 2020
මහසෝන් බළකායෙන් රිට් පෙත්සමක් ඉකුත් මහමැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත අවසන් ඡන්ද ප්‍රතිඵලය බලරහිතකර එම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත සියලු ඡන්ද පත්‍රිකා ගණන් කරන ලෙසට මහනුවර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීයාට නියෝග කරන්නැයි ඉල්ලා මහසෝන් බළකාය අභියාචනාධිකරණය හමුවේ අද (02) රිට් පෙත්සමක් ගොනු කරන ලදී. 02 September 2020
තමන් ඇතුළු පිරිස නිවරදිකරුවන් යැයි නිශ්ශංක සේනාධිපති කියයි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්‘ පවත්වාගෙන යෑමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් යැයි ‘ඇවන්ට් ගාඩ්‘ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (02) කියා සිටියහ. 02 September 2020
කොරෝනා ආසාදිතයින් 7 ක් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (02) මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3099 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 02 September 2020
20 ට කැබිනට් අනුමැතිය විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 02 September 2020
එජාපයෙන් ඉවත් කළ 38 දෙනා ගැන 10 දා තෙක් පියවර නොගන්න ඉකුත් ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වැනිදා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගෙන , පවතින තත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි අභියාචනාධිකරණය අද (02) දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන්ට දැනුම් දුන්නේය. 02 September 2020
සිංහරාජය වෙනුවෙන් තම ඉඩම හුවමාරු කරගැනීමට යන වනජීවී නෝනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ , දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ඇය සතු එකම ඉඩම ලංකාගම ඉඩමකට හුවමාරු කරගැනීමට කැමති බව තම මුහුණු පොතෙහි සටහන් කර ඇත. 02 September 2020
තරුණ කටයුතු අමාත්‍යංශය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට ගෙන එයි කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තරුණ කටයුතු අමාත්‍යංශය ස්ථාපිත ස්ථානය වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 39 ක මුදලක් ගෙවීම නාස්තියක් බවත් ඒ නිසා තරුණ කටයුතු අමාත්‍යංශය කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට ගෙන ඒමට තීරණය කළ බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (2 ) පස්වරුවේ පැවසීය. 02 September 2020
ගත වූ පැය 48 තුළ කොරෝනා ආසාදිතයින් 80 ක් ගත වූ පැය 48 තුළ විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් 80 ක් කොරෝනා ආසාදිතයින් ලෙස හමු වී ඇති බව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 02 September 2020
‘20 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනි නෑ‘ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මත කරගැනීමට හැකි බවත් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අද (02) දැනුම් දී ඇත. 02 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026