උඩවලවේ කැළයක දඩමස් කිලෝ 122 ක් - මුව අංතට්ටු - තුවක්කු
උඩවලව ජාතික වනෝද්‍යාන බල ප්‍රදේශයට අයත් තිඹිරියමංකඩ ප්‍රදේශයේ කැළැයක තිබී දඩමස් කිලෝ 122 ක්, මුවන්ගේ අංතට්ටු කීපයක්, තුවක්කු තුනක්, වෙඩි බෙහෙත්, ඊයම් බෝල, අහස් වෙඩි විශාල ප්‍රමාණයක්, ලණු කඹ, බණ්ඩි කියතක්, හැළිවලං ඇතුළු භාණ්ඩ තොගයක් තම බාරයට ගත් බව උඩවලව වනජීවී කාර්යාලය පවසයි.