හිටපු අගමැති රනිල්ගෙන් පැය 4 ක ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් පැය 4 කට පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටත්ව ගියේය. 31 August 2020
මාතලේ හිටපු නගරාධිපතිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න යයි සේවය තාවකාලිකව අත්හිටවු මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් රැගෙනගොස් ඇති ඔහුගේ නිල කැබ් රිය , තවත් කාර් රියක් ඇතුළු කාර්යාල උපකරණ ලබන (02) වන දිනට පෙර නැවත භාර නොදුන්නොත් ඔහුට විරුද්ධව නිතිමය පියවර ගන්නා බවත් නාගරික කොමසාරිස් සමන් කළුආරච්චි මහතා පැවසීය. 31 August 2020
‘චොකා මල්ලී පාර්ලිමේන්තු එනවාද නැද්ද නීතිපතිට තීරණය කරන්න බෑ’ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි ද නැද්ද නීතිපතිවරයාට තීරණය කළ නොහැකි යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. 31 August 2020
මිශ්‍ර-අවශේෂ කසළ කරදියානට බැහැර කිරිම හෙට සිට තහනම් පළාත් පාලන ආයතන හතක කසළ බැහැරලන කරදියාන කුණු කන්දේ භූමි ස්ථායීතාව පිළිබඳව ඇති වූ බරපතළ ආපදා තත්ත්වයක් හේතුවෙන් හෙට (1) සිට ක්‍රියාත්මක වන පරිදි මිශ්‍ර කසළ සහ අවශේෂ කසළ කුණු කන්දට බැහැරලීම තහනම් කර පළාත් පාලන ආයතනයන දැනුවත් කිරීම කළ බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසයි. 31 August 2020
සුළු වැරදි වලට හිරේ ඉන්න අයට ජනපති පොදු සමාව සුළු වැරදි මත බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව දීමට රජය තීරණය කර තිබේ. 31 August 2020
පොඩි ලැසීගේ ගෝලයෙක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට මෙරට ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු වන පොඩි ලැසී නමැත්තා බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු කුඩු ජාවාරමක් වටලා මත් කුඩු සමඟ ඔහුගේ සමීපතයකු වන හිටපු යුද හමුදා නිලධාරියෙකු වන අහංගම ‘කුඩු සූරි‘ ඇතුලු තවත් දෙදෙනෙකු මීටියාගොඩදී අද (31) අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසුදුණු විශේෂ විමර්ශන ඒකකය කියයි. 31 August 2020
පාසල් සිසුවිය අපයෝජනය කළාට කිතල්ඇල්ලේ උද්ඝෝෂණ කිතල්ඇල්ල සහ බොරලන්ද ප්‍රදේශයේ ගම්වැසියෝ පිරිසක් අද (31) බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රධාන මාර්ගය අම්පිටිය මංසන්ධියෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 31 August 2020
යාපනය රෝහලේ සිව්වැනි මහලෙන් වැටී කාන්තාවක් මිය යයි යාපනය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක සිව්වැනි මහලේ සිට බීමට වැටීමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. 31 August 2020
කංජිපානිගේ ගෝලයෙක් මාලිගාවත්තෙන් අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ගෝලයෙක් මාලිගාවත්ත බෝලවත්ත ප්‍රදේශයේ දී මත්කුඩු මිලිග්‍රෑම් 1180 සමග අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි. 31 August 2020
2020 ට අලුත් දේශපාලන පක්ෂ 150 ක් 2020 වර්ෂයට අදාළව දේශපාලන පක්ෂ 150 ක් ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (31) සඳහන් කළේය. 31 August 2020
රනිල් පාස්කු කොමිසමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. 31 August 2020
අලි කඩා වැදී පොල් ගස් 1000ක් වනසති මාතලේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඔරුව ග්‍රාම සේවා වසමට අයත් ගම්මාන රැසකට අලි කඩාවැදී, පොල් ගස් දහසකට අධික ප්‍රමාණයක් දින තුනක් ඇතුළත විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 31 August 2020
ලක්ෂ 35 ’අයිස්’ සමග තිදෙනෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා පැවසීය. 31 August 2020
හදිසි ගංවතුරෙන් ඇෆ්ගනිස්තානයේ 160 ක් මරුට හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 160 දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ද නිවාස රැසක් ගසාගෙන ගොස් ඇතැයි ද ඇෆ්ගනිස්තාන බලධාරීහු අද (30) ප්‍රකාශ කළහ. 30 August 2020
රංජිත් කුමාර විපක්ෂ නායක මාධ්‍ය ලේකම් ලෙස පත් කෙරේ මාධ්‍යවේදී රංජිත් කුමාර සමරකෝන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කොට තිබේ. 30 August 2020
මෙරට කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,000 ඉක්මවයි මෙරටින් හඳුනාගත් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (30) 3,000 ඉක්මවා ගියේය. 30 August 2020
පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැර ඇති පිරිස් කොමිසමේදී කිඹුල් කදුළු හෙළනවා පාස්කු ප්‍රහාරය වළක්වාගැනීම සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර ඇති ඇතැම් පිරිස් දැන් ජනාධිපති කොමිසම හමුවේ කිඹුල් කදුළු හෙළන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (30) පැවැසූහ. 30 August 2020
ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තබයි ලෝක ප්‍රකට ගායිකා ලතා මංගෙෂ්කාර්ගේ නිවස පිහිටි ගොඩනැගිල්ලට සීල් තැබීමට ඉන්දියාවේ මුම්බායි නුවර නිලධාරීන් පියවර ගෙන ඇත . 30 August 2020
තරුණයන් එච්.අයි.වී ආසාදනයට ගොදුරුවීම ඉහළට මෙරට වයස අවුරුදු 19 ත් - 25 ත් අතර පසුවන තරුණයින් අතර එච්.අයි.වී ඒඞ්ස් ආසාදනයවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය. 30 August 2020
ආනවිළුන්දාව ඩෝසර් කිරීම පසුබිමේ සිටි දේශපාලනඥයාගේ සහෝදරයා සොයයි ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබලදීමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි. 30 August 2020
ගාල්ලෙන් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් මාලදිවයින් සේවය කර ඉකුත් 28 වැනිදා මෙරටට පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටී පුද්ගලයන් තිදෙනෙක් සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඔවුන් කෝවිඩ් 19 ආසාදිතයන් බව අද (30) තහවුරු වීමෙන් පසු ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි. ඩී.එච් රෝහලට මාරු කර යැවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 30 August 2020
චොකා මල්ලි බන්ධනාගාර රෝහලට මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 30 August 2020
පක්ෂයේ පසුබෑමට මහලේකම් - නායකයා චෝදනා ලබති පසුගිය මහ මැතිවරණයේදී ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයට වූ පසුබෑමේ වගකීම පක්ෂයේ මහ ලේකම් සහ දෙමළ ජාතික සන්ධාන නායකත්වය විසින් ගත යුතු බවට පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී චෝදනා එල්ල වී තිබේ. 30 August 2020
ඩීව් ගුණසේකර කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි ඩීව් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වි තිබේ. 30 August 2020
සංචාරක ඇමැති මත්තල ගුවන්තොට බලන්න යයි මත්තල ගුවන්තොටුපොළ හරහා අපනයන සංවර්ධන හා සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් අද (30) මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වූහ. 30 August 2020
මුහුණුපොතේ සාදය පැවැත්වූ 28 දෙනා රිමාන්ඩ් මුහුණු පොත හරහා සංවිධානය කරතිබු සාදයක් වටලා කේරල ගංජා සමඟ අක්මිමණ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තරුණ තරුණියන් 28 දෙනා සැප්තැම්බර් මස 9වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා අද (30) නියෝග කළේය. 30 August 2020
වායුසමීකරණයේ දෝෂයකින් ගම්පහ රෝහලේ ශල්‍යකර්ම නවතී ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාරයක වායු සමීකරණ ජල කාන්දුවකින් සියලුම අක්ෂි ශල්‍ය සහ අස්ථි සම්බන්ධ ශල්‍යකර්ම කටයුතු මුළුමනින්ම නවතා දැමීමට සිදුවී තිබේ. 30 August 2020
ලක්ෂ 37 ක සෞඛ්‍ය උපකරණ සජිත්ගෙන් වෑතර රෝහලට රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) දා සිදු කෙරිණි . 30 August 2020
ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 25 ඉක්මවයි ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (30) මිලියන 25 ඉක්මවා ගියේය. 30 August 2020
වාලම්පුරියක් - මැණික් ගල් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට නිධානයකින් ගොඩගත් බවට සැකකෙරෙන වාලම්පුරියක් සහ විවිධ ප්‍රමාණයේ මැණික් ගල් දහයක් සමඟ පුද්ගලයින් තිදෙනකු මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 30 August 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026