
(සුජිත් හේවාජුලිගේ)
දරුවන් ඩෙංගු රෝගයට වැඩි වශයෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
පාසල් නිවාඩුව නිසා නිවෙස්වල කාලය ගත කිරීම නිසා දරුවන්ට ඩෙංගු වැළඳීම මෙසේ වැඩි වී තිබෙන බවද පාසල් පරිසරයට සාපේක්ෂව නිවෙස්වල ඩෙංගු තවාන් වැඩි යැයිද ඔහු ප්‍රකාශ කළේ ය.
ඩෙංගු රෝගයේ ලක්ෂණ කොවිඩ් රෝගයේ ලක්ෂණවලට බොහෝ දුරට සමාන වුවත් උණ ,හිසරදය සමග මස්පිඩු වේදනාව සහ ඇස් යට කැක්කුම ඩෙංගු රෝගයේ ප්‍රධාන ආවේණික ලක්ෂණ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දරුවන්ට දින තුනකට වඩා උණ තත්ත්වය පවතී නම් ළඟම ඇති රෝහලකට රැගෙන යන ලෙස මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි .
එසේම යම් සැකයක් පවතී නම් පැය විසි හතරකදී ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කළ හැකි බවද ඔහු පැවැසුවේය.
ඩෙංගු වැලඳුණු දරුවන් දෙතුන් දෙනකු ළමා රෝහලට දිනපතා රැගෙන එන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිපාල් මහත්තයා අපිට කියනන 2019 ඉදලා මේ වෙනකල් කිදෙනක් ඩෙංගු වලින් මැරිලද කියලා ඒවගේම කී දෙනකුට හැදිලා තියනවද කියල