(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50 ක් පමණ වේගවත් සුළං ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස අයහපත්..., පෑවිල්ලා යහපත් කියන යෙදුම් භාවිතා නොකොට.., වැසි සහිත සහ වැසි රහිත කාලගුණය ලෙස භාවිතය වඩා සුදුසු යැයි සිතමි... කිමදයත් වැස්ස යනු සම්පතක් මිස අයහපතක් නොවන බැවිනි...
අනේ ඇයි වහින්නනේ තියෙන්නේ..!!!