
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 20 රාත්‍රී 10 ට විවෘත කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමග එළවළු මිල ද වෙනදාට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
දිවයින පුරා එළවළු වගා කළ ගොවින් නිශිපාදන දඹුල්ලට රැගෙන ආ අතර රාත්‍රී කාලයේම ආර්ථිකයට ඇතුලත් කර ගැනීමට අවසර ලබාදී තිබිණි . ලැබෙන එළවළු ප්‍රමාණයට අධික ඉල්ලුමක් පැවතීමත් සමග ඉහල මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති .
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 21 දින පෙරවරුව වන විට කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.
බෝංචි 280 -300, ගෝවා 150 ත් 160 ත්, අමුමිරිස් 150ක් 200ත් , ලීක්ස් 140- 160 ත්, දඹල 150ත් 160ක් , කරවිල 280 -300 ත් , කැරට් 140- 150ත් ,වට්ටක්කා 35ත් 45ත් , මාළුමිරිස් 280- 300 පිපිඤ්ඤා80 ත් 90 ත් වම්බටු 140 -150 මෑ කරල් 150 - 160 ලීක්ස් 140 ත් 160 ත්, පතෝල 80 -100 ,වැටකොළු 120 -140, එළබටු 200-220 නොකොල් 90 ත් 110 ත් , මුරුංගා 300 ත් කැකිරි 100 ත් 105 ත් අතර මිලයකට අලවි වන බව වෙළෙන්දෝ කියති .


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.