
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 20 රාත්‍රී 10 ට විවෘත කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය ද ,මිලදී ගැනීම සදහා ගැනුම්කරුවන් විශාල වශයෙන් පැමිණීමත් සමග එළවළු මිල ද වෙනදාට වඩා විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
දිවයින පුරා එළවළු වගා කළ ගොවින් නිශිපාදන දඹුල්ලට රැගෙන ආ අතර රාත්‍රී කාලයේම ආර්ථිකයට ඇතුලත් කර ගැනීමට අවසර ලබාදී තිබිණි . ලැබෙන එළවළු ප්‍රමාණයට අධික ඉල්ලුමක් පැවතීමත් සමග ඉහල මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති .
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 21 දින පෙරවරුව වන විට කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.
බෝංචි 280 -300, ගෝවා 150 ත් 160 ත්, අමුමිරිස් 150ක් 200ත් , ලීක්ස් 140- 160 ත්, දඹල 150ත් 160ක් , කරවිල 280 -300 ත් , කැරට් 140- 150ත් ,වට්ටක්කා 35ත් 45ත් , මාළුමිරිස් 280- 300 පිපිඤ්ඤා80 ත් 90 ත් වම්බටු 140 -150 මෑ කරල් 150 - 160 ලීක්ස් 140 ත් 160 ත්, පතෝල 80 -100 ,වැටකොළු 120 -140, එළබටු 200-220 නොකොල් 90 ත් 110 ත් , මුරුංගා 300 ත් කැකිරි 100 ත් 105 ත් අතර මිලයකට අලවි වන බව වෙළෙන්දෝ කියති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරේ පිටට මරේ වගේ මේ කරදර මැද්දේ තෙල් මිලත් අහස අල්ලන්නට ගියානේ ... ඒකෙන් වුනේ කබලේ හිටපු කෙනා ලිපට වැටීමක්.
දිනකට කුසගින්නෙන් මියයන මිනිසුන්ගේ ගනන් ප්‍රකාශයට පත්කරන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි වගේ.
සැපද? කියලා අහපු මම දැන් නේද?
කෘමිනාශක සහිත ආහාර... මේවා ඔක්කොම විනාශ කරන්න ඕනෑ. එය අනාගත දරුවන් වෙනුවෙන් කළ යුුතුමය.
වවාගෙන කාපල්ලා... පිළිකා, වකුගඩු රෝගවලින් මතුපරපුර බේරගන්න නම් දඹුල්ලේදී විරෝධය දක්වමු. වර්ජනය කරමු... මේ විෂ සහිත එළවළු...
ආණ්ඩුව ආර්ථික ඔස්තාර්ලාගේ වැඩ හින්දා තමයි..
ගොවියාගේ සැනසීම, පාරිභෝගිකයාගේ වැනසීම...
ඔන්න බලාපල්ලා... කල දුටු කල වළ ඉහගන්න එකාලගේ හැටි..