
(සුජිත් හේවාජුලිගේ)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) විශේෂ රැස්වීමක් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 22වැනිදා අඟහරුවාදා පැවැත්වීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.
කෝප් කමිටුව පාර්ලිමේන්තුවට පසුගිය කාලයේදී ඉදිරිපත් කළ වාර්තාවල විවිධ ආයතන සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවර සමාලෝචනයට ලක් කිරීම සහ කමිටුවට ඉදිරියේදී කැදවෙන ආයතන මොනවාදැයි තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පවත්වන බවද ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම කෝප් කමිටු රැස්වීම් ඉදිරියේදී මාර්ගගත ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතය.
ඉදිරි කෝප් කමිටු රැස්වීම්වලට විවිධ ආයතන කැදවෙන අවස්ථාවන්හිදී ආයතනයේ සභාපතිවරයා ගනකාධිකාරිවරයා සහ එම රාජ්‍ය ආයතනය අයත් අමාත්‍යාංශයේ ලේකම් වරයා පමණක් ගෙන්වා ඒවායේ අනෙකුත් නිලධාරීන් මාර්ගගත ක්‍රමයට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් කොවිඩ් අවදානම හේතුවෙන් පසුගිය කාලයේදී රැස් නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳුන් නැති කෝප් හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ.. හොරු රකින හොරු..
මහ බැංකු කේස් එකේ ඩ්‍රාම එක ආයේ පටන් ගනන පීලීස් අපි දිගටම බල බල හිටිය නාට්‍ය