
(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 30ක අගයේ තිබියදී රජයට ඉතිරි වූ ඩොලර් බිලියන 2 ක මුදල යොදවා ඉන්ධන හෝ බෙහෙත් ගැනීමට වයස අවුරුදු 18 ට වැඩි පුරවැසියන් වෙනුවෙන් වවුචර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (17) රජයට දන්වා සිටියේය.
කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිරීමට පටන් ගත් දිනයේ සිට ලෝක වෙලෙඳපොලේ බොරතෙල් මිල දවසින් දවස අඩු වී ඒ තත්ත්වය පසුගිය මැයි මාසය තෙක්ම පැවැති බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අදටත් යහපාලන රජය පැවති 2019 වසරේ තිබූ අගයට ඇවිත් නැති බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා තෙල් වලින් රජය ඉතිරි ඉතිරිකරගත් ඇමෙරිකා ඩොලර් බිලියන දෙක මේ අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුව ඇතැයිද පැවසීය.
වත්මන් රජය යටතේ ඉන්ධන මිල මේ වන විට 2015 යහපාලනය ආණ්ඩුව බාර ගන්නට පෙර පැවති ගණනටම වැඩි කර ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක අන්ශයේ සත පහක් එන්නෙ නැතිව සාමාන්‍ය තත්වයක් වගේ අපනයන ආදායම් විදේශ ප්‍රේරණ නැතිව ඔහේගෙ ආණ්ඩුවක් තිබ්බත් මේ ටිකම නෙමේ මීටත් වඩා අන්තයි..
ඔක ඉතින් ඉලලගනන වෙනනේ අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් තමයි
ඔයාටත් BMW/Benz ගෙනාවේ ඒ සල්ලි වලින් තමයි. දැන් දන්නැ වගේ ඉන්නේ.
මෙයා මේ චාටු බස් කියල අපිව ගොනාට අන්දල පාර්ලිමේන්තුවට හිමින් සීරුවේ රින්ගගන්න හඩන්නෙ
දැන් පාඩුවේ හිටියනම් හොදයි ඉතින්
කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, කොරෝනා මරණ, දැඩි සංචරණ සීමා හේතුවෙන් අහිමි වී ගිය ආදායම් මාර්ග, අධික ජීවන බර, රැකියාවල අවිනිශ්චිත බව, ගිනිගත් නැව හේතුවෙන් ඇතිවූ සංකීර්ණ ගැටලු, මහවැසි ආපදා ඇතුළු අට අනූවක් දෝෂ භංගකර ගැනීමේ අභියෝගයට ඔවුහු මුහුණ දී සිටිති. ඒ අතරේ ආණ්ඩුව ඇතුළේ මතභේද මහජනතාව හමුවේ ගිනිකෙළි සංදර්ශන බවට පත් කිරීම තරම් ඛේදවාචකයක් තවත් නැත.
ඔබට හිතෙන්නැද්ද දැන් රටට ඇනයක් කියලා
රටත් ඉවරයි, පක්ෂයත් ඉවරයි, ඔහෙත් ඉවරයි... දැන් ඉතින් බොරතෙල් කාලය තමයි පටන් අරගෙන තියෙන්නේ..
අපේ මේ පිං මාමා දැන් බබාය..
ඔහේ එන්නත ගහගත්තේ පිනට නේද? එ්කට ඩොලර් 20ක් රජයට වැය වුණා... රටටම ගහන්න ඩොලර් කෝටි 40ක් පමණ යනවා. දෙන්න තිබෙනවාද සාක්කුවේ...?