
(සුජිත් හේවාජුලිගේ)
ජී.එස්.පී සහනය අහිමි වුවහොත් ඒ අවදානමටත් මුහුණ දෙන බව මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය .
ජී.එස්.පී හරහා ලැබෙන්නේ සියයට තුනක පමණ සහනයක් බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජී.එස් පී සහනය යළි ලබා ගැනීමට අදාළ රටවල් සමග මේ දිනවල දීර්ඝව සාකච්ඡා කරගෙන යන බව කී කබ්රාල් මහතා පසුගිය රජය ජී.එස්.පී සහනය ලබා ගත්තේ ඒ රටවල විවිධ කොන්දේසිවලට යටත්වීමෙන් බවටද චෝදනා කළේය.
විදේශයන්හි කොන්දේසිවලට යටවීමට වත්මන් රජයට ජනවරමක් ලැබී නැතැයි ද ඔහු සඳහන් කළේය .
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගනු ලැබුවේ තනි පුද්ගලයකු නොවන බවත් එය ආණ්ඩුවක් හැටියට සියලුම ප්‍රධාන නායකයන් සම්බන්ධවී ගත් තීරණයක් බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
ආණ්ඩුව තෙල් මිල ඉහළ දැම්මේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසා බවත් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පවතින්නේ අඩු මට්ටමක බවත් ඔහු සඳහන් කළේය .
ඉන්ධන මිල වැඩි කර ඇතත් යම් පාර්ශ්වයකට සහන ලබාදීමට අවශ්‍ය නම් ඒ සහන ලබාදීමට නොපැකිලෙන බව පැවසූ කබ්රාල් මහතා කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික බලපෑම අඩු තරමින් තව වසර දෙකක්වත් පවතිනු ඇතැයිද පැවසුවේය .
ව්‍යවසායකයින් සඳහා සිය ව්‍යාපාර දියුණු කර ගැනීමට රාජ්‍ය බැංකු විසින් රුපියල් කෝටි දහසය දහස් හත් සියයක ණය ආධාර සපයනු ලැබ ඇතැයි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලා නිර්භීතයි... බය නැතිව මුහුණ දෙයි. අපියි, අපේ දූ දරුවොයි කුස්සිය මුල්ලේ හැංගිලා බඩගින්නේ බලා ඉන්නම් ඔයාලගේ වික්‍රමයන්... ගැන.
අවදානම තිබෙන්නේ රටේ ජනතාවට මිසක් ඔබට නොවේ...
මෙයා දෙන මුහුණක් නෑ. අපිට මුහුණ දෙන්න වෙන්නේ ...
මෙයාලා මුහුන දෙනවා කියලා ඒ බරත් අහංසක මිනිසු පිට පටවයි
අනේ මග කට මුහුන දෙනවා කියලා බඩු මිල වැඩි කරනවා
ග්‍රීක බොන්ඩ් වල සල්ලි දාලා රටට පාඩු කරපුවා , හෙජින් ගිවිසුම ගහලා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලට වැඩේ දීපුවා අපට අමතක නැ .. එහෙම වෙන්න නම් ආයෙම මැරිලා උපදින්න ඕනි ..
හොදටම පිස්සු
ඒක නම් මෙලහකටත් මහත්තයා හිතන තරම් ලේසි නැහැ
ඔව්... බදු ගෙවන දුප්පත් මහජනතාව "ඒ අවදානමට මුහුණ දෙනවා". ඔයාලා සැප වාහනවල යන්න...
දුර්වල ආණ්ඩුවක්...!!!
ඒ අවදානමට මුහුණ දෙන්නේ ජනතාවනේ... 3%කට මොකටද දිර්ඝ සාකච්ඡා ...? පහුගිය ආණ්ඩුවට gsp වලට අඬන්න වුනේ නුඹලා එදත් ඒක නැති කළ නිසාද..?. මහ ලොකු කතා කතාකරන්නේ.. ලක්ෂ 500වාහන ගේන්න... කතාව. මෙයානේ අර්බුදයට මුහුණ දෙන්නේ.. ගහලා පන්නලා දාන්න ඕනේ ඔය සීනිබෝල කතාවලට...
මේ තමයි මිස්ටර් කටින් බතල. හැබැයි වැඩ බෑ...
ඔව්, ඉතින් කබලෙන් ලිපට වැටෙන්නේ සාමාන්‍ය ජනතාවනේ... ඔබලාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ...