(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
සුපිරි වෙළෙඳසල් හරහා මත්පැන් මාර්ගගත ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙළට අවසර ලබා නොදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය
මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසල්වලට අවසරය ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මුදල් අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලීමක් කළේය .
ඔහු එම ඉල්ලීම කර ඇත්තේ විවිධ පාර්ශ්වවලින් ලැබුණු ඉල්ලීම් සහ දීර්ඝ කාලිනව බදු ආදායම් අහිමි වීමේ අවදානම සැලකිල්ලට ගෙනය .
සංචාර නීති ක්‍රියාත්මකවන මේ කාලසීමාවේදී මත්පැන් ඔන්ලයින් ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළහොත් එය කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය ක්ෂේත්රයේ විශාල පිරිසක් රජයට දැනටමත් කරුණු පෙන්වා දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට අන්තර්ජාලය හරහා මත්පැන් මිලදී ගැනීමට ඉඩ නොදීමෙන් කොවිඩ් පාලනය කළ හැකි බව අසන්නට ලැබීම සතුටට කරුණකි.
එහෙනම් ඒකත් හබක්...
ඔන්ලයින් ඕනෙ නැහැ.. සුමානෙකට එක දවසක් බාර් ඇරලා තිබ්බා නම් ඇති. මොකද ඔන්ලයින් ක්‍රමයට දුන්නත් ගමේ මිනිහා කොහොමද ගන්නේ? ඒ මිනිස්සුන්ගේ දරුවන්ට ඔන්ලයින් පන්තියක්වත් කරගන්න බැරිව ඉන්නකොට මොන ඔන්ලයින්ද?
රාජපක්ෂ ආණ්ඩුවේ හැම මඟුලම රිවස්. පිස්සෝ රැලක්. කොහොමත් මෙයාට නම් අරක්කු දැන්ම ඕනෑ වෙන්නේ නෑ. අනුරාධපුරේ සතොසෙන් බෝතල් 800 ක් උස්සලා තිබුණනේ.
මත්පැන් බොන්න හොඳ නැත්තේ කොරෝනා අාසාධිතයින්ට පමණයි. මත්පැන් පානය කරනවා නම් රෝගය බෝවන සම්භාවිතාවය ගොඩක් අඩුයි. මනස්ගාත ඔලුවේ තියාගෙන තීරණ ගන්නේ නැතුව බුද්ධිමත්ව හිතලා මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවියට අවසරය දෙන්න. මත්පැන් හලවල් විවෘත කිරීම නොකළ යුතුයි.
මත්පැන් ඔන්ලයින් ක්‍රමයට සැපයීමේ වැඩපිළිවෙළ කොරෝනා පාලන වැඩසටහනට විශාල බාධාවක් වෙන්නේ කොහොමද මහත්තයා?
කුරුණෑගල පැත්තේ ගිහිල්ලනම් ඔය කතා කියන්න හිතන්නවත් එපා.
ලුම්බිණි වෙත, ඔබේ නම නම් ලුම්බිණි. ඒත් කතාව...?