
(නිමන්ති රණසිංහ)
කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළැයි චෝදනා ලැබ නිරෝධායනයට යොමු කර සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි ඇතුළු පිරිස අද (17) දින නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත.
මෙම පිරිස නිරෝධායනය අවසන් කර මේ වන විට පස්සර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව කොළඹ ප්‍රදේශය බලා එමින් සිටින බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ නිතීඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
ඒ අනුව ඔවුන් පැමිණී පසු මානව හිමිකම් කොමිසෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණීල්ලට අදාළ ලිඛිත ලේඛණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නිතීඥවරයා සදහන් කළේය.
එසේම, අධිකරණයෙන් ඇප ලබා දී තිබියදීත් තමන් පොලිස් භාරයට ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් තම මුලික අයිතිවාසිකම් කඩවීම පිළිබදව අභියාචනාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ද තම සේවාදායකයන් බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ...!!!
මේක බලලා අපි දැන් මොකද කරන්න ඕනේ?
මාධ්‍යට මහ ලොකු නිවුස් එකක් වුණාට මෙවැනි හිතුවක්කාර රටේ නීති කඩන පුද්ගලයින්ගෙන් රටේ ජනතාවට ඇති ප්‍රයෝජනය මොකක්ද? මේකද රටේ තියන ලොකුම ප්රශ්නය...?
අර නැවේ ගින්නටත් වඩා විශාල අපේ හදවතේ හටගත් ගින්දර ඒ මොහොතේ නිව්වට ඔබ දෙපළට ස්තූතියි.
මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන් වෙනුවෙන් යැයි කියන එක නිදහස් මාධ්‍ය සංවිධානයක් චමුදිත වෙනුවෙන් පෙනීසිටියාද? මේ හැමෝම පාට පාට කණ්නාඩි පළඳින යැපෙන්නෝ බව අමතක නොකරන්න.
මේ වගේ දේවල් නම් අපිට එපා.
අනේ වාසනාවන් මේ තකතීරු ගොන් පාර්ට් මහජනතාවට දැකීමට තවදුරටත් මාධ්‍ය මගින් බලෙන්ම ලබාදී තිබු අවස්ථාව මෙතැනින් නැතිවෙනු ඇත. එය මාධ්‍ය මගින් මහජනතාවට කරන්නා වූ මහඟු සේවයකි.
මේවාත් ප්රවෘත්තිද?
සල්ලි තිබුණාට මොලේ ගන්න බැහැ...
රටේ ජනතාව විශාල කරදරයක වැටිලා අමාරුවෙන් ජීවත් වන මේ අවස්ථාවේ විවිධ උත්සව සමරන, සර්ව පිත්තල ලෝකවල විකාර ජීවිත ගතකරන ඔබලාව අපි ප්‍රතික්ෂේප කරමු.
අතුල, චමුදිත වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍ය නැහැ. මේ නාඩගම මේ තුන්දෙනා එකට ප්ලෑන් කරලා කරන දෙයක්. රටේ දැවෙන ප්‍රශ්න යට ගහනවා.