
(සුජිත් හේවාජුලිගේ )
ගාල්ලට ගොස් එන්නත් ලබා ගත් බස්නාහිර පළාතේ පිරිස අතර විපක්ෂයේ දේශපාලඥයන්ගේ සමීපතමයන් පිරිසක් සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මේ පිරිස ගැන ආරක්ෂක අංශ වෙනම විමර්ශනයක් අරඹා ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා ඔවුනට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇතැයිද සඳහන් කළේය.
මේ අතර රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය බිඳ දැමීම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශ සෙවිල්ලෙන් පසුවන බවත් ජයසුමන මහතා කීවේය .
ගාල්ලේ එන්නත් සිද්ධිය අනාවරණය වූ වහාම ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා අදාළ නිලධාරින්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව කී රාජ්‍ය ඇමතිවරයා ඔවුනට එරෙහිව තවදුරටත් විමර්ශන සිදුකරන බවද අනාවරණය කළේය .
මේ අතර ගාල්ලෙන් එන්නත් ලබා ගැනීමට ගිය බස්නාහිර පළාතේ පිරිසෙන් බහුතරයක් මේ වන විට හඳුනාගෙන අවසන් යැයි පොලිස් මූලස්ථානය පවසයි .
මේ සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සීසීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීමෙනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මේ හැම ප්‍රශ්නයක්ම හදනනේ විපක්ෂය
බයිලා කියන්න එපා... ඕකෙන් පේන්නේ මේ රටේ ආණ්ඩුව කරන්නේ තම විපක්ෂයේ කට්ටිය කියලා... ඔබතුමා වියත්මගෙන්නේ ආවේ කියලා වැඩක් නෑ..
ආණ්ඩු පක්ෂයේ නම් හෙලි කරනවාට වඩා විපක්ෂයේ අයගේ නම් හෙලිකර දවල් මිගෙල් රෑ ඩැනියෙල් වරු සහ කියනකොට මෙහෙමයි, කරනකොට අරෙහෙමයි, යන අය වහාම ජනතාවට පෙන්වන්න. විපක්ෂයේ අයට මෙවන් වැරැදිවලට කිසිඳු සමාවක් දිය නොහැකියි.
නන්දසේන ජනපති කරගත්ත දවසේ ඉඳලා හැම මගුලම කුමන්ත්‍රණ. අසාර්ථකයි, අසමත්, කරුණාකර රට තවත් අරාජික කරන්නේ නැතුව ගෙදර යන්න.
වියත්මගේ වැඩකිඩ... දැන් සනීපද?
මේ කියන විදිහට විපක්ෂයට නටන්න පුලුවන් නම්, රටේ බලය තියෙන්නෙ කා අතේ ද....? මේ වැඩේ සංවිධානය කරේ කවුද කියල සොයල බලන්න. කලින් දවසෙ "අපි හෙට හාල්ල එන සියලුදෙනාට එන්නත ලබාදෙනව" කියල සෟඛය ලොක්කෙක් කිවුව මතකයි. එන්නත දෙනව කියල ආරංචි වුනහම එක එන්නතක් අරගෙන අනාථ වෙල ඉන්න මිනිස්සු ඒ ගැන උනන්දු වෙන එක අරුමයක් නෙමෙයි.
වෙන රටවල මහාචාර්යවරු එක්ක බලනකොට මෙයාලා කොච්චර දුර්වලද? පට්ටම විතරක්ම සමාන වුණාට ඒ අය කරන්නේ නව නිර්මාණ, පර්යේෂණ වගේ දේවල්... මේ අයගේ දුර්වලතා වහගන්න දේශපාලනය කරලා පාර්ලිමේන්තු එනවා...
අනිවාර්යයෙන්ම විදේශ කුමන්ත්‍රණයක්...!!! ඡන්දෙන් පස්සේ ඇහුණේම නෑ විදේශ කුමන්ත්‍රණ...
ප්‍රාදේශීය සභාවේ සභාපතිට කියලා ලිස්ට් එක හදවාගත්තා නම් මේ අවුල වෙන්නේ නැහැ. අහිංසක මොරටු සමන්ව හිරේ දැම්මා. අනිවාර්යයෙන්ම මේක විපක්ෂයේ කුමන්ත්‍රණයක්...