
(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මුහුදු මගින් රැගෙන ආ බවට සැක කෙරෙන,කහ කිලෝ 860 ක්,සහිත කහ ඇසුරුම් 24 ක් කල්පිටිය තිලඩිය කළපු තීරයේ දී වාහනයකට පැටවීමට සූදානම් කර තිබිය දී අද(17 ) අලුයම සිය බාරයට ගත් බව නාවුක හමුදාව පැවසීය.
කහ තොගය සමග ඒවා පැටවීම සදහා යොදාගැනීමට නියමිතව තිබූ බොලේරෝ වර්ගයේ ජීප් රථය ද නාවිකහමුදා බාරයට ගෙන ඇත.
මෙම කහතොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ 26 ක් පමණ වෙතියි නාවුක හමුදාව කියයි.
සැකකරුවන් පළා ගොස් ඇති අතර ඔවුන් සොයා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
සැකකටයුතු වාහනය සහ කහ තොගය කල්පිටිය පොලිසියට භාර දීමට නියමිත ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd