(අජන්ත කුමාර අගලකඩ)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයකු වශයෙන් ද ,කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන්ද, කටයුතු කරන ගම්මන්පිල මහතා වෙනුවෙන් පක්ෂයක් වශයෙන් මේ මොහොතේ පෙනී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හැදීමට දැනුමක් සහ වුවමනාවක් තියෙන සහ රටට ආදරය කරන ඇමතියන් සහ ඉහළ සුදුසු තනතුරු දරන්නට පිරිසක් නොසිටීම බරපතල ප්‍රශ්නයක්...!!!
මාධ්‍ය මගින් කතා කරනකොට තෙල මිල වැඩිකිරීමට විරුද්ධව ජනපති පැත්තේ පාර්ලිමේන්තුවේදී ඡන්දෙදි අනික් පැත්තේ
විරුද්ධ නොවී පක්ෂව දුන්නොත් ඊළඟ සතියේ මෛත්‍රී ඇතුලේ...
ඔය පොහොට්ටුවේ එක නියම පිරිමියෙක් නෑ.
මේකත් ප්‍රවෘත්තියක්ද? වරාය නගරය චීනෙට ලියලා දෙන එකටත් මෙයාලා අත ඉස්සුවා නේ.
සජිත්ගේ කණ්ඩායම නියම අනා ගැනිල්ලක් කර ගන්න හදන්නේ... කොහොමටත් ඕකෙන් ගම්මන්පිල දිනනවා. ඒකෙන් වෙන්නේ එයා කියපු විදියටම විශ්වාසය තහවුරු වෙන එක විතරයි. බොරු වැඩ...
තිර නාටකයේ ඊළඟ කොටස ලියලා තියෙන්නේ මෙහෙමයි. " 23 වෙනිදා එක්කෙනෙක් දිවයිනට එනවා. පහුවදා ඉන්ධන මිල තිබුණු ගානටත් වැඩියෙන් අඩුවෙනවා. රට පුරා කිරිබත් කන දර්ශන සහ නොසෑහෙන්න ස්තුති කරන "වොයිස් කට්" ඇතිවෙනකල් සියලුම මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. නායක අනුනායක ස්වාමින් වහන්සේලා, දැන් පලු යන්න බැනබැන ඉන්න ස්වාමින් වහන්සේලා, අනෙකුත් ආගමික නායකයින් පින් දෙන දර්ශන ප්‍රචාරය වෙනවා. ලොකු පුතාත් අප්පුඩි ගහනවා.. අනුරාධපුර වන්දනාවේ යනවා. රතුනූලක් අතේ බැඳගෙන ප්රවෘත්ති සාකච්ඡාවක් තියනවා. අගමැති පුටුවට අත්තිවාරම වැටෙනවා. ඊළඟ පිම්ම ජනාධිපති පුටුවට... " එන්ඩ් ඔෆ් ස්ටෝරි...!!!
ඔක්කොම හොරු තමයි.
සජිත් කණ්ඩායමේ දූරදර්ශී සැලසුමක් මේක... මේ යෝජනාවට විරුද්ධ වෙලාගමට ගිහින් මොනවා කතා කරන්නද? මේ අයගේ අවංක භාවය මැනගැනීමට මෙය හොඳ අවස්ථාවක්...
තෙල්මිල ඉහළ දැමීමෙන් සිදුවන ජනතා අප්‍රසාදය යට ගැසීමට ආණඩුවේම කට්ටිය සැලසුම් කළ මහා ප්‍රෝඩාවක්... විපක්ෂය මේ උගුලට අහුවුණා. මෙවැනි විශ්වාස භංග යෝජනාවලින් දිනිය නොහැකි බව දැනදැනම ඉදිරිපත් කළේ ඇයිද මන්දා...? අනික විශ්වාස භංගය පරාජය වීමෙන් ගම්මන්පිලලාට අනවශ්‍ය පුරාජේරු කථා කියන්න අවස්ථාව සලසා දෙනවා...
සජිත් පිල මේ අවස්ථාවේ බොරු දේශප්‍රේමීන්ට මාලිංග යවන ආකාරයේ යෝකර් පන්දුවක් එල්ල කර ඇත. දැන් සැපද?