
(යොහාන් භාසුර)
කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් ඉල්ලීමක් කර ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා පැවසීය.
කිලෝග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 135 කින් ඉහළ දැමීමට මෙහිදී අවසර ඉල්ලා ඇති බව ද දැනගන්නට තිබේ.
කිරි පිටි ඇතුළු ආනයනික භාණ්ඩ රැසක මිල වැඩි කිරීමට ආනයනකරුවන් ඉල්ලීම් කර ඇති බවත් එම කිසිඳු ඉල්ලීමකට මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ. අපට කිරිපිටි අවශ්‍ය නැහැ. ගෙදරටම එවන බෝතලේ ගහල නිදාගන්නවා.
මේක බොරුවක් කිරිපිටි ගණන් යන්නැ
මේ යන විදියට මන්ත්‍රීලා හැර අනික් අය මන්දපෝසණය හැදෙයි වගේ
පිටරටින් ගෙන්වන වසවිස මිශ්‍ර කිරිපිටි ගණන් ගියාට කමක් නැහැ. හැබැයි දේශීය කිරිපිටි මිල නම් වැඩිකරන්න එපා...
හැකි උපරිමයෙන්ම කිරිපිටි වර්ජනය කරන්න වසු පැටියෙක් වුණත් කිරි බොන්නේ අවුරුද්දක් එකහමාරක් පමණයි...
ආණ්ඩුවත් පුද්ගලීකරණය කරන්න.. උපායශීලීව පිටරටින් භාණ්ඩ ගෙන්වීම සීමා කරන්න මේ අය අපොහොසත්...