(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් අනූ දහසක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් කුප්පි තිහක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
එම කාර්යාලයේ රියදුරකු සහ සුළු සේවකයකු ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
මේ පැමිණිල්ල සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇති අතර හබරාදුව පොලිස් ජනාධිපතිවරයා ද පරීක්ෂණවලට සහාය දක්වනු ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් අමන බල්ලන්....
එතනත් හොරකම්නේ...
උස්සලා නම් කමක් නැ
ඕක මොකක්ද මාෆියා සංගමයක් තම පවුලේ සාමජිකයින්ට එන්නත් කිරීම ස දහා එන්නත් 13,000 පාවිච්චිකලේ රිජ්වේ ආර්යා ලමා රෝහලේ කබඩ් කඩා එ න්නත් ගත් බව මාධ්‍ය වාර්තාකලේ. සමහර විට අර් මාෆියා සංගමය වගේ තම පවුලේ සාමාජිකයන්ට එන්නත් කරගන්ට ගන්ට ඇති. ඇති හැකි බලය ඇති වු න් කලවිට මානුසිකයි අහින්සකයකු කලවිට හොරකමක්.
මහින්ද වෙත.. ඉතින් ඔබතුමාට ඔයතරම් මේක ප්‍රශ්නයක් නම්... දාන්නකෝ පොලිස් පැමිණිල්ලක්... ඔබතුමා කියන්නේ දොස්තරලාගේ අම්මලා... තාත්තලා, ළමයි, මැරුණාට කමක් නෑ කියලාද? සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වල අයටවත් එන්නත් විදගන්න බැරිනම්, ඔවුන් ජීවිත අවදානම ගැන කොරෝනා මර්දනයට මහන්සි වී ඇති ඵලය කුමක්ද?