
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුව පළමු වරට අලුත්වැඩියා කළ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුවට හිමි ‘සීජී 405’ යාත්‍රාව ප්‍රධාන අළුත්වැඩියාවෙන් පසුව පසුගියදා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට බාරදුන්නේය.
එම යාත්‍රාවේ අලුත්වැඩියාව 2019 වසරේ ජූලි මස ආරම්භ කර පසුගිය ජුනි මස 11 වැනිදා අවසන් කළ අතර උතුරු නාවික විධානයේදී පළමු වරට සිදුකළ මෙම ප්‍රධාන අලුත්වැඩියා ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක විය. මෙම යාත්‍රාව අලුත්වැඩියාවෙන් පසුව වරාය තුළ සහ මුහුදේ සති දෙකක පමණ කාලයක් පරීක්ෂණ චාරිකාවක නිතරව ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කළේය.
උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යාත්‍රාව නැවත බාරදුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd