(සුජිත් හේවාජුලිගේ)
රට පුරා සියලූ තැපැල් සේවා කටයුතු හෙට (21) සිට යළි අරඹන තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව ගොඩගැසුණු ලිපි බෙදා හැරීමද අද සිට ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
සියලු තැපැල් කාර්යාලවලින් ජනතාවට හෙට උදේ 9.00 සිට පස්වරු 2 .00 දක්වා සේවා ලබා ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රජයේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ආයතන හා සේවා අතර තැපැල් සේවාව ද ඇතුළත් වේ.
මේ අතර සංචාරණ සීමා පැනවීමත් සමග දිවයින පුරා ලියුම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් සිර වී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd